ජනප්‍රිය බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට ඔවුන්ගේ නියෝජිතයින් චෝදනා කර තිබේ.අමෙරිකානු මාධ්‍යවල දැක්වෙන්නේ, සයිබර් සොරුන් (hackers) විසින් මෙය කරන ලද බවට තොරතුරු හෙළිවී ඇති බව ය.
ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන් ඇතුළු පිරිසකගේ නිරුවත් ඡායාරූප එලෙස ප්‍රසිද්ධ කර තිබේ.
ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නියෝජිතයා සඳහන් කර තිබේ.
ජෙනිෆර් ලෝරන්ස් සහ රිහානා හැරුණුවිට ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් ඇතුළු පිරිසක් ද මෙයට හසුවී ඇත.







0 comments:
Post a Comment