රට, ජාතිය අපකීර්තියට පත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අසත්‍ය වාර්තාවක් ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (13 වැනිදා) පැවැසූහ.
ඇයගේ අධීක්‍ෂණය මත ඇයම රඟපාමින් සකස් කර ඇති මෙම කුමන්ත්‍රණ වාර්තාව "ඇගේ වෛරය" ලෙස පෙනී යන බව ද උන්වහන්සේ කියා සිටියේ ඊයේ (13 වැනිදා) කිරුලපන බෞද්ධ මන්දිර
ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
හිටපු ජනාධිපතිනිය විසින් මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්‌වාමීන් වහන්සේලා කිහිප නමක් සහ ආගමික නායකයන් නියෝජනය කරමින් පූජකවරුන් කීප දෙනකු පසුගියදා පදනම් ආයතනයේ වැඩමුළුවකට කැඳවා එහිදී එක්‌රැස් කරගත් කරුණු ඇතුළත් කර දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතන නමින් සිංහල බෞද්ධයා සහතික පිරිසක් ලෙස හඳුන්වා මෙම වාර්තාව නිකුත් කර ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම වාර්තාව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වූ අවස්‌ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තාවට භික්‌ෂූන් වහන්සේලාට සහ බෞද්ධ සිද්ධස්‌ථානවලට වූ අකටයුතුකම් ඇතුළත් වී නැතැයි පෙන්වා දී ඇති බවද ඥානසාර හිමියෝ පැවැසූහ.
විශ්‍රාම යැමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විඡේතුංග වැනි අය විශ්‍රාම සුවයෙන් රට අපකීර්තියට පත්වන කිසිදු ප්‍රකාශයක් නොකළ බවද පෙන්වා දුන් ඥානසාර හිමියෝ එසේ නොසිටි චන්ද්‍රිකා මහත්මිය මේ නිර්මාණය කරන චිත්‍රපටය කාගේ අවශ්‍යතා සඳහාද යන්න පෙනී යන බව ද කීය.
චන්ද්‍රිකා මහත්මියට මෙම වාර්තාව සකස් කිරීමට මූල්‍ය ආධාර සැපවූයේ කවුද?, කොපමණ මුදලක් වැය කළාද? යන්න හෙළි කළ යුතු යෑයිද උන්වහන්සේ කීහ. වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට කොතෙක් උත්සාහ කළද මෙතෙක් එය ලබා ගැනීමට නොහැකි වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ, අධ්‍යයන හා පර්යේෂණ අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරුද සහභාගි වූහ.

0 comments:
Post a Comment