facebook like

පාසල් සිසුවියට ත්‍රිරෝද රථ තුළදී අතවර කළ රියෑදුරන් 7 දෙනෙකු

15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ මාස කීපයක්‌ තිස්‌සේ නොමග යවමින් ත්‍රීවිල් රථ තුළ තබා ගෙන දුෂණය කළ බව කියන තීS්‍රවිල් රථ රියෑදුරන් 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය ඊයේ 2 වැනිදා පරීක්‌ෂණ ආරම්භ කර ඇත. දූෂණයට ලක්‌වූ දැරිය විශේෂ වෛද්‍ය පරීක්‌ෂණ හා ප්‍රතිකාර සඳහා පෙරේදා 1 වැනිදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමිණිල්ල මත මේ පරීක්‌ෂණ ආරම්භ කර ඇති අතර මෙම පාසල් ශිෂ්‍යාව මෙම දෙසැම්බර් මස පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියක්‌ බවද පොලිසිය පවසයි.

මෙම දැරිය පිළිබඳව සොයා නොලැබූ හා ඇයට නිසි රැකවරණ නොලැබීම සම්බන්ධයෙන් දැරියගේ මවද ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

මෙම දැරිය වරින් වර රැගෙන ගොස්‌ දූෂණය කළ ත්‍රීවිල් රථ රියෑදුරන්ගේ බිරින්දෑවරුන් විදේශගත වී ඇතැයිද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, කළුතර සහකාර පොලිස්‌ අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි, දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලසන්ත බුද්ධික යන මහත්ම මහත්මීහු පරීක්‌ෂණ පවත්වති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive