අනෝමා ජිනාදරී ගැන කියන්න අටුවාටීකා අනවශ්‍යයි. ඇය වචනයේ පරිසමාප්තයෙන්ම රංගන ශිල්පිනියකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම වේදිකාවටත් රූපවාහිනියටත් සිනමාවටත් එක්වූ ඇයගේ පැතුම ස්ත්‍රියගේ වේදනාත්මක ඉකිබිඳුම සිනමාවට නැංවීමයි. මේ ඇය වෙත අපි ඉදිරිපත් කළ පැනයන්ට ඇයගේම අත්අකුරින් ලියූ පිළිතුරුයි.
* ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවාට එයින් ඔබට සුදුසු රැකියාවක් ලැබුණද?
මම විශ්ව විද්‍යාලයට ගිහින් අධ්‍යාපනය ලැබුවේ උපාධිය කරගහගෙන සමාජයට ඇවිත් රැකියාවක් කරන්න ඕනෑ, මුදල් හම්බ කරන්න ඕනෑ කියන සාම්ප්‍රදායික මානසිකත්වයකින් නෙවෙයි. විශ්ව විද්‍යාලයට තේරෙන්න ඕන කියන අභියෝගාත්මක මානසිකත්වය මම හදාගත්තේ මගේ ළමා කාලය වැඩිහිටියන් කාබාසිනියා කරලා විනාශ කරලා දාන්න හදපු නිසා. ඉතින් ඒ වගේ විශාල ඉලක්කයක් ඇති කර ගත්තු මම විශ්ව විද්‍යාලයට ගිහින් රැකියාවක් හොයාගන්න ඕන කියන පහළ ඉලක්කයක නවතින්නේ නෑනේ.මට රැකියාවක් ලබා දුන්නේ, ඒ කාලේදී මම නාට්‍යකරණය හා රඟපෑම ඉගෙනගන්න ගිය සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථනයේ නාට්‍ය වැඩමුළුවෙන්. ඒ තමයි මගේ නිළිකම. එය මේ ලෝකේ වැදගත්ම රැකියාවලින් එකක්.
* ඔබ විවාහය නිසා බැටකෑ ගැහැනියක ලෙසයි හඳුනාගෙන තියෙන්නේ. ඒ ගැන මොකද කියන්නේ?
මේ රටේ 90කට වඩා ගැහැනු විවාහය නිසා බැටකනවා. මගේ අම්මාත් එහෙමයි. මගේ දුවට වෙන්නෙත් ඒ ටිකමයි. ලිංගිකත්වය ගැන පාසල් විෂයක් තරම්ම දැනුමක් නැති පිරිමි සතෙක් විශ්වාස කරලා සිරිත් විරිත් කරපින්නාගෙන, ආසාවල් පොදිබැඳගෙන,
පතිභක්තිය ඇතිව කුල ගෙයකට යන කුල කාන්තාවක් දන්නේ මොනවාද?
ආදරය-විවාහය අතර කිසිදු සම්බන්ධතාවක් නැහැ
විවාහය - දරුවන් අතර කිසිදු සම්බන්ධතාවක් නැහැ
නමුත් අපිට කා වද්දලා තියෙන්නේත්, බැලූ බැල්මට පෙනෙන්නේත් මේ වාගේ සම්බන්ධතා තියෙනවා කියලා. ආදරය සුන්දරයි, මිහිරියි. ඒත් විවාහය අනේයා්න්‍ය අවබෝධ සහගතයි, වගකීම් සහගතයි. මේ දෙකටමත් වඩා දරුවන් ඉදිරියේ දෙමාපියන් හැටියට පරමාදර්ශී විය යුතුයි. ඉතින් මේ වෙනස්කම් දැන අඳුනාගෙන ඒ ඉදිරියේ මුහුණ දෙන්න නුවණක්, හැකියාවක් නැති පිරිමින් සමග ගැහැනිය ජීවිතයෙන් බැටකනවා.
* විවාහය කියන්නේ ආසියාතික කාන්තාවකට වධක භූමියක් ද?
ඔය ප්‍රශ්නයත් කලින් ප්‍රශ්නයටම අදාළයි. ගැහැනියට පුළුවන්කම තියෙනවා ආදරයෙන් ලබන අත්දැකීම්වලට අනුව විවාහ ජීවිතය සකසා ගන්න. දරුවන් ලැබුණ විට ඒ අනුව පවුල සකසා ගන්න. නමුත් බහුතර පිරිමියා හැසිරෙන්නේ මේ එක තැනකදීවත් මෝරපු සත්ත්වයෙක් විදියට නෙවෙයි. අපේ පාසල් යන වැඩිවියට පත් ගැහැනු දරුවන් ඉන්න පවුල් රෑ නින්දට ගියාම මව්වරුන්ට රෑට ඇවිත් කරදර කරන කොයිතරම් පියවරු සිටිනවාද? ඊට අකැමැති වුණාම එළිවුණ දවස පුරාම ඒ මවගෙන් අනේකවිධ ආකාරයෙන් ඒ පියා මානසිකව පළිගන්නවාද? ඒ විරසක දූ දරුවන් නොදන්නවා කියලා අපි හිතුවත් කොයිතරම් සංවේදීව දරුවන් ඒවා කියවනවාද? ඉතින් මේ වධක භූමියේ චරිත අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන්ම දූ දරුවන් ඊළඟ පරම්පරාවලටත් ගෙනයනවා ඒ ආකාරයෙන්ම.
* ඔබ කැමැත්තෙන්ම නේද ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය රඟපෑවේ?
මේ අධ්‍යක්ෂවරයා ඊට ප්‍රථම චිත්‍රපට තුනක් කළත් සිනමාවේ නමක් දිනාගත නොහැකි තැනකයි හිටියේ. ඔහුගේ කලාවට මමත් හවුල්. ඊට අමතරව ප්‍රධාන චරිතයේ රඟපෑමත් අභියෝගාත්මකයි. ඒ වාගේම අන් සිනමාකාරයෝ වගේ නෙවෙයි මේ සිනමාකරුවාට පතල කළ යුතු දෘෂ්ටියක් ඒ හරහා තිබුණා. එය පෙම්වතිය, බිරිඳ හැටියට අපි දෙදෙනා එකතුව නැගූ ක්‍රමික විකාශනයක් මිස හුදෙකලාව හෝ වෙනත් හොර ගැහැනුන් සමග ඇතිකරගත් නීච ධනපති කූට වෙළෙඳ ගනුදෙනුවක් හෝ පිට කසාගැනීමක් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන් අප ඉදිරියේ තිබුණේ දෘෂ්ටිය සඳහා අනිවාර්ය කැපකිරීමක්. මම ඒ කැපකිරීම මගේ ආත්මය සිරුර තුළින්ම කළා.
* ලෝකයේ ප්‍රසිද්ධ, ප්‍රබුද්ධ නිළියන් තම නිරුවත සිනමාවට විවෘත කරනවා නේද?
සරාගී නිළි පැමලා ඇන්ඩර්සන් ඊයේ පෙරේදා කියා තිබුණා ඇය වයස අවුරුදු හයේ දී හිංසනයටත් වයස 12 දී ලිංගික අතවරයටත් ගෙදර තුළදීම ලක් වුණු බව. නිරුවත හා ඊට ආත්මයෙන්ම කැපවන නිළියන්ගේ සැබෑ තත්ත්වය බලන්න. මීට වඩා මම මේ ගැන පිළිතුරු දෙන්න කැමැති නැහැ.
* ඔබ ඔබගේ ජීවිතය ද ඔබගේ පොත්වල ලියන්නේ?
මගේ ජීවිතයේ ප්‍රතිනිර්මාණය. මගේ ජීවිතය ලියුවේ නම් ඒක දිනපොතක් වෙනවානේ.
* ඔබ නැවත සිනමාවට එන්නේ නැද්ද?
මේකට නම් ටිකක් දීර්ඝ උත්තරයක් දෙන්න වටිනවා. මම වේදිකා, ටෙලි, සිනමා නිළියක්. ඒත් මම පිටපත් රචකයෙක්වත් අධ්‍යක්ෂවරයෙක්වත් නෙවෙයි. ඉතින් මට ගැළපෙන චරිත හා මා සමග වැඩ කිරීමට ප්‍රශස්ත අධ්‍යක්ෂවරයකු සිටින්නට ඕනෑ. පසුගිය දස වසර තුළ තිරනාටක 10ක් මට ලැබුණා. එකක් හැරෙන්නට අනෙක් නවයම කුණුහරුප. එකක් කළා. ඒත් අධ්‍යක්ෂවරයා දැන් ඔත්පළයි. ඒ නිසා චිත්‍රපටය හිරවෙලා. එය මතුයම් දවසක එළියට ඒවි. දැනට කෙරෙන ඉතිහාස, බෞද්ධත්වය විකෘති කරන චිත්‍රපට ගැන ප්‍රසන්න විතානගේ හොඳ පිළිතුරක් දීලා තිබුණානේ. ඉතින් තක්කඩි ව්‍යාපාරවල ගොදුරක් වෙන්න බැහැනේ.
අනෙක අපි දන්න ඉතිහාසය තුළ නළුවන් එක්කෙනෙක් දෙන්නෙක් දේශපාලනයේ ප්‍රචාරකවාදීන් වෙලා අලජ්ජ ආකාරයට තමුන් විතරක් රඟපාන තමුන් විතරක් චිත්‍රපට හදන ක්‍රියාවලියක නිරත වෙනවා. මේ මිනිස්සු නොදන්න දේ තමයි තවත් විශාල පිරිසක් ඔවුන්ගේ මේ අලජ්ජී ව්‍යාපාරය දිහා පිළිකුලෙන් බලා ඉන්න විත්තිය. එක කාලයක් සනත් ගුණතිලක මේ අලජ්ජී වැඩේ කළා. දැන් ජැක්සන් හා රවීන්ද්‍ර.
ඔවුන් තමුන් වටා ප්‍රාකාරයක් බැඳගන්නවා පමණක් නොවෙයි. සිනමාව වටාත් ප්‍රාකාරයක් බැඳලා අන් කලාකරුවන්ට කලාව කරන්න නොදෙන පජාත වැඩපිළිවෙළකුත් දියත් කරලා. මේවා නින්දිත වැඩ. කවදාවත් මේ අයට ඇඩ්‍රස් නැහැ.
* වේදිකාවෙන් චිත්‍රපට රංගනයට ආවේ හඳගම නිසා නේද? ඒ ආගමනය නේද මේ විදියට කෙළවර වුණේ?
අර්ධ වශයෙන් සත්‍යයක්. අර්ධ වශයෙන් අසත්‍යයි. මගේ පළමු වේදිකා නිර්මාණයේ අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධන. ගමන කෙළවර වෙන්න නම් මම මැරෙන්න ඕන. මම හැම වෙලාවෙම හිතන්නේ හැම කෙළවර වීමකම අලුත් ආරම්භයක් සනිටුහන් වෙනවා කියලයි. මරණයත් එහෙමනේ බුදු දහම අනුව.
* හඳගම හොඳ අධ්‍යක්ෂවරයෙක් ද සැමියෙක් ද?
ඔහුගේ සමකාලීන අධ්‍යක්ෂවරු සැමියන් එක්ක සන්සන්දනය කරලා බැලුවොත් ඔහු හොඳ සැමියෙක්. අධ්‍යක්ෂවරයෙක්. ඒත් ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එක්ක බැලුවොත් නම් 10යි හම්බ වෙන්නේ. ඔබ හොඳින් හොයලා බලන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නළු නිළියන්ගෙන් වැඩ අරගෙන ඔවුන් ඔසවා තබලා ඔවුන්ට හොඳ ගෙවීමක් කරලා ‘මගේ සිනමා කලාවේ මගේ දෘෂ්ටිය පෙන්වූයේ නළු නිළියන්’ කියලා පිළිඅරන් තියෙන හැටි.
* ඔබ කියා තිබුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුචරිත ගම්ලත්ට මුදල් ආධාර දුන්නා කියලා. නමුත් ඔහුගේ දියණිය එය ප්‍රතික්‍ෂේප කරනවා නේද?
මෙය හැමෝටම ප්‍රශ්නයක් වෙන්න කලික් මට සුබපැතුමක් සහ සත්ක්‍රියාවතක් අගය කරන්න ඕන. නාට්‍යකරණයේ මාක්ස්වාදී පදනමත් මත ක්‍රියා කළ සුගතපාල සූරීන්ට ඉන්න හිටින්න තැනක් නැති වුණාම එය ලබා දුන්නේ මාක්ස්වාදී අනුගාමිකයන් නෙවෙයි. ජනාධිපති ප්‍රේමදාස. යූ.එන්.පී. මැරයන් සරච්චන්ද්‍රට බයිසිකල් චේන්වලින් පහර දී කානුවට ඇදලා දාපු වෙලාවේ දී ඔහුට ලේක්හවුසියේ තනතුරක් දී පිහිට වුණේ චන්දිකා බණ්ඩාරනායක. අනෝජා වීරසිංහ, රූකාන්ත චන්ද්‍රලේඛා කලාකරවන්ට චන්ද්‍රිකා රජය යටතේ පහරදුන් විට ඒ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ රජය. කලාකරුවන් අගය කළ යුත්තේ ඔවුන්ගේ දුක සැප සොයා බැලිය යුත්තේ ජීවත්ව සිටියදීයි.
සුචරිත මහතාගේ සිද්ධියත් ඒ වාගේමයි. එතුමා විවිධ අසාධාරණයන්ට එදා සිටම විවිධ රජයන් යටතේ ලක් වුණා. විශේෂයෙන්ම එතුමාගේ අදීනත්වය නිසා. බුද්ධි මහිමය නිසා. ඔහු අසනීපයට පත් වූ විට එයින් සහනයට පත්විය යුතුයි. එය ආණ්ඩුවක් හෝ නායකයෙක් පමණක් නොවෙයි ප්‍රගතිශීලී ඕනෑම පුද්ගලයකු අගය කළ යුතු ක්‍රියාවක්. මම ජනාධිපතිව අගය කළේ එවන් තර්කානුකූල පදනමක ඉඳගෙනයි. තම තමුන්ගේ නැණ පමණ එය විග්‍රහ කිරීමට ඕනෑම කෙනකුට අයිතිය තිබෙනවා. ඕනෑම කෙනකුට අයිතියක් තිබෙනවා තමුන්ගේ බුද්ධිමත් සාධාරණ විවේචන මගේ වබේ පිටුවේ පළ කිරීමට. එහි අසත්‍යතාව ගැන කිසියම් පාර්ශ්වයකට මට අභියෝග කරන්න වුවමනාවක් තියෙනවා නම් මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් මම කැමැතියි ගරු අධිකරණයේ දී කාගේ හැඹිලියට ද ඒ සල්ලි ගියේ කියලා ඔප්පු කරන්න.ඒ ඇරෙන්න ජනාධිපතිතුමාට හෝ ගම්ලතුන්ගේ ශ්‍රී නාමයට අගෞරව කරන්න මට වුවමනා නැහැ.
* ඔබ කොහොමද සමාජවාදියි කියලා කියන්නේ?
දෙආකාරයකින් ඕනෑම කෙනකුට මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. පළමුවැන්න තමයි න්‍යායාත්මක වශයෙන්. දෙවැන්න තමයි භවිතාවෙන්. දෙඅංශයෙන්ම පරිපූර්ණ වුණහම තමයි පිළිගත හැකි සමාජවාදියෙක් වෙන්නේ. දේශපාලනික නියාම ධර්ම අනුව සමාජවාදය කියන්නේ Commiunisam වලට. Commiunisam සඳහා පදනම් වෙන්නේ කාල් මාක්ස්-පෙඩ්රික් එංගල්ස් විසින් තවදුරටත් විකාශනය කර බිහිකළ ඓතිහාසික සමාජවාදී මූලධර්ම.
පන්ති ක්‍රමය තුළ මුල් බැසගෙන තියෙන සූරාකෑම අහෝසි කර පරාරෝපණය අහෝසි කර සමාජ ආර්ථික සමානාත්මතාව තහවුරු කරලීම හා ඊට දායකවීමෙන් සමාජවාදී අර්ථ ක්‍රමයක් බිහි කරගත හැකි වෙනවා. සමාජවාදී ආකල්ප මා තුළ වගා වෙන්නේ මගේ පියා මට ගෙනැවිත් දුන්නු රුසියානු සාහිත්‍ය නිසා. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පුස්තකාලය නිසා. එහි ප්‍රකට නාට්‍යකරුවකු වන ඩග්ලස් සිරිවර්ධන පවත්වාපු නාට්‍ය වැඩමුළුව නිසා. හඳගම සමග එකතුව සමාජවාදී කලාවත් මේ රටේ ගොඩනැගීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නිසා. මේ එක කටයුත්තකදීවත් එක රුපියලක්වත් නොගෙන ජීවිතය දන්දුන් නිසා. මේ රටේ සමාජයේ අනේකවිධ දුක් දොම්නස් විඳින කාන්තාව වෙනුවෙන් චරිත රඟපාපු නිසා. දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩ ඉතිහාසයක් ඒ සම්බන්ධ කටයුතුවල මම නියැළිලා තියෙන නිසා.
* අද සමහර කලාකරුවන් ජනාධිපතිතුමා උපන් දිනයට සුබ පතනකම් බලාගෙන ඉන්නවා නේද?
ජනාධිපතිතුමා මේ රට විප්ලවීය පරිවර්තනයකට ලක් කළ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක්. එය ශ්‍රී ලංකා දේශපාලන ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඔහුගේ දේශපාලනය දූපත්වාදී නොවෙයි. ගෝලීය දේශපාලනයේ වර්තමාන පැතිකඩක්. ඔහු සෑම දේශපාලන ව්‍යාපාරයකම නියාමධර්මවලට ගරු කරමින් ඒ දේශපාලන නියෝජිතයින් ඒකරාශි කරගෙනයි මේ ගමන යන්නේ. එවන් දේශපාලන නායකයකු පාන්දර කතා කරලා කලාකරුවකු අමතනකම් කලාකරුවෝ නිදිවර්ජිතව ඉන්න එක කොයිතරම් දෙයක් ද?
* මොකක්ද ඔබේ ජීවිතයේ අලුත්ම අරමුණ?
ඒක හරිම වැදගත් ප්‍රශ්නක්. අලුත් අරමුණු කිහිපයක්ම තිබෙනවා. නළුකලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ස්ත්‍රීවාදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් රඟපෑම, විශ්වයටම අයිති දරුවෙක් සෑදීම.
* ඔබ සිනමාවට, වේදිකාවට දැන් වෛර කරනවා ද?
සිනමාවට වේදිකාවට එදාටත් වඩා ඊයේටත් වඩා මම ආදරෙයි. වෛර කරන්නේ මේ රටේ වේදිකාව ඊට වඩා සිනමාව තමුන්ගේ දේපළක් හැටියට තබාගෙන එය විකෘති කරන නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්ට, නළු නිළි බූරුවන්ට.
* දැන් ඔබ දකින්න නැත්තේ ඒකද?
වෙනත් වෘත්තියක් කිරීමට හැදෑරීම අත්‍යවශ්‍ය නමුත් රඟපෑම සඳහා වෛද්‍යවරුන්ට, මැති ඇමැතිවරුන්ට, පාරේ යන එන්නන්ට පුළුවන්කම තියෙනවා. මේ රටේ මං වගේ රඟපෑම හැදෑරූ කෙනකුට වැඩක් තියෙනවද?
* ඔබ කළ කෘතීන් ගැන මතක් කළොත්?
පුනරුක්ති, පුනරාගමන, පුනරෝපකථන මම කළ කෘතීන් කිහිපයක්. ඒ වගේම මගේ පොත් කියැවූ පාඨකයන්ට සදා ණයගැතියි. ඒ පොත් පෙළින් ඉදිරිපත් කළ කතාව පොදු අත්දැකීමක්.
ඉන්දීවරී පෙරේරා

0 comments:
Post a Comment