බලවත් ඇමති කමක් දරන මැණික් පුරේ ඇමති නෝන කෙනෙකුට උප අැමති මහත්තය ප්‍රසිද්ධ රැස්වීම්වල කැත වචනෙන් බණිනවලු.
කන්තෝරුවෙ හතරමායිම් බෙදාගන්න රණ්ඩුවෙන මේ දෙන්නගෙ ආරෝවට දිස්ත්‍රික්කෙ මනාප ප්‍රශ්නෙත් බලපාලා.....
ඇමති නෝන කරන්න තියෙන විවෘත්ත කිරීම් උප ඇමති මහත්තය ගිහිල්ල බලෙන්ම කරනව කියලත් ආරංචියි.... අන්තිමේ බැරිම තැන ඇමති නෝන ඇස්වල කඳුළු පුරෝගෙන ගිහිල්ල ලොකු මහත්තයට මේ අවනඩුව කිව්ව.... උන්නැහේ පොඩි ඇමතිත් ගෙන්නුව. විභාගෙ පටන් ගත්ත....
සර් මෙයාට කියන්න මම මේ කන්තෝරුවෙ ඇමත් හැටියට පිළිගන්න කියල... දැන් මෙයා යනයන තැන මට තිත්ත කුණුහරුපෙන් බණිනව සර්... ඇමති තුමිය තමන් දන්න හැට හතරෙන් එකක් දෙකක් දාල බැලුව... ගල් ගිල්ල වගේ ඉන්න උප ඇමතිගෙ මූණ කළු වෙලා...
ඇත්තද අයිෂෙ මේ කතා මම දන්නව තමුසෙ ගැන තමුසෙ මම යවනව මෙතනින් මෙහෙම වැඩ කරන්න පුළුවන්ද කියල ලොකු මහත්තය ලොකු සද්දයක් දැම්ම. කියනව කියනව තමුසෙ ගන්න කැමති තැන... මම එතෙන්ට තමුසෙව දමන්නම්. ආයෙම ලොකු මහත්තය කීව....

වැඩේ සීරියස් වේගෙන එනකොට එනපොට හොඳ නැති බව පොඩි ඇමතිට තේරුණා. අනේ සර් මාව එක පාරට මෙතනින් යවන්න එපා... ළඟදි ඡන්දෙත් එනවනෙ... අනේ සර්... පොඩි ඇමති පින්සෙන්ඩු වුණා.
නෑ සර්... මම ආයෙත් රණ්ඩුවලට යන්නෙ නැහැ... එයා පොරොන්දුවකුත් දුන්න.
මේ පොරොන්දුව කඩන්න එපා කියල ලොකු තැන දැඩිව අවවාද කළා. හැමදාම ජයගන්න පොඩි ඇමත් තුමා මේ පාර නෝනට පරාද වුණා.
කෙළි සෙල්ලම් වැඩ ගැන ප්‍රසිද්ධ දේශපාලන ලොක්කෙක් ජැන්ඩියට ඇඳ පැළඳගෙන රටේ තියෙන ලොකුම මන්දිරේකට ගියා ලොකු මහත්තය හම්බුවෙන්න...
එයා යනකොට වෙනත් දේශපාලන ලොක්කො දෙතුන් දෙනෙක් එක්ක ලොකු මහත්තය බර කතාවක වැටිලයි හිටියෙ.
ඔන් ඒ ගමන මුන්නැහේ මෙිං ලොකු තැන ළඟට ගිහින් තමන් ආපු කාරණේ ගැන කියල ගනුදෙනුව හමාර කරගෙන යන්න ලෑස්ති වුණා...
උන්නැහේ ඇඳල පැළඳල හිටපු ලස්සන ඇඳුම් කැඩුම් දිහා බල "ෂ: හරි ලස්සනට ඇඳල ඉන්නෙ" කියල ලොකු තැන පොඩි විහිළුවකුත් කළා.
"ඔව් සර්. අපි තාම කොල්ලොනේ" කියපු ඇමති තුමා යන්නම් කියල ලොකු මහත්තයගෙන් සමුගත්ත.
ඇමතිතුමා පිටවෙලා යනකොට ලොකු මහත්තයගෙ ඇස් දෙක ගියේ එතුමා දාගෙන හිටපු වටිනා සපත්තු කූට්ටමට....
සපත්තු කූට්ටම දැක්ක ලොකු මහත්තයට ඉබේම සිනා පහළ වුණා. ඉතින් මේ හිනාව ගැන ළඟ හිටපු දේශපාලන ලොක්ක ප්‍රශ්න කළා.
"ඇයි සර් හිනාවෙන්නෙ..." උන්නැහේ ඇහුව.
"නෑ..... නෑ.... අරය දාගෙන හිටපු සපත්තු කූට්ටම දැක්කමයි හිනා ගියේ. " කියල ලොකු මහත්තය කිව්ව....
"දන්නවද ඒකෙ වටිනාකම... රුපියල් එක් ලක්ෂ පනස් දාහයි. අරගෙන තියෙන්නෙ අහවල් රටේ අහවල් සාප්පුවෙන්. ඕකට එයා ගෙවපු මිල සඳහන් බිලේ කොපියකුත් මට කව්ද එවල තිබුණ..."
ලොකු මහත්තය කරුණු පැහැදිළි කළා.
ඒක අහපු දේශපාලකතුමාට ඉබේම මෙහෙම කියවුණා.
"කොච්චර ආඩම්බරද සර් අපේ ආණ්ඩුවෙ මෙච්චර වටින සපත්තු දාන කෝටිපති ඇමතිවරු ඉන්න එක. නේද...?"
(උපුටා ගැනීම දේශය පුවත්පතිනි.)

0 comments:
Post a Comment