facebook like

මහ රෑ ක්ලබ්වලට ගිහින් ඇමැති පුත්තු මොනවද මේ කරන්නේ

කොළඹ නගරයේ රාත්‍රි සමාජශාලා කිහිපයක් පිහිටා තිබේ. එම සමාජ ශාලාවලට විවිධ තරාතිරම්වල පුද්ගලයෝ පැමිණෙති. රාත්‍රි සමාජ ශාලාවකට පැමිණෙන අයකුට විනෝද වීමට අංශ කිහිපයක් තිබේ. එලෙස විනෝද වීමට ඇති අවස්ථා රාත්‍රි සමාජ ශාලාවෙන් ශාලාවට වෙනස් වේ.රාත්‍රි සමාජ ශාලාවකට යම් පුද්ගලයකුට ඇතුළුවීමට අවශ්‍ය නම් මුලින්ම මුදල් ගෙවා ඇතුළු වීමේ ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතුවේ.එසේ ඇතුළු වූ සැණින් අදාළ පුද්ගලයා අත්පත් කරගැනීමට විවිධ විලාසිතාවලින් සැරැසුණු සුරූපී තරුණියෝ මාන බලති. ඒ අනුව අසුනක වාඩිවෙන පුද්ගලයා සමඟ සුහද පිළිසඳරක යෙදෙන තරුණිය "බොන්නෙ මොනවද? විස්කි එකක් ගහමු නේද? හොඳ බෝතලයක් ගත්තොත් ඔයා කැමති තව කෙල්ලෙක් මෙතෙන්ට අරන් එන්නම්" වැනි වදන් පවසමින් හොඳ බිලක් දමා ගැනීමට උත්සාහයක නිරත වෙයි.


එලෙස මිලදී ගන්නා මත්පැන්වලින් සප්පායම් වන අතරේ නර්තනයක යෙදීමටද ආරාධනා කිරීමට තරුණිය අමතක නොකරයි. විවිධ භාෂාවලින් යුත් ගීත අඩංගු දැඩි ඩී.ජේ. හඬ මධ්‍යයේ තම රුචිය අනුව නැටීමට රාත්‍රි සමාජශාලාවල නර්තන වේදිකාවන්ද නිර්මාණය කර තිබේ.
බම්බලපිටිය පොලිස් වසමේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස් හෙවත් අර්ඕ නමින් ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවට ඉකුත් ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රියේ බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් ප්‍රැන්සිස් කාසර්ලි ඔහුගේ පෙම්වතිය වන බි්‍රතාන්‍ය ජාතික බිලින්දා මැකන්සි කැටුව එන්නේ තම උපන්දිනය සැමරීමටයි. බි්‍රතාන්‍ය ජාතික යුවළ උපන් දිනය සමරමින් කමින් බොමින් විනෝද වෙමින් සිටිති.


රාත්‍රිය ගතවෙමින් තිබිණි. සමාජ ශාලාව තුළ 400ක් පමණ දෙනා සතුටුවෙමින් සිටියහ. දැන් වේලාව අලුයම 01ට පමණ වන්නට ඇත. රාත්‍රි සමාජ ශාලාවලට පැමිණ නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා හුරුපුරුදු අයෙක් තම සහචරයන් හා ආරක්ෂකයන් සමඟ පැමිණියහ. ඒ අන් කවරකුවත් නොව ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක මනෝජ් සිල්වා ඇතුළු පිරිසකි.
"උඹලා දන්නෙ නැද්ද මම ඇමැති මර්වින්ගෙ පුතා" යනුවෙන් පැවැසූ මාලක සිල්වා සිය පිරිස සමඟ රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වූයේය.
මාලක සිල්වා සමඟ 07 දෙනකු සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.


රාත්‍රි සමාජ ශාලාව තුළ තම පෙම්වතා සමඟ විනෝද වෙමින් සිටි බි්‍රතාන්‍ය ජාතික බිලින්දා මැකන්සි තමා රුචි කරන බටහිර ගීතයක හඬ ඇසී නර්තනය සඳහා සූදානම් කර තිබූ වේදිකාවට පැමිණියාය. ඒ වන විට මාලක සිල්වා තම පිරිස සමඟ මත්පැන් බී විනෝද වෙමින් සිටි අතර සුදු ජාතික තරුණියගේ නර්තනය මාලක සිල්වාගේ නෙත ගැටිණි.
"පොඩ්ඩක් ඉඳපන් මචං. මම සුද්දිත් එක්ක ටිකක් නටලා එන්නම්" තම මිතුරන්ට කී මාලක සිල්වා නර්තන වේදිකාවට ගොඩ වී සුදු ජාතික තරුණිය සමීපයට ගොස් නර්තනයක නිරත විය.
ටිකෙන් ටික සුදු ජාතික කාන්තාවට සමීප වූ මාලක සිල්වා ඇයව සිපගත් බවත්, පසුව පියවරෙන් පියවර ඇයගේ ශරීරය ස්පර්ශ කළ බවත් සිද්ධිය ඇසින් දුටු ඇතැමෙක් පවසති.
ඩී.ජේ. සංගීතයට නටමින් සිටි සුදු ජාතික තරුණියගේ අඟපසඟ සිප ගැනීමට මාලක සිල්වා උත්සාහ කළ බවත් එහිදී සුදු ජාතික තරුණිය සිය පාදයෙන් වැරෙන් පහරක් මාලක සිල්වාගේ යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බවත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.


පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්වූ අර්ඕ රාත්‍රි සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට හේතුව මෙය බවද සැලකේ. සුදු ජාතික තරුණියගේ පහරකෑමට ලක්වූ මාලක සිල්වා ඉන් අනතුරුව ඇයට දිගට හරහට පහරදී ඇති බවත් එයින් කෝපයට පත් සුදු ජාතික තරුණියගේ පෙම්වතා වන බි්‍රතාන්‍ය ජාතිකයා මාලක සිල්වාව බිම වැටෙන්නට පහරදුන් බවත් සිද්ධිය ඇසින් දුටු ඇතැමකු ප්‍රකාශ කර තිබිණි. එහිදී මාලක සිල්වාගේ හිතවතුන් බි්‍රතාන්‍ය ජාතිකයාට පහරදී තිබෙන අතර පසුව ඔවුන් පලාගොස් තිබිණි.
බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවකදී බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහර දී තුවාල කර ඇතැයි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දැනුම්දීමක් ලැබෙන්නේ මේ අතරය. එම පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කළේය.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රිදම් ඇන්ඩ් බ්ලූස් අර්ඕ රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වන ඇන්තනි රසල් ප්‍රනාන්දු සොයා යන්නේ ඇතිවූ සිද්ධිය ගැන විමසා ප්‍රකාශයක් සටහන් කරගැනීමටය.


"අර්ඕ රාත්‍රි සමාජ ශාලාව පවත්වාගෙන යන්නේ මම. අපේ ක්ලබ් එක රෑ 7 සිට උදේ 3 වෙන තෙක් ඇරලා තියෙනවා. එන ගෙස්ට්ලාට අපි විදේශීය මත්පැන් හා ආහාරපාන අලෙවි කරනවා" යැයි ඇන්තනි රසල් ප්‍රනාන්දු මහතා පොලිසිය හමුවේ කීවේය.
"අද උදේ වුණු සිද්ධිය මතකද?" ප්‍රකාශය සටහන් කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙක් රසල් මහතාගෙන් විමසීය.
"ඔව්. අද උදේ 01ට විතර ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුතා මාලක සිල්වා තවත් කට්ටියක් එක්ක ක්ලබ් එකට ආවා. මාලක ඇතුළු කට්ටිය මත්පැන් බිව්වා. ඒ වෙලාවේ ක්ලබ් එක ඇතුළේ 400ක් පමණ ගෙස්ට්ලා හිටියා. අපේ ක්ලබ් එකට පිටරට අයත් එනවා. එදත් ඇවිල්ලා හිටියා. සුදු ජාතික යුවළක් ඒ වෙලාවේ අපේ 'ඩාන්සින් ෆ්ලෝ' එකේ නටමින් සිටියා. ඒ වෙලාවේ මාලක සිල්වාත්, ඔහු සමඟ පැමිණි පිරිස සමඟ නටන්න ගත්තා. එක පාරටම මාලක සිල්වා සුදු ජාතික කාන්තාවට පහර දුන්නා. මාලක සිල්වා තමාට පහර දෙන බව සුදු ජාතික කාන්තාව කිව්ව නිසා අපගේ ආරක්ෂකයන් ලවා ඔවුන් දෙපැත්තකට කළා. එම සුදු ජාතික කාන්තාව සමඟ සිටි සුදු ජාතිකයා තම පෙම්වතියට පහර දීම ගැන දැඩි කේන්තියෙන් පසුවූවා. මාලක සිල්වා සුදු ජාතිකයා සිටි ස්ථානයෙන් ගමන් කරන්න හදනකොට සුදු ජාතිකයා මාලක සිල්වාට ගැහුවා. මාලක සිල්වා බිම ඇදගෙන වැටුණා. මේ සිද්ධිය දුටු ගමන් මාලක සමඟ සිටි පිරිස සුදු ජාතිකයාව වට කරගෙන ගැහුවා. මේ සිද්ධිය ක්ලබ් එකේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ඛ්ඛ්ඊඍ පටිගත වී තිබෙනවා" යැයි ඇන්තනි රසල් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.


මාලක සිල්වා ඇතුළු පිරිස රාත්‍රි සමාජ ශාලාව තුළ සිටි බවට එහි සිටි අයකුගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
අදාළ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරීන් මෙම සිද්ධියට භාජන වූ විදේශීය ජාතික යුවළ සොයා ඔවුන් පදිංචිව සිටි නුගේගොඩ, උඩහමුල්ල ප්‍රදේශයේ නිවෙසට ගියේය. එහිදී එම යුවළ පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ පැමිණිලි කිරීමට ඇතිවූ බිය නිසා තුවාලවලටද ප්‍රතිකාර නොගෙන නිවෙසට වී සිටි බවයි.


අනතුරුව පොලිස් පරීක්ෂණ කණ්ඩායම බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් ෆ්‍රැන්සිස් මහතාගේ ප්‍රකාශයක් ලබා ගත්තේය.
"මම ලංකාවේ ඉන්ජිනේරුවරයකු ලෙස කටයුතු කරනවා. මීට වසරකට පමණ ඉහතදී මම ලංකාවට ආවා. ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා මගේ උපන් දිනය. එය සැමරීමට මගේ පෙම්වතියත් එක්ක එදා රෑ බම්බලපිටියේ අර්ඕ ක්ලබ් එකට ගියා. මම පෙම්වතිය සමඟ විනෝද වෙමින් සිටියදී නාඳුනන 07 දෙනෙක් ආවා. ඒ පිරිසේ සිටි එක් අයකු මගේ පෙම්වතියට ගැහුවා. පස්සේ එයත් එක්ක හිටපු අනෙක් අය පෙම්වතියට බිම දමාගෙන ගැහුවා. මගේ පෙම්වතියට පළමුව පහර දුන් පුද්ගලයා සහ අනෙකුත් පුද්ගලයන් නැවත දුටුවහොත් හඳුනාගන්න පුළුවන්" යැයි බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් ෆ්‍රැන්සිස් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙහිදී පහරකෑමට ලක්ව තුවාල ලැබූ බි්‍රතාන්‍ය ජාතික බිලින්දා මැකන්සිගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. තමන්ට පහරදුන් පිරිස නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය එහිදී පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබිණි.
පොලිසිය මෙලෙස ප්‍රකාශ සටහන් කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී මාලක සිල්වා නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මෙම සිද්ධිය පිළිබඳ මූලික කරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා බී වාර්තාවක් මඟින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.


ඒ අනුව අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නවලෝක රෝහලට ගොස් ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර මාලක සිල්වාගේ තත්ත්වය නිරීක්ෂණය කළේය. එහිදී මාලක සිල්වා අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත මෙලෙස කීවේය.
"මම යහළුවෝ කීප දෙනෙක් එක්ක අර්ඕ ක්ලබ් එකට ගියා. ක්ලබ් එක ඇතුළේ විදේශිකයන් දෙදෙනකු සිටියා. ඒ වෙලාවේ සුදු ජාතිකයා සුදු ජාතික කාන්තාවට පහර දෙනවා දැක්කා. මම සුද්දාගෙන් ඇහුවා ඇයි සුදු ජාතික කාන්තාවට පහර දෙන්නේ කියලා. ඒ වෙලාවේ සුද්දා මට ගැහුවා. මට තුවාල වුණා. මේ ගැන සමාජ ශාලාවේ කැමරාවල සටහන් වී තිබෙනවා"
මෙහිදී අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සැකකාර මාලක සිල්වාට ප්‍රතිකාර කළ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය එම්.එම්. සේනානායක මහතාගෙන් සැකකරුට ඇතිවී තිබෙන තුවාල සම්බන්ධයෙන් විමසීමක් කළේය. සැකකාර මාලක සිල්වාගේ මුහුණේ ප්ලාස්ටරය යොදා ඇති තුවාලය හැරුණු විට කිසිම බාහිර තුවාලයක් නොමැති බව වෛද්‍යවරයා එහිදී පවසා තිබිණි.


සැකකරු නිරීක්ෂණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට මාලක සිල්වා 04දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමටද නියෝග කෙරිණි.
ඉකුත් 04 වැනිදා මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා හමුවේ කැඳෙව්වේය. සැකකාර මාලක සිල්වා වැඩිදුර ප්‍රතිකාර ලබන බව පවසමින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණද සැකකරුගේ පියා වන ඇමැති මර්වින් සිල්වා සිය පාක්ෂිකයන්, හිතවතුන් 100ක් දෙනා පමණ කැටිව අලුත්කඩේ අධිකරණය වෙත පැමිණ සිටියේය.


පොලිසිය මෙතෙක් පැවැත්වූ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
"බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට අර්ඕ ක්ලබ් එකේදී පහර දීමක් කර තිබෙන බවට බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් කළ දැනුම්දීම පරිදි සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කළා. පහරකෑමට ලක්වූ බි්‍රතාන්‍ය ජාතිකයන් දැඩි කම්පනයකින් පසුවෙනවා. මීට ඉහතදී තංගල්ලේ හෝටලයකදීත් ඝාතනයට ලක්වුණේ බි්‍රතාන්‍ය ජාතිකයෙක්. මේකත් එම සිද්ධිය වගේ වෙයි කියලයි ඔවුන් බයෙන් ඉන්නේ" කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.
"සැකකාර මාලක සිල්වා සමඟ සිටි අනෙකුත් 06 දෙනා අත්අඩංගුවට ගැනීමට ක්ලබ් එකේ තිබූ ඛ්ඛ්ඊඍ කැමරාවල දර්ශන උපයෝගී කරගන්නවා. එම පිරිස අතරේ ඇමැති ආරක්ෂකයකුද සිටි බව අනාවරණය වී තිබෙනවා. සැකකාර මාලක සිල්වාගෙන්ද නැවත ප්‍රකාශයක් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරනවා" යැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.
ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා චෝදනාවලින් මුදාගැනීමට ජනාධිපති නීතිඥවරුන් තිදෙනකු ඇතුළු නීතිඥ මණ්ඩලයක් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.


"මාලක සිල්වා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන්න බෑ. ඔහුගේ ඡායාරූප විස්තර මේ වන විටත් පුවත්පත්, රූපවාහිනි, වෙබ් අඩවිවල පළවී තිබෙනවා. එම නිසා සාක්ෂිකරුවන් සැකකරු කවුද යන්න දැනටමත් හඳුනාගෙන ඉවර යැයි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පැවැසීය.
"සුද්දා තමයි මාලකට ගැහුවේ. මාලකගේ නාස් පොල්ල කුඩු වෙන්නම සුද්දා ගහලා තිබෙනවා. සුද්දා මාලකට කොයිතරම් ගැහුවාද කියනවානම් ඔහුගේ මුහුණ ලේවලින් නැහැවිලා තිබුණා. සුදු ජාතිකයා සුදු ජාතික කාන්තාවගේද සහාය ඇතිව සෙන්ටිමීටර් 2.5ක තුවාලයක් මාලකගේ නහයේ ඇති කරලා තිබෙනවා. මාලකව බිම ඇදගෙන වැටෙන්න ඔවුන් පහර දී තිබෙනවා" යැයි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.
සැකකාර මාලක සිල්වාගේ තුවාල සම්බන්ධ සම්පූර්ණ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව ලබන 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ජනාධිපති නීතිඥවරුන් වන ජයන්ත වීරසිංහ, හේමන්ත වර්ණකුලසූරිය, අනිල් සිල්වා යන මහත්වරුන් සැකකාර මාලක සිල්වා ඇප මත මුදාහරින ලෙසට කරුණු රැසක් ඉදිරිපත් කළද, සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා මාලක සිල්වා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.


මෙහි විමර්ශන කටයුතු සාධාරණ ලෙස කළ යුතු බවට සැකකරුගේ නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඉල්ලීමක් කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු පිළිබඳ කිසිදු බියක් සැකක් ඇති කරගත යුතු නැති බවත්, සාධාරණව අපක්ෂපාතීව විමර්ශන කටයුතු කරන බවත්ය.
අධිකරණ කටයුතු නිම වීමෙන් අනතුරුව දැනට ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැකකාර මාලක සිල්වා නිරීක්ෂණය කිරීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා පොලිස් නිලධාරීන් සමඟ එහි ගියේය. සැකකාර මාලක සිල්වා නිරීක්ෂණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකරු ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.
මාලක සිල්වා සමඟ සිටි අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් 2ක් පරීක්ෂණ පවත්වයි.

ඉෂාර රත්නකාර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive