facebook like

මේ පරාජය පිතිකරුවන්ගේ වරදිනි - මැතිව්ස්‌

Add caption
ඉන්දියාව සමග එක්‌ දින තරග සංචාරයේ ආරම්භක තරගය ලෙසින් පෙරේදා (02 වැනිදා) කතක්‌ හී පැවැති තරගයේදී ලකුණු 169 ක දැවැන්ත පරාජයක්‌ ලැබීමේ වරද සිය පිතිකරුවන් අත යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පැවසීය.

ඉතා හොඳින් ලකුණු පැවැති බරබාටි ක්‍රීඩාංගණ තණතිල්ලේ ලකුණු 364 ක ඉලක්‌කයක්‌ හඹාගිය ශ්‍රී ලංකා පිල පන් දුවාර 39.2 කදී ලකුණු 194 කට දැවී යැම හේතුවෙන් මේ දැවැන්ත පරාජය සමගින් තරග 1-0 ක්‌ ලෙස පසුපසින් සිටිමින් තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

zඅපේ පිතිකරුවන් තරගයට පිවිසීම මෙයට වඩා බොහෝ ප්‍රශස්‌ථ මට්‌ටමක පැවතිය යුතු වුණා. වේග පන්දු යවන්නන් වේවා දඟ පන්දු යවන්නන් ඉදිරියේ වේවා හැමවිටම අපි ලකුණු ලබාගැනීමට බැලිය යුතුයි. ලකුණු 360 කට වැඩි සංඛ්‍යාවක්‌ හඹායැමේදී පළමු පන්දු වාර 10 තුළ වෙනම ප්‍රවේශයක්‌ ලබාගත යුතුයි. මම හිතන්නේ අපේ ඇදවැටීම සිදුවුණේ පිතිකරණයේ පළමු පන්දු වාර 10 තුළදීමයිZ යනුවෙන් තරගයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ මැතිව්ස්‌ පැවසීය.

මහේල ජයවර්ධන විසින් ලබාගත් ලකුණු 43 මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවෙකුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර කුමාර සංගක්‌කාර (13) හෝ තිලකරත්න ඩිල්ෂාන් (18) වැනි ජ්‍යෙaෂ්ඨ පිතිකරුවන්ට නිසි පරිදි ලකුණු අතරට ඒමට අපොහොසත් විය.

zඒ තණතිල්ල පිතිකරුවන්ට බොහොම හොඳයි. කඩුලු අතේ තිබුණා නම් අපිට එය හඹායා හැකිව තිබූ ඉලක්‌කයක්‌. විශේෂයෙන්ම පන්දුවට පහරදුන් පළමු පන්දු වාර 10 දී අපේ ප්‍රවේශය හොඳ තැනක තිබුණේ නැහැ. ආරම්භයේදීම අපි වැරදි පාරක නොයන්න තිබුණා. අඩුම වශයෙන් අපි ආරම්භයේදී හොඳ අභිප්‍රායකින් යුතුව අවතීර්ණ වෙන්න තිබුණා.

ඉන්දියාව යනු තමන්ගේ භූමියේදී ලෙහෙසි පහසු නොවන ප්‍රතිවාදියකු බව තමන් හැමවිටම දැනසිටියේ යෑයි ද මෙහිදී මැතිව්ස්‌ විසින් වැඩිදුරටත් පවසන ලදී.

zඑය පන්දු යවන්නකුට පහසු තැනක්‌ නෙවෙයි. අපි තව මහන්සි වී නැවත ඒකරාශීව යළි සටනට අවතීර්ණ විය යුතුයි. ඉන්දියාවෙදී ක්‍රීඩා කිරීම පහසු නොවන වග අපි දන්නවා. අපේ පන්දු යවන්නන් අත්දැකීම් අඩු පිරිසක්‌. ඒ අය තව හැදෑරිය යුතුයි. මෙය අපේ සියලුම පන්දු යවන්නන්ට හැදෑරීමේ අවස්‌ථාවක්‌ වෙනවාZ

සංගක්‌කාර විසින් අතහරින ලද උඩපන්දු දෙක හේතුවෙන් අජන්ක්‍යා රහනේ සහ ෂිකර් ධවාන් යන ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක කරා යැමට අවස්‌ථාව සලසා ගැනීම සම්බන්ධයෙන් සිය අදහස්‌ දැක්‌වූ මැතිව්ස්‌ zනව පන්දුවෙන් පන්දු යෑවූ අපේ අය පළමු පන්දු වාර 10 දී එය ඉතාම හොඳින් කළා. නමුත් පසුව අපි අපේ ග්‍රහණය ගිළිහෙන්නට හැරියාZ යෑයි පැවසුවේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive