facebook like

මාලක සමඟ පැමිණි අය ගැන සෝදිසි -පොලිසිය

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දෙනු ලැබූ බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පසුගිය සෙනසුරාදා පහර දීම සිදු වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී.
මෙහිදී අගතියට පත් පාර්ශවය ලෙස හතළිස් තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය හඳුනා ගෙන ඇති බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටින්නේ.
මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මාලක සිල්වා සමඟ මෙම රාත්‍රි සමාජ ශාලාවට පැමිණි තවත් පිරිසක් ඉහත කී පහර දීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.
ඉහත කී රාත්‍රි සමාජ ශාලාවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියෙන් ලබා ගත් වීඩියෝ දර්ශන ද පොලිස් විමර්ශන සඳහා යොදා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive