facebook like

බාප්පාගේ ලොතරැුයි ජයෙන් සුනිල් කෝටිපතියකු වුණා...බිලා බිලා ලිදේ වැටිලා මලා

ගල්ගමුව වැටකොලූ‍වාගම ගම්මානයේ නිවෙසක ජීවත් වූ තිස් අට හැවිරිදි සුනිල් දිසානායක (රාජා* කලක් යුද හමුදා සේවයේ යෙදී සිටි අයෙකි.ලොතරැුයි පතකින් රුපියල් කෝටි දෙකක ජයග‍්‍රහණයක් ලැබුණේ සුනිල්ට කියා ප‍්‍රචලිත වුවත් එම ලොතරැුයිපත මිලදී ගෙන ඇත්තේ ඔහුගේ බාප්පා කෙනකු වන හතළිස්පස් හැවිරිදි අවිවාහක වූ ඒ. එස්. වසන්ත නමැත්තාය.

”‍මම මිලදී ගත් ලොතරැුයියකට තමයි ජය ලැබුණේ. එයින් මට කෝටි දෙකක් ලැබුණා. සුනිල් හෙවත් රාජා කියන්නේ මගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා. ඔහු ඒ කාලේ ආමි එකේ හිටියේ. ඒකෙන් අයින් වෙන්න  ඕනේ කියලා අස්වුණා. මම කීවා එහෙමනම් මම සල්ලි දෙන්නම් බිස්නස් එකක් පටන්ගෙන ගොවිතැනක් කරගෙන ඉන්න කියලා. මිනිහට දියුණු වෙන්න මම පළමුවෙන්ම රුපියල් පනස් ලක්‍ෂයක් දුන්නා. ලොරියක් අරන් දීලා කුරුණෑගලින් ඉඩමකුත් අරන් දුන්නා.

පාර අයිනේ කඩ කාමර තුනක් බැඳලා දුන්නා. සුනිල් එක පාරටම මේ දේවල් කරනකොට මේ පැත්තේ ප‍්‍රසිද්ධ වුණේ පුතාට ලොතරැුයියක් ඇදුණා කියලයි. මොනව කළත් හරිගියේ නැහැ. යාළුවන් එක්ක බීලා ගෑනියි දරුවයි නැති කරගෙන අන්තිමේදී මැරුණා‘ඔහු එසේ කීවේ වේදනාත්මක කලකිරුණු ස්වභාවයකිනි. මිතුරන් සමඟ එකතුවී දිනපතා මත්පැන් පානය කරමින් සාද පැවැත්වීම නොරිස්සූ බිරිය වූ ශි‍්‍රයාණි මල්කාන්ති (31* තම සැමියා මෙයින් මුදා ගැනීමට බොහෝ උත්සාහ ගත්තත් ඒ හැම අවස්ථාවකම ශි‍්‍රයාණිට සිදුවූයේ සැමියාගේ පහර කෑමටය. කලක් යනතුරුත් එයද ඉවසා සිටියේ තම එකම දරුවා වූ සත් හැවිරිදි දිමුතු මධුසංඛ වෙනුවෙනි. අවසානයේදී ඇය කිසිවක් කළ නොහැකි නිසා මෙයට මාස හතකට පමණ පෙර දරුවාත් රැුගෙන ඇයගේ මවුපියන් ජීවත් වූ මීගලෑව ප‍්‍රදේශයේ පදිංචියට ගියාය.


පසුගිය විසිතුන් වැනි දින උදේ තම මිතුරකු වූ පේ‍්‍රමසිරිට දුරකතන ඇමතුමක් ලබා දෙමින් කීවේ ජීවන්තත් සමඟ තමාගේ නිවෙසට එන ලෙසය. හුදකලාවම ජීවත් වූ සුනිල් තම මිතුරන් නිවෙසට එනවිට කංකානියාගම ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේ මහ සංඝරත්නය වෙනුවෙනුන් දානය පිළියෙල කර දානයද රැුගෙන මිතුරන් සමඟ විහාරස්ථානයට ගිය සුනිල් බුද්ධ පූජාව තබා පින් ලබාගෙන එහි වැඩ වසන විසිතුන් නමක් වෙනුවෙන් දානය පිළිගැන්වීය.

 මේ කටයුතු අවසානයේ ඉතාමත් සුහද ලෙස විහාරාධිපති කංකානියාගම අමරවංශ හිමියන් සමඟ කතාබහ යෙදී අවසානයේ පිටත්වීමට සූදානම් වන විට සුනිල් ඔයා බොන්නේ නැතිව ඉන්නකොට කොච්චර නම් හොඳද. මෙච්චර පින් දහම් කරන ඔයා බීම නවත්තලා නෝනාටත් දරුවාටත් ගෙදර එන්න කියලා සමඟියෙන් ඉන්න‘යැයි නායක හිමියන් පවසා තිබේ.

බිමට නමාගත් හිසෙන් එය අසා සිටි සුනිල් කට කොනකින් සිනාසී ”‍හොඳයි”‍ හාමුදුරුවනේ කීවේය. විහාරස්ථානයට නුදුරු තම නිවෙසට ගිය සුනිල් තවත් මිතුරන් දෙදෙනකු වූ ජානක සහ උදය කුමාර යන අයවලූ‍න්ටද තම නිවසට එන ලෙස දැන්වීය. ඔවුන් කිහිපදෙනාගේ එකතුවෙන් මුදලක් එකතුකර ගල්ගමුව නගරයෙන් මත්පැන් ගෙන්වා සාදය ආරම්භ කරන විට දහවල් 11ට පමණ ඇත.

ගෙනා බෝතල් හිස් වෙද්දී තව තවත් මත්පැන් ගෙන්වා ගත් ඔවුහු රාත‍්‍රි 8ට පමණ සාදය අවසන් වන විට මත්පැන් බෝතල් හයක් හිස්කර තිබිණි. සාදය අතරතුර සුනිල් වැව් මාළු පිස නූඞ්ල්ස් හැදුවේය. රාත‍්‍රියේ අනෙක් මිතුරන් ඒවා ආහාරයට ගෙන නිවසින් පිටව ගියද පේ‍්‍රමසිරි සුනිල් සමඟ ඔහුගේ නිවෙසේ නැවැතුණි. කෑමට පෙර ඇඟපත සෝදාගෙන එන්නම් කියා නිවෙසේ වත්ත පහළ ඇති ළිඳ වෙත ගිය සුනිල් මඳ වේලාවක් යනතුරුත් නොපැමිණි නිසා පේ‍්‍රමසිරි විපරම් කර බැලීය.


අනෙකුත් මිතුරන්ගේ නිවෙස්වල බැලූ‍වද සුනිල් එහි ගොස් නැති බව දැනුණි. පසුව විදුලි පන්දමක් ගෙන ළිඳ බැලූ විට සුනිල්ගේ එක් සෙරෙප්පුවක් ජලය මත පාවෙමින් තිබෙනු දැක ඇත. සෙරෙප්පුව ළිඳට දමා සුනිල් හැංගී විහිළුවක් කරනවා යැයි සිතූ මිතුරන් ඔහුට හඬ ගැසීය. ඒත් කිසිදු පිළිතුරක් නැත. පසුදින මේ බව මීගලෑව ප‍්‍රදේශයේ ජීවත් වන සුනිල්ගේ මවට හා නෑදෑයන්ටත්, බිරියටත් දන්වා ගල්ගමුව පොලිසියටද පැමිණිලි කර ළිද පරීක්‍ෂා කිරීමේදී සුනිල්ගේ මළ සිරුර සොයගත හැකිවිය.

අනුන්ගේ ලොතරැුයි පතක් තමන්ට වාසනාව ගෙන ආවද එය නිසි ලෙස බුක්ති විඳීමට වරම් නැතිව සුරා පානයට ලොල්ව බිරිය හා තම එකම දරුවා තනිකොට සුනිල් අවසානයේදී අකාලයේ මිය පරලොව ගියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive