facebook like

දුටුගැමුණු රජතුමා ආවේශ වූ සෑම් මහත්තයා

මානසික රෝග විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ
සෑම් ඉඩම් කඩම් හිමි ධනවතෙක්. වයස අවුරුදු පනස් පහක් වුණු සෑම්ව ගමේ කවුරුත් හැඳින්වූයේ සෑම් මහත්තයා කියලයි. ලොකු මහත්වුණු දූ දරුවෝ කීප දෙනෙකුත් සෑම් මහත්තයට හිටියා.

ගමේ ‍පොදු වැඩවලට සෑම් මහත්තයා කවදත් උදව් කළා. පිහිටුවා ගත් බෞද්ධ සමිතියේත් සෑම් මහත්තයා ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට සෑහෙන වැඩ කොටසක් කරමින් හිටියා.
එක්තරා දවසක දිවා කාලයේ සෑම් මහත්තයාගෙ ගෙදර පැත්තෙ ලොකු කලබලයක්. බෞද්ධ සමිතියෙ තරුණයො දෙන්නෙක් ඒ වෙලාවෙ පාරෙ යමින් හිටියෙ. ඔවුන් වහාම සෑම් මහත්තයගෙ ගෙදරට යනකොට සෑම් මහත්තයාත් ඔහුගේ තරුණ පුතු වගේම බිරිඳත් හිටියා. පුතුගේ මුහුණේ තිබුණේ දැඩි කෝපයක් සමග ලැජ්ජාවක්.
“සෑම් මහත්තයා කෑගහනවා ඇහුණා. අපි හිතුවෙ කරදරයක් ද කියායි.” බෞද්ධ සමිතියේ එක් තරුණයෙක් පැවසුවා.
“අපේ තාත්තාගේ ඇඟට දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ ආත්මය ඇවිත්ලු.”
සෑම් මහත්තයාගේ පුතා පිළිතුරු දුන්නෙ නොසතුටින් ඉවත බලාගෙන.
“ආත්මයක්? ආත්මයක් නමෛයි යකෝ. මං තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ”
සෑම් මහත්තයා ගෝරනාඩු කළේ කවුරුවත් නොසිතූ ලෙසින්.
ඔහුගේ පුතා ඒ වෙලාවෙම එතන මග ඇරලා යන්න ගියා.
සෑම් මහත්තයා පුටුවක වාඩිවෙලා හිටියත් ඔහු හිටියේ අමුතුම ගාම්භීර පෙනුමක් මුහුණේ මතු කර ගෙනයි.
“මේ රට එළාරගෙන් බේරාගත්තේ මම. ප්‍රභාකරන්ව මරන්න යොදා ගත්තෙත් මගෙ ශක්තිය.”
සෑම් මහත්තයාගේ කටහඬ වෙනදාඩ වඩා තියුණුයි. මේ කියන විදියට ඇත්තටම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අවතාරයක් සෑම් මහත්තයාගේ ශරීරයට ඇතුල් වෙලා ඇති කියලා බෞද්ධ සමිතියේ තරුණයන්ටත් හිතුනා.
හිටි ගමන් එක දවසක මිදු‍ලේ උස අඹ ගසකට නැගගත් සෑම් මහත්තයා “මමයි දුටුගැමුණු ගනු කඩුව එනු සටනට” යනුවෙන් මහ සද්දෙන් කෑගසන විට ඔහුගේ බිරිඳ මහත් බියට පත්වී විලාප දෙන්නට පටන් ග්තතා. එදා බොහොම අමාරුවෙන් තමයි සෑම් මහත්තයාව ගහෙන් බස්සවා ගන්න පුළුවන් වුණේ.
තවත් දවසක සෑම් මහත්තයා උදේ තමන්ගේ වතුපිටිවල ඇවිදලා ගෙදර අවෙ වදමල් මාලයක් කරේ දමාගෙනයි.
සෑම් මහත්තයාගේ පුතාට මේවා දැක්කම හරිම ලැජ්ජා හිතුණා.
ඒත් අම්මා නම් කිව්වෙ “ඕක නම් පුතේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ආත්මයක් ඇඟට ඇවිල්ලම” වෙන්න ඇති කියලයි.
ඇය එහෙම කිව්වෙ සෑම් මහත්තයා ඊට පෙර දවසක කරන ලද තවත් ක්‍රියාවක් නිසයි.
ඔවුන් පදිංචි ප්‍රදේශයේ තිබූ දේවාලයකට ගිය සෑම් මහත්තයා එහි තිබූ රතු තිර සියල්ලම ඇද තමන්ගේ කර වටා දවටා ගත්තේ “මගෙ යාළුවා තමයි කතරගම දෙවියො.” එයාගෙ තිර මොකටද මෙහාට කියමිනුයි.
ඔහු තමන්ගේ රතු තිර ටික කරේ දවටාගෙන යද්දී දේවාලයේ සාස්තරකාරියට කිසිවක් කර කියා ගත නොහැකි වූයේ සෑම් මහත්තයා ඒ ගමේ ප්‍රභූවරයෙක් නිසයි.
සෑම් මහත්තයාගේ මේ කලබලකාරී ගති හැම වෙලාවෙම තිබුණෙ නෑ. වැඩිපුරම ඔහු හිටියේ නිශ්ශබ්දව සාමාන්‍ය කෙනෙක් විදිහට. එසේ සිටින කාලය තුළ ‍පොදු වැඩවලටත් සම්බන්ධ වුණා.
ඒ වගේ වෙලාවට “දුටුගැමුණු රජ්ජුරුවො කෝ සෑම් මහත්තයා” කියලා කවුරුන් හෝ ඇහුවොත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. නමුත් හිටිගමන් කබලබලයට පත් වුණාම ඔහු දුටුගැමුණු රජ්ජුරුවො නමින්ම පෙනී සිටියා.
අන්තිමේ සෑම් මහත්තයාගේ මේ හැසිරීම්වලට හේතුව රීරි යකා ආවේශ වීමක් ලෙස පවු‍ලේ අය සිතුවා. ඊට වඩාත්ම හේතු වුණේ සෑම් මහත්තයා මින් පෙර නොවූ ලෙස තද රතු පාටට ප්‍රිය වීමයි. ඒ වගේම සමහර වෙලාවට සෑම් මහත්තයා තමා දුටුගැමුණු රජු බව කියමින් අනෙක් අයට සැලියුට් ගැසීමක් කළා. තවත් සමහර අවස්ථාවලදී අයෝමය පුරුෂයෙකු ලෙස හැසිරීමක් පළ කරමින් අත් දෙක දෙපසට විහිදා වැලමිටින් නවාගෙන අනෙක් අය ඉදිරියේ පෙනී සිටියා. සාමාන්‍යයෙන් සෑම් මහත්තයා සිහින් සිරුරක් ඇති අයෙක්. එනිසා ඔහු මෙසේ සිටින විට ඇගේ ඇටකටු ඉලිප්පී පෙනුණා.
“සෑම් මහත්තයා කටු බොඩිය දාගෙන ඉන්නවා” කියමින් තරුණයන් ඔහුට නොසෑහෙන සේ සිනාසුනා.
කට්ටිඩියකු ගෙන්වා ලොකු ශාන්තිකර්මයක් කළත් සෑම් මහත්තයාගේ තත්ත්වය යහපත් වුණේ නෑ. මද කලක් කිසි අමුත්තක් නැතිව සිටි ඔහු යළිත් පෙර සේම හැසිරෙන්නට වූ නිසා රෝහලක මානසික රෝග වාට්ටුවකට ඔහු ඇතුළත් කර තිබුණා.
සෑම් මහත්තයාට වැළඳී තිබුණෙ මේනියා නමින් හඳුන්වන මානසික රෝගයයි. ප්‍රධාන මානසික රෝග, එනම් සයිකෝසියා ගණයට අයත් මානසික රෝග අතරට ගැනෙන මේනියා තුළ දක්නට ලැබෙන බහුල රෝග ලක්ෂණයක් වන්නේ තමා සම්බන්ධයෙන් ඇතිවන වැරදි විශ්වාසයයි. මේ රෝගියාට මෙලෙස ඇතිව තිබූ තදබල විශ්වාසය වූයේ තමා දුටුගැමුණු රජු බවයි. එහිදී දුටුගැමුණු රජුගේ ආත්මය ආවේෂ වීමක් නොව තමා දුටුගැමුණු රජු ලෙසින්ම ඔහු දැඩිව විශ්වාස කළා.
මොළයේ ෙජෙව රසායනික වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙසයි. මානසික රෝග හට ගන්නේ මේනියා රෝගයේදී සිදුවන්නේ මොළයේ සිදුවන එම රසායනික වෙනස්කම් නිසා. හැඟීම් ආවේග තීව්‍ර වීම, කටහඬ තීව්‍ර වීම, හැසිරීම් වෙනදාට වඩා වේගවත් වීම වෙනදා මෙන් නොව රතු වැනි තද පාට අධික ලෙස ප්‍රිය කිරීම. ශබ්ද නගා කෑගැසීම, ආදියයි. තමන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව පවා මේ අය වැරදි විදියටයි විශ්වාස කරන්නේ.
මේ රෝගයට දිගු කාලීනව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු අතර එවිට ක්‍රම ක්‍රමයෙන් රෝගය සුව වෙනවා. මෙයට බලිතොවිල් වැනි ශාන්තිකර්ම කිරීම පලක් නෑ.
එමගින් තාවකාලිකව රෝග තත්ත්වය සුව වීමක් පෙනුණත් ඉන්පසු එය තිබුණටත් වැඩියෙන් ඉස්මතු වීමේ අවදානම වැඩියි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive