facebook like

ලිපිගොනු තිබේ නම් පියවර නොගන්නේ ඇයි?ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක- කුමාර දිසානායක

කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කළේ ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන්ගේ වංචා, දූෂණ පිලිබඳ ලිපිගොනු තමා සතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් පලිගැනීමට ක්‍රියා නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින්.
"යුද්දේ ඉවර වෙලා, පාර්ලිමේන්තු පිට්ටනිය ගාව රැස්වීමක් තිබ්බ. ඒ රැස්වීමේදී ඔහු මොකක්ද කිවුවේ? මගේ පළමු පියවර යුද්දේ අවසන් කිරීම කිවුව, දෙවැනි යුද්දේ මම පටන් ගන්නේ වංචා දූෂණ අහෝසි කිරීමට කිවුව," යනුවෙන් දිසානායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
එදා එසේ සඳහන් කළ ජනාධිපතිවරයා දැන් ලිපිගොනු තබාගෙන 'බම්බු ගසන්නේ දැයි' ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි.
'ඒකාධිපති වියරුව'
"ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ. සොර මුලක්. ප්‍රධාන සොරා ලොකු පංගුව ගන්න අතර, අනෙක් සොරාටත් කුඩා පංගුව හරි ලබාදෙන්නේ නැත්නම් ඒ සොර මුලට පවතින්න බෑ," යනුවෙන්ද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමේ අරමුණ වෙනුවෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පරාජය කිරීම උදෙසා දිගටම ක්‍රියාත්මක වන නමුත් එළැඹෙන ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ.
විධායක ජනාධිපති ක්‍රමයේ 'ඒකාධිපති වියරුව' ඇතුළු ප්‍රතිවිපාක පිළිබඳව එය නිර්මාණය කළ අවස්ථාවේ පටන්ම සිය පක්ෂය ජනතාව දැනුවත් කළ බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එබැවින් මැතිවරණයක් අවසානයේ 'ජනතාව නරඹන්නන් බවට පත්වන' ක්‍රියාදාමයෙන් ඔබ්බට යන පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම සිය පක්ෂයේ අරමුණ බව අවධාරණය කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive