මෙරට ගල් අගුරු වංචාව පිටුපස කැසිනෝ ව්‍යපාරිකයන් සිටින බවත් කැසිනෝ පිටුපස සිටින්නේ කවුදැයි ජනතාව හදුනාගත් බවත් තම දේශපාලනය ගල් අගුරු කන්දක නායයාමකට හසුවන්නේ නැති බවත් විද්‍යා හා පර්යේෂණ කටයුතු අමාත්‍ය චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කරන
ලද්දේ ඊයේ(05) මහවැලි කේන්ද්‍රයේදී පැවති ගල් අඟුරු ගෙන්වීමේ ජාවාරම හෙළි කිරීම මැයෙන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.
තමන් බයකොට අඩි හප්පා අත්අඩංගුවට ගන්නා බව හඟවා නිහඬ කළ නොහැකියැයි ද එහිදී අමාත්‍යයවරයා අවධාරණය කළේය.
‘මේ අවිධිමත් ගනුදෙනු වලට අදාළ කාලයේ ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයාව සිටි ඉන්ජිනේරුවරයා ඉවත් කිරිමට අපි කටයුතු කළා. නමුත් පසුව ඔහු ලංකා විදුලිබල මන්ඩලයේ උප සභාපති වරයා වශයෙන් පත්වුණා. එකෙන් තෙරුම් ගන්න පුලුවන් මෙම ගනුදෙනුවල පිටුපස සිටින අය කොතරම් බලවත් ද කියලා. මෙම ගනුදෙනු වලදි සිදුවූ සියලූ කටයුතු සැක සහිතයි. පළමුවර ටෙන්ඩර් කැඳවීමෙදි සිදුවූ බරපතල වැරදි අනාවරණය වුනේ 2012 දි. දෙවන වර ටෙන්ඩර් කැඳවීමෙදි එය වසරක් ප‍්‍රමාදකොට ටෙන්ඩරය අවලංගු කළා. එනිසා රටට සිදුවූ පාඩුව රුපියල් මිලියන 700 ක්.
තුන්වන ටෙන්ඩර් කැඳවීමේදි ලංසු ඉදිරිපත් කළ සමාගම් හයෙන් පහක්ම මුලික සුදුසුකම් නැති නිසා අතහැර දැම්මා. හාස්‍ය ජනක කාරණය එතෙක් ගල් අගුරු සැපයූ නොබෙල් සමාගමත් සුදුසුකම් සපුරා තිබුනේ නැහැ. නමුත් මිල ගණන් විවෘත නොකර බලාගාර තුනටම ගල් අගුරු සපයන්න බාරදුන්නා. මෙමගින් ඉදිරි වසර තුළ වාර්ෂිකව රටට මිලියන 3500 ක් ගෙවීමට සිදුවීම අනිවාර්යයි. මෙහිදී සමස්තයක් ලෙස ගල්අගුරු මිලදී ගැනීමේදී රටට සිදුවූ පාඩුව රුපියල් මිලියන 6100 ක් මේ මුදල් කා අතටද ගියේ කියලා සෙවීම ජාතියේ වගකීමක්. ‘
ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගත් ගල්අඟුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එහි පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි බවත් මෙරටට ගල් අඟුරු ගෙනඒමේ දී සිදුවු බව කියන වංචා පිළිබඳව සොයාබැලීමට බුද්ධිමය මණ්ඩලයක් පත්කළ යුතු බවත් පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පැවැසුවේය.
ඇමැතිවරයා මෙහිදී නම් කරන නොබෙල් රිසෝසර්ස් නම් සමාගමේ හිමිකරුවා වන්නේ කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්නය, පසුගියද මෙම සමාගම හා දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ගල් අඟුරු ආකර හිමි ව්‍යාපාරික සිරිල් රම්පොසා අතර ඇති ගනුදෙනුවත් රම්පොසාගේ නීති උපදෙශක වන එල්ටීටීඊ ඩයස් පොරාවේ රුද්‍රකුමාරන් මෙම ගල් අඟුරු ගනුදෙනුව හරහා ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ඡන්ද ගොඩ රාජපෂගේ ගිණුමට බැර කිරීම සඳහා කළ කුමන්ත්‍රණය ගැනත් යම් තොරතුරු ප්‍රමාණයක් හෙළි කළෙමු.

0 comments:
Post a Comment