“අසවලා අන්තරා වෙලා”
ඔබගේ ඥාතියකු නැත්නම් අසල්වැසියකු මිත්‍රයකු ඔබට මේ වගේ ආරංචියක් අනපේක්ෂිත අන්දමින් පවසන්න පුළුවන්.
මරණයට පත් වූ පුද්ගලයා කලක් තිස්සේ රෝගීව සිටි අයකු නම් ඔබ එයට හේතුව නොවිමසන්නට ඉඩ ඇති මුත් සාමාන්‍යයෙන් ඕනෑම අයකු හදිසියේ මිය ගිය බව අසන්නට ලැබුණු විට අප විමසන පළමු පැනය වන්නේ මරණයට හේතුව මොකක්ද? යන්නයි. එවිට ඔබට ලැබෙන පිළිතුර “හෘදයාබාධයක්, විෂ බිජයක් ගිහින්, නියුමෝනියාව, මොළයේ නහරයක් පිපිරිලා, හදිසි අනතුරක් ආදි කුමක් හෝ විය හැකියි.
මෙසේ මරණයට මුල්වන සමහර හේතු හරිම සුලබයි. තවත් හේතු දුලබයි. ඒ වගේම සමහර හේතු ස්වභාවිකයි. අස්වාභාවික හේතුනුත් තිබෙනවා.
නමුත් මේ කුමන ආකාරයකට කුමන රෝගයකින් මිය ගියත් ඕනෑම කෙනකු මිය යන්නට බලපාන්නේ කාරණා තුනක් පමණයි. එනම් අපේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රියයන් තුන වන මොළය, හෘදය වස්තුව සහ පෙණහලු අකර්මණ්‍ය වීම තුළිනුයි. අපට මාරාන්තික විය හැකි රෝග අනන්ත අප්‍රමාණ තිබිය හැකි මුත් අප මරණයට පත් වන්නට නම් ඒ රෝගය මත ඉහත කී ඉන්ද්‍රියයන් තුන අකර්මණ්‍ය විය යුතු වෙනවා. එසේ නොවුණහොත් ඒ මොහොතෙ ඒ පුද්ගලයා මිය යන්නේ නෑ.
කෙනෙකු මරණයට පත් වූ බව හරියටම කිව හැක්කේ ඒ පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය සදහටම අක්‍රිය වීමෙන් සහ එය නැවත පණ ගැන්විය නොහැකි වූ විටයි. මෙය මොළයේ මරණය ලෙස දක්වනවා. මෙසේ මොළයේ මරණය සිදුවන අවස්ථාවේ රෝගියා කෘත්‍රිම ශ්වසන උපකරණයකට සම්බන්ධ කර තිබුණේ නම් මොළය මිය ගියත් රෝගියාගේ හෘදයේ අනිකුත් ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය තව දින ගණනක් වුණත් තියෙන්නට පුළුවන්. ඒ නිසාම රෝගියා තවම මිය ගොස් නැතැයි පවුලේ ඥාතීන් උපකල්පණය කරන්නටත් පුළුවන්. නමුත් මොළය මිය ගොස් ඇත්නම් එහි අදහස රෝගියා මරණයට පත් වී ඇති බවයි.
හෘදය වස්තුව වැඩ කරනවා නම් කොහොමද එයා මිය ගිය කෙනෙක් කියලා කියන්නෙ?
මෙය ඔබගේ ඊළඟ පැනය විය හැකියි.
මීට මෙබඳු පිළිතුරක් දිය හැකියි. රෝගියාගේ හෘදය වස්තුව ක්‍රියාකාරීව පවතින නිසා කෘත්‍රිම ශ්වසන උපකරණය රෝගියාගෙන් ඉවත් කළේ යැයි සිතන්න. එවිට විනාඩි කිහිපයක් තුළ රෝගියාගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයද නතර වී හෘද ස්පන්දනය නවතිනවා. ඒ රෝගියා මිය ගොස් සිටින නිසයි.
මරණයට පත්වන විට මුලින්ම සිදුවන්නේ මොළය, පෙණහලු සහ හෘදය වස්තුව යන ඉන්ද්‍රියයන් තුනෙන් එකක් අක්‍රිය වීමයි. එම ඉන්ද්‍රිය අක්‍රිය වීමත් සමග අනෙක් ඉන්ද්‍රියයන්ද විනාඩි කිහිපයක් ඇතුළත අක්‍රිය වන්නට පටන් ගන්නවා.
අපි මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගනිමු.
හෘදයාබාධයක් හෝ හෘද රිද්මයේ විශාල වෙනසක් ඇතිවූ විට මුලින්ම අක්‍රිය වන්නේ හෘදය වස්තුවයි. නමුත් ඒ සමගම පෙණහලු සහ මොළයත් අක්‍රිය වී රෝගියා මිය යනවා.
නියුමෝනියාව, ඇදුම වැනි රෝගයක් උත්සන්න වීම කරවලා, නාගයා වැනි සර්පයකුගේ උග්‍ර විෂ ශරීරගත වීම, කෘමිනාශක ශරීරගත වීම වැනි හේතුවලදි ශ්වසන පද්ධතිය මුලින්ම අක්‍රිය වීම සිදුවෙනවා. ඒ සමගම මොළය සහ හෘදය වස්තුවත් අක්‍රිය වීමෙන් රෝගියා මිය යනවා.
මොළයේ මැලේරියාව, මොළයේ උණ වගේම කුමක් හෝ හේතුවක් මත මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම වැනි අවස්ථාවලදී මොළය මුලින්ම අක්‍රිය වී ඒ සමගම හෘදය වස්තුව සහ පෙණහලුත් අක්‍රිය වෙනවා. ඒ අනුව රෝගියාගේ මරණය සිදු වෙනවා.
ඕනෑම කෙනෙකුගේ මිය යාමක් සිදුවන්නේ මෙලෙසයි. නමුත් රෝගියා මිය යාමට තුඩුදුන් හේතුව ලෙස අප දක්වන්නේ ඊට බලපෑ මුල්ම හේතුවයි. එනම් සර්පයකු දෂ්ට කිරීම නිසා කුමක් හෝ ඉන්ද්‍රියයක් අකර්මණ්‍ය වීම මත රෝගියා මිය ගියේ නම් මිය යාමට හේතුව ලෙස අප දක්වන්නේ සර්පයා දෂ්ට කිරීමයි. නමුත් රෝගියා මිය ගියේ කුමන ඉන්ද්‍රියයක් අකර්මණ්‍ය වීමෙන්ද යන්න වෛද්‍යවරයෙකුට මිසක් සාමාන්‍ය ජනතාවට එතරම් වැදගත් වන කාරණයක් නොවෙයි. හේතුව ඒ තරම් ගැඹුරට ගියත් නැතත් රෝගියාගේ ජීවිතය අවසන් වී ඇති නිසයි.
lakbima -

0 comments:
Post a Comment