දේශපාලනයට පිවිසි තමාට පළමුව අතදුන් මාතර දිස්ත්‍රීක්කයේ ජනතාව කිසිඳු දිනෙක අමතක නොකරන බවත්, එහි ජනතාවට සේවය කිරීම සඳහා තමා මාතර ඉසදීන් නගරයේ පදිංචිවීමට තීරණය කල බවත් ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි පවසනවා. දකුණු පළාත් සභා මැතිවරණයට එජාපය යටතේ මාතරින් තරඟ කල ඇය පරාජයට පත්වීම ගැන කල විමසීමකදී ඇය එසේ පැවසුවාය.
තම පරාජය වී නැතැයි
අවධාරණය කල නදීෂා, පළාත් සභාවට තේරීපත්වීමට තරම් මනාප සංඛාවක් නොලැබුනද සති 6ක මැතිවරණ ව්‍යාපාරක් තුලදී 11,000 කට වැඩි මනාප ජන්ද සංඛ්‍යවක් ලබා ගැනීමට හැකිවීම තමා ලැබූ ජයග්‍රහණයක් බව සඳහන් කළා. තම ඊයේ සිටම තමට ආධාර කල හිතවතුන් හිතවතියන් හමුවෙමින් ඔවුනට ස්තුති කරමින් මාතර දිස්ත්‍රීක්කයේ ගමින් ගමට යන බව ද නදීෂා පැවසුවා.
තමා එජාපයෙන් ඡන්ද ලබාගෙන ආණ්ඩුවට එක්වන බවට සමහරුන් ගෙන ගිය ප්‍රචාරය තමාගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩිව බලපෑ බව සඳහන් කල නදීෂා, තමා ප්‍රතිපතිගරුකව එජාප තෝරාගැනීම ජනතාවට තහවුරු කිරීම සඳහා තමා එජාපයේම රැඳී සිටිමින් ජනතාවට සේවය කරන බව අවධාරණය කළා. එසේ නොවුවහොත් අනාගතයේදී සමාජ සේවය කිරීමට දේශපාලනය තෝරාගන්න සහෝදර නිළියන්ට අසාධාරණයක් විය හැකි බවද නදීෂා සඳහන් කරනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී බල පෙරළියකට මුල පුරමින් කොළ එලි දැල්වූ සැමට ස්තුති කරන බවද නදීෂා වැඩිදුරටත් පැවසුවා.

0 comments:
Post a Comment