facebook like

විපක්ෂ අපේක්ෂකයාට සහාය දෙන්න සිදුවේවි - හෙළ උරුමය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ජාතික හෙළ උරුමය ඉදිරිපත් කොට යෝජනාවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමැතිය පළ නොකරන්නේ නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහාය දීමට සිදු වනු ඇති බව අතුරලියේ රතන හිමියෝ පවසති.
කෙසේ නමුත් පක්ෂය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසාන තීරණයකට එළැඹ නැති බව අවධාරණය කරන එහිමියෝ, 'මහින්ද චින්තන' ප්‍රතිපත්තියෙන් එකඟ වී තිබෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීම පිණිස විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව ලබන බදාදා කොළඹදී දැවැන්ත රැළියක් පවත්වන බවද බීබීසී සංදේශයට පැවසූහ.
"අපි 15 වෙනිදා වෙනකොට මුළු ජාතික බලවේගම එක තැනකට එක්කාහු කරලා ඊළඟ පියවර, ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනාධිපතිවරණයක් කැඳේවුවොත් එය පරාජය කරන්නේ කොහොමද කියන කතිකාවතට එළඹෙනවා," යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ.
මීළඟ ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂයේ යෝජනා ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති සාකච්ඡාවේදී ප්‍රතිඥා දුන්නත්, එය තමන්ට පිළිගත නොහැකි බවයි පක්ෂයේ සභාපති හිමියන් පවසන්නේ.
'දෙන්නං කාසිවලට'
"අපි දැන් දෙවරක් ඡන්දේ ඉල්ලලා, අපිට තුන් වෙනි වර සදාචාරාත්මක අයිතියක් නැහැ තුන්වෙනි වරටත් එතුමත් එක්ක දෙන්නං කාසිවලට මේ කටයුත්ත කරන්න," යනුවෙන්ද රතන හිමියෝ සඳහන් කළහ.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතා හඳුනාගෙන යලිත් වතාවක් ජනපති පදවියට පත්විය යුතු සුදුස්සා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පසුගිය සතියේ සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් පිළිබඳව තමන් වහන්සේ දැනුවත් නැති බවයි.
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පෙන්නන්න පුළුවන් නම් ඔබතුමා ඡන්දේ ඉල්ලල පරදිනවා කියල එතුමා නැමෙයි," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.
ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ නොවන්නේ නම් විරුද්ධ පක්ෂ අපේක්ෂකයකුට සහාය දීමට සිදුවනු ඇති නමුත්, විපක්ෂයද තවමත් අපේක්ෂකයකු නම් කොට නොමැති බැවින් එය ඉදිරි සතියේ තීරණය කෙරෙනු ඇති බවත් සභාපති හිමියෝ සඳහන් කළහ.
එම ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතභේදයක් නොමැති බවයි, අතුරලියේ රතන හිමියන් අවධාරණය කරන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive