facebook like

හෙළ උරුමය ගැන කියන්න ආ ජාතික පවුරට බාධා

ජාතික හෙළ උරුමයට සහය දැක්වීම සඳහා ජාතික පවුර සංවිධානය  කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බාධා එල්ලවුණා. ඒ, මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රය අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා වෙන් කර ගෙන තිබුණද එය පැවැත්වීමට එහි පාලනාධිකාරිය ඉඩ ලබානොදීම හේතුවෙන්.  මෙම මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා ජාතික පවුර සංවිධානයේ කැඳවුම්කරු සුනිල් අලූත්ගේ සහ එහි කැඳවුම්කාර මණ්ඩලය නියෝජනය කරමින් තවත් සාමාජිකයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ සිටියා.

මෙහිදී සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසා ඇත්තේ යම් සංවිධානයකට විරුද්ධව අදහස් පළ කරන බවට තමන්ට ලද තොරතුරක් මත එම මාධ්‍ය හමුව පැවැත්වීමට එම අවස්ථාව ලබාදීමට නොහැකි බවයි. පසුව එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සමග එම ආයතනයේ පිවිසුම් දොරටුව අභියස සිට මාධ්‍යයට කරුණු දැක්වීමට ඔවුන්ට සිදුවුනා. එහිදී අදාළ මාධ්‍ය හමුව පැවැත්වීමට සමාජ හා සාමූහික කේන්ද්‍රය වෙන් කරගෙන තිබුණද ඊට බාධා එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික පවුර සංවිධානයේ ප‍්‍රධාන කැඳවුම්කරු සුනිල් අලූත්ගේ.

‘‘ආයතන ප‍්‍රධානියා මෙච්චර දවස් එකඟවෙලා ඉඳලා මාධ්‍ය ආවට පස්සේ බැහැ කියනවානම් ඒක බරපතල ප‍්‍රශ්ණයක්. එතුමාගෙන්ම අහන්න  ඕන කවුද කිව්වේ කියා තියන්න එපා මොකක්ද හේතුව කියලා. මොකක් හරි බලපෑමක්, තර්ජනයක් තියෙනවා කියන එකයි අපට තේරෙන්නේ.’’

මේ සම්බන්ධයෙන් පසුව මාධ්‍යවේදීන් සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ අශෝක් ස්ටීවන් පියතුමාගෙන් ද විමසීමක් කළා.  උන්වහන්සේ කියා සිටියේ...... ‘‘එක්තරා පුද්ගලයෙකු මට කථා කළා. පස්සේ මේ ශාලාව බුක් කළා. ඔහු මාව හොඳට දන්න කෙනෙක්. ශාලාව බුක් කළාම මම ඔහුට ශාලාව දෙන්න එකඟවුණා. ඔහු අපට යම් කිසි මුදලකුත් ගෙවන්න පොරොන්දු වුණා. අද ඔහුත් නැහැ. නමුත් මට යම්කිසි දුරකථන ඇමතුමක් ආවා. ඒගොල්ල කතා කරලා කිව්වා මේක යම් කිසි සංවිධානයකට විරුද්ධව කරන මාධ්‍ය සාකච්ඡුාවක් බව. ඊට පස්සේ මම කල්පනා කළා ආයතනයට යම්කිසි හානියක් වෙයිද කියලා.’’

කෙසේ වෙතත් සමාජ හා සාමූහික කේන්ද්‍රයේ පිටත සිට ජාතික පවුර සංවිධානයේ ප‍්‍රධාන කැඳවුම්කරු සුනිල් අලූත්ගේ මාධ්‍ය වෙත වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

 ‘‘මේ රටේ අද ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවාද කියන එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාවට පරමාධිපත්‍යය බලය අවශ්‍යයි. ඒක ලැබුනොත් පමණයි මේ රටේ නිදහසේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. ’’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive