මේ දිනවල රජයට එරෙහිව හඬක් නගමින් විපක්ෂය හා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන ‘පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව රජයේ මුදල් අයථා පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම යටතේ නඩු පැවරීම සඳහා රජයේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
රුපියල් මිලියන 4.73 ක මුදලක්( රුපියල් හතලිස් හත් ලක්ෂ තුන්දාහක්) බෞද්ධ කටයුතු හා පුනර්ජීවන මධ්‍යස්ථානයක් ගොඩනගන බවට හඟවා රජයෙන් ලබාගෙන එම මුදල තම සුඛවිහරණය සඳහා පුද්ගලික ආවාස ගොඩනැගිල්ලක් තැනීමට යෙදවීම තුලින් රජයේ මුදල් අයථා පරිහරණය කිරීමට ලක්කළ බවට රතන හිමියන්ට එරෙහිව පැහැදිලිවම සාක්ෂි ඇති නිසා ඒ පිළිබඳව විමර්ශන කටයුතු අරඹන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.
මෙම උපදෙස් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. රණවීර මහතාට පසුගිය සතියේ ලබාදී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහුට දැනුම් දී ඇත්තේ රතන හිමිගෙන් මේ පිළිබඳව කට උත්තර ලබා ගැනීම හෙට (10) සඳුදා දහවල් 12 වන තුරු පමා කරන ලෙසයි.
ජාතික හෙල උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා සහ අතුරලියේ හිමියන් රජයට එරෙහිව ගෙනයන ව්‍යාපාරය නතර කොට නැවතත් රජය සමග සම්මුතියකට එකගකර ගැනීමට මේ වන විට විවිධ පාර්ශවයන් දරන උත්සාහය අසාර්ථක වුවහොත් හෙට (10) දහවල් 12 න් පසු මෙම ප්‍රශ්න කිරීම සිදුවනු ඇත.
එමෙන්ම අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බවයි. ඒ අනුව ලබන සතිය තුලදී ආණ්ඩු පක්ෂය තුල මෙන්ම විපක්ෂය තුලද විශාල වෙනස්කම් රාශියක් දැක ගැනීමට හැකිවනු ඇත.

0 comments:
Post a Comment