facebook like

හෝටල් කාමර සේවිකාවගේ හොර වැඩ රහසිගත වීඩියෝවෙන් හෙළිවේ

සමහර විට ඔබගේ නිවසේ අත් උදව්වට සේවකයෙක් හෝ සේවිකාවක් ඉන්නට පුලුවන්. ඇය ඔබ නිවසේ නොසිටින විටදී සිදු කරන දෑ පිළිබඳව 100%ක්ම ඔබ දැනුවත් නැතිව ඇති. ඇය භාවිතා කරන්නේ ඇයට වෙන්වූ භාණ්ඩ පමණක්ද, එසේත් නැතිනම් ඇය ඔබ භාවිතා කල තේ කෝප්පය හෝ පිඟානේ ආහාර අනුභව කරනවාද යන වග ඔබ දන්නේ නැහැ.

මේ ආකාරයෙන්ම හෝටල්වලදීද නිදන කාමරවල සේවයේ නිරතවන සේවකයින් සිදුකරන ක්‍රියාවන් පිළිබඳව ඔබ දැනුවත් නැතිව ඇති. එලෙස ඔවුන් සිදුකරන දෑ පිළිබඳව රහසිගතව වීඩියෝ කොට ලොවටම පෙන්වූ පුද්ගලයෙක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.


මෙම වීඩියෝවේ සටහන් වී ඇති කාන්තාව සේවයේ නිරතවන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ හෝටලයකයි. ඇයට පැවරෙන රාජකාරිය වන්නේ හෝටලයට පැමිණි අමුත්තන් පිරිසකගේ කාමරය පවිත්‍ර කිරීමයි. පැමිණි පුද්ගලයින් කාමරයේ නොමැති අවස්ථාවක ඒ සඳහා කාමරය වෙත පිවිසෙන ඇය සිදුකරන්නේ කුමක්ද යන වග සොයා බැලීමට අදාල පුද්ගලයා රහසිගත කැමරාවක් භාවිතාකොට තිබෙනවා.

රහසිගතව වීඩියෝගත කල පුද්ගලයා සිතූ පරිදිම පිරිසිදු කිරීමට පැමිණි කාන්තාව ඔවුන්ගේ ගමන්මලු අතපතගාමින් පිරිසිදු කරන්නට වී තිබෙනවා. එසේම ඒ අසල තිබූ ටැබ් එකක්ද ඇය විසින් භාවිතා කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. තවද ඇය විසින් රහසිගත කැමරාව සවි කර තිබූ ලැප්ටොප් පරිගණකයද භාවිතා කිරීමට උත්සාහ දරා  ඇති බවයි අදාල වීඩියෝව නැරඹීමේදී හෙලි වී ඇත්තේ.

කෙසේ නමුත් සියලු භාණ්ඩ අතපත ගා බැලුවද කිසිදු දෙයක් සොරකම් කිරීමට ඇය පෙළඹී නැහැ. අන්තර්ජාලයට මුදාහල මෙම වීඩියෝවට මේ වන විට ප්‍රතිචාර රාශියක් ලැබී ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ හෝ හෝටලයේ නමත් තවමත් ප්‍රසිද්ධ කොට නැති බවයි වාර්තා වන්නේ.

එසේම හෝටල් සේවකයින්ගේ මෙවැනි ක්‍රියා කලාපයන් පිළිබඳව සොයාබැලීමට අදාලා වීඩියෝව හෝටල් සමාගමක් වෙතද යොමු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive