facebook like

එජාපය කඩාගෙන එන්න හදන අලුත්ම පොදු අපේක්ෂකයා

ජනාධිපතිවරණය ජනාධිපතිවරයා හා රනිල් අතර පැවැත්වෙන දෙකොන් සටනක් බවට පත්වනු ඇති බවට වූ ඉඟි පහළ වෙමින් පැවැතුණද මීට සති දෙකකට ඉහතදී සිදුවූ විශේෂ සිද්ධියක් හේතුකොටගෙන නැවත වතාවක් තත්ත්වය වෙනස්වන ලකුණු පහළ වෙමින් තිබිණ. එම විශේෂ සිදුවීම වූයේ එ.ජා.ප. නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිරය පිටුපස සිට විශාල දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීමට පටන්ගෙන තිබීමය. මේ දේශපාලන කුමන්ත්‍රණයේ අලගිය මුලගිය තැන් සියල්ලද අපි ඉකුත් සතියේ 'කැබිනට් එක' තීරුව ඔස්සේ රටට අනාවරණය කිරීමට පියවර ගත්තෙමු. අපගේ එම අනාවරණයත් සමඟම එහි සැඟවුණු තොරතුරු රැසක් පසුගිය සතිය පුරාම අප වෙත ගලාඑමින් පැවැතිණි. මෙවර 'කැබිනට් එක' තීරුව ඔස්සේ එම කුමන්ත්‍රණයේ අලුත්ම තොරතුරු රටට හෙළිදරව් කිරීමට ඒ අනුව අපි තීරණය කළෙමු.

විපක්ෂයේ
පොදු අපේක්ෂක
කතා ඉවරයි
ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්‍ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන බව ස්ථිර වීමත් සමඟ විපක්‍ෂයේ අනෙක් ප්‍රධානම ප්‍රදේශපාලන පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ රනිල්ගේ පැමිණීමත් සමඟ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සාකච්ඡා කඩාකප්පල් වී ඇති බවකි. එමෙන්ම රනිල් එන බවට ප්‍රකාශ වීමත් සමඟ කරුද අඳුරේ අතපත ගාන්නාක් මෙන් නිවේදන නිකුත් කරමින් දැනට එ.ජා.ප.ය ඇතුළේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා රනිල් බවත්, ඔහුගේ දේශපාලන පරිණතභාවය මත එම අපේක්‍ෂකත්වයට වඩාත් සුදුසුම තැනැත්තා ඔහු බවටත් කියමින් නිවේදන නිකුත් කළද, කොයිම මොහොතක හෝ එළියට පැමිණ ප්‍රසිද්ධියේ කටක් ඇර රනිල් වෙනුවෙන් පෙනී සිටීමට කරු කටයුතු කළේ නැත. කරු එසේ ප්‍රසිද්ධියේ නොකීවේ වෙන මොකවත් නිසා නොව එළැඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ සිහිනය කරුගේ හිතේ තදින්ම වැඩ කළ නිසාය.

කරුගේ
කොළඹ ගෙදර
රහස් සාකච්ඡාවක්
කරුගේ මේ සිහිනය නිසාම කරු දේශපාලන කුමන්ත්‍රණයක යෙදෙන බව මීට සති දෙකකට ඉහතදී අප අනාවරණය කළ අතර, එහිදී අපි කරුගේ දේශපාලන ජීවිතයම කුමන්ත්‍රණවලින් පිරීගිිය එකක් බවත්, ඒ හේතුවෙන්ම ඔහුට පක්‍ෂය ඇතුළේ කිසිඳු පිළිගැනීමක් නොමැති බවත් පෙන්වා දුන්නෙමු. ඒ අනුව කරුගේ මේ කුමන්ත්‍රණයේ තවත් එක් රහස් සාකච්ඡාවක් පසුගිය සතියේදී ඔහුගේ කොළඹ අමරසේකර මාවතේ පිහිටි නිවෙසේදී පැවැත්විණ. කරුගේ නිවෙසේ පැවැති සාකච්ඡාවට ඔහුට හිතවත් පුද්ගලයන් කිහිපදෙනකු සහභාගි වී සිටි අතර, එහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ මතුවී ඇති දේශපාලන වාතාවරණය යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස කරුව ඉදිරිපත් කළ හැකි ආකාරය කෙසේද යන්න පිළිබඳවය. එහිදී සාකච්ඡාව ආරම්භයේදීම කරු සිය කණ්ඩායමට එක් කරුණක් පැහැදිලිවම කියා සිටියේය. ඒ, එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව තමන්ගේ දේශපාලන ආයු කාලය නිමාවට පත්වන බවත්, ඉන් එහාට යන දේශපාලන ගමනක් තමන්ට නොමැති බවත්ය. ඒ හේතුවෙන් කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණයට තමන්ට තරග කිරීමට අවශ්‍ය බව සිය කණ්ඩායමට පෙන්වා දුන් කරු, රනිල් තරග කිරීමට තීන්දු කර ඇති තත්ත්වයක් යටතේ ඒ සඳහා ඉදිරිපත් විය හැකි ආකාරය සොයා බලන ලෙසද පිරිසට කියා සිටියේය.


ඒ අනුව පැය ගණනාවක් එකදිගට ඇදී ගිය සාකච්ඡා අවසානයේ පිරිස තීන්දු කළේ රනිල් ආවද කරුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය. එහිදී ප්‍රශ්නය මතුවූයේ එ.ජා.ප.යෙන් රනිල් ජනාධිපතිවරණයට එන වාතාවරණයක් යටතේ කරුත් එ.ජා.ප.යෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද කියාය. ඒ සම්බන්ධයෙන්ද පිරිස අතර වූ අදහස් හුවමාරුවේදී ඔවුහු කරුගෙන් එක් ප්‍රශ්නයක් විමසා සිටීමට කටයුතු කළෝය.

පක්ෂයෙන්
එළියට බහින්න
කරු සූදානමින්
'දැන් ඡන්දෙට රනිල් එන එක ස්ථිර හින්දා ඔබතුමාටත් එන්න ඕනෙ නම් යූ.එන්.පී. එකෙන් ඔබතුමාට තරග කරන්න බෑ. ඒ නිසා ඔබතුමාට තව සැරයක් පක්‍ෂයෙන් එළියට බහින්න වෙනවා. ඒක කරන්න ඔබතුමා සූදානම් නම් තමයි මේ සාකච්ඡා මෙතැනින් ඉදිරියට අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සාකච්ඡා තවදුරටත් ඉදිරියට අරන් යන එකේ තේරුමක් නෑ...' යන්න පිරිස කරුට පෙන්වා දුන් කාරණාව විය.


එහිදී සියල්ලක්ම පුදුමයට පත්කරමින් කරු කීවේ තමන් ඊට සූදානම් යැයි කියාය. ඒ පදනම මත හිඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යන ලෙසද කරු පිරිසට කියා සිටියේය. ඒ අනුව පිරිස පැය කිහිපයක සාකච්ඡාවකින් අනතුරුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් කරුව ගෙනඒමේ මහා පරිමාණයේ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කළහ. එම සැලැස්මේ ප්‍රථම පියවර වී ඇත්තේ මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වන 'විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනු' යන්න වටා විපක්‍ෂයේ සියලුම පක්‍ෂ ඒකරාශී කිරීමය. පසුගිය දිනවල මාඳුළුවාවේ සෝභිත හිමියන් ගිලන්ව ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීම හේතුකොටගෙන එළැඹෙන 19 වැනි දිනට මේ සම්බන්ධයෙන් කෙරෙන පළමුවැනි රැස්වීම පැවැත්වීමටද එහිදී පිරිස තීන්දු කළහ.
කරු
පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි
ඒ අනුව එම සැලැස්මේ දෙවැනි පියවර වී ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කෙරෙන තෙක් එම ව්‍යාපාරයට විවිධ පක්‍ෂ, සංවිධාන, කණ්ඩායම් වෘත්තීයවේදීන් ඇතුළු පිරිස් ඒකරාශී කරගෙන එම ව්‍යාපාරය වඩාත් පුළුල් එකක් බවට පත්කිරීමය. ඉන් අනතුරුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහා කරු එ.ජා.ප.යෙන් ඉවත්වීම සැලැසුමේ තුන්වැනි පියවරය. පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට, එසේ එ.ජා.ප.යෙන් ඉවත් වන කරු තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කිරීම සැලැස්මේ ඊළඟ පියවරය.


කරු මේ ආකාරයට නිර්පාක්‍ෂික පුද්ගලයකු බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්‍ෂයේ බලවේගය කාටත් එකඟ විය හැකි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් කරුට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කිරීම එහි ඊළඟ පියවරය. ඒ අවස්ථාවේදී සැලසුමට අනුව කරු සෝභිත හිමියන් ප්‍රමුඛ විපක්‍ෂ බලවේගයේ ආරාධනාව භාරගෙන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිකන්ම ආවාට ගියාට නොව මාස තුනක් ඇතුළත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කොට තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද කරමින්ය.

මෙහෙයුම
පටන් ගත්තේ ලන්ඩනයෙන්
මීට අමතරව කරුගේ මෙම සැලැස්මේ ආරම්භක ස්ථානය පිළිබඳවද මේ වන විට අපට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මෙම සැලැස්මේ ආරම්භය සනිටුහන් වූයේ ලංකාවේදී නොව, ලන්ඩනයේදීය. මීට සති කිහිපයකට ඉහතදී කරු ලන්ඩනයේ සංචාරයක නිරතව සිටි අතර එහිදී මේ දිනවල ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව විවේක සුවයෙන් ලන්ඩනයේ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා කරු අතර පැවැත්වී ඇති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීන්දුව ගැනීමට දෙදෙනාගේම එකඟත්වය ලැබී තිබේ. එහිදී කරු චන්ද්‍රිකාට ප්‍රකාශ කොට ඇත්තේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමේ අවස්ථාව රනිල් කඩාකප්පල් කරමින් සිටින බවත්, ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්ය. කරුගේ මෙම අදහස් දැක්වීමෙන් පසු චන්ද්‍රිකාද කරුට පෙන්වා දී ඇත්තේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම හරහා ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල කළ හැකි බවත්, එසේ වුවහොත් ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමට පවා ඉඩ ලැබෙනු ඇති බවත්ය. සෝභිත හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කොට සියල්ලන්ටම එකඟ විය හැකි පොදු වේදිකාවක් සකසා එම ව්‍යාපාරය ඉදිරියට රැගෙන යෑමට දෙදෙනා අතර එකඟතාවක් ඇතිවූයේ මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසටය.

ගුරු මාරුවත්
එක්ක
චන්ද්‍රිකා ලංකාවට
මෙහිදී චන්ද්‍රිකා මාස කිහිපයක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව ලන්ඩනයට වී සිටීම සම්බන්ධයෙන්ද කරු - චන්ද්‍රිකාගෙන් විමසා සිටියේය. එහිදී චන්ද්‍රිකා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ දිනවල තමන්ගේ ග්‍රහචාරය පිළිබඳව ජේ‍යාතිෂවේදීන් දී ඇති උපදෙස්වලට අනුව මේ ආකාරයට දේශපාලනයෙන් ඉවත්ව ලන්ඩනයට වී සිටින බවකි. එමෙන්ම ලබන ජුනි 19 වැනි දින සිදුවන ගුරු මාරුව තමන්ට ඉතා හොඳ බව කරුට කියා සිටි චන්ද්‍රිකා එම ගුරු මාරුවෙන් පසු වසරක කාලයක් යන තෙක් තමන්ට ඉතා හොඳ ග්‍රහචාරයක් උදාවන බවත්, එම කාලය ඇතුළත නැවත ලංකාවට පැමිණ දිගටම දේශපාලනයේ යෙදෙන බවත් චන්ද්‍රිකා කරුට දැනුම්දී සිටියාය.


ඒ අනුව මේ වන විට කරු ඇතුළු ඔහුට හිතවත් කණ්ඩායම තීන්දු කොට ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත කරුව විපක්‍ෂයේ කාටත් එකඟ විය හැකි පොදු අපේක්‍ෂකයා වශයෙන් අභිෂේක ගන්වන සටනට අත්පොත් තියන්නටය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව විපක්‍ෂයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා වශයෙන් කරු නම් කිරීමටත් ඒ සමගම ඔහුට සහාය දෙන ලෙස රනිල්ටද පක්‍ෂය ඇතුළෙන් විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත්ය. එම දැඩි බලපෑමට අනුව රනිල්ද අවසාන මොහොතේදී කරුට සහාය පළ කොට ජනාධිපතිවරණ සටනින් ඉවත්වනු ඇති බව ඔවුන්ගේ අදහසය.

දෙපැත්තෙන්ම කැඩීමේ
මෙහෙයුමක්
කෙසේ වෙතත් එම දැඩි බලපෑම් හමුවේ වුව රනිල් ජනාධිපති සටනට පැමිණීමට තීන්දු කළහොත් කරු ඇතුළු පිරිස ඊටද විකල්පයක් සූදානම් කොට තිබේ. ඒ, මහින්ද, රනිල්, කරු යන තිදෙනාම ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරන වාතාවරණයක් යටතේ ජනාධිපතිවරණ සටන දෙවැනි වටය දක්වා ඇදගෙන ගොස් එහිදී ජය ලැබීමටය. ඒ අනුව රනිල්ට ඡන්දය දෙන එජාප අපේක්‍ෂිකයන්ගෙන් දෙවැනි මනාපය කරුට ගසන ලෙස ඉල්ලා සිටීම එම සැලැසුමය.
මීට අමතරව චන්ද්‍රිකා සමඟ පැවැති සාකච්ඡාවලදී මෙන්ම කරුගේ නිවෙසේ පැවැති සාකච්ඡාවලදීද තවත් ප්‍රධාන තීන්දු තීරණ කිහිපයක්ම මෙම කණ්ඩායම රැගෙන තිබිණි. ඉන් එක් තීන්දුවක් වූයේ දැන්ම තියා සෝභිත හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කොට චන්ද්‍රිකා ලංකාවට පැමිණීමෙන් පසු ඉතා තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩු පක්‍ෂයේ කලකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරු කිහිපදෙනකු එම ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන එය තවදුරටත් ශක්තිමත් කිරීමටය.
එමෙන්ම එහිදී කරුද පිරිසට පොරොන්දුවක් ලබා දීමට කටයුතු කළේය. ඒ වෙනකක් නොව, එවැනි තීරණාත්මක අවස්ථාවකදී එජාපයෙන්ද පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පිරිසක් කඩා ගැනීමට තමන්ට හැකි යැයි කියාය. ඒ ආකාරයට චන්ද්‍රිකා ආණ්ඩු පක්‍ෂයෙන් ගෙන එන පිරිසද, තමන් එජාපයෙන් ගෙන එන පිරිසද එකතු කර තවත් පොදු වේදිකාවක් සකස් කළ හැකි බවද කරු පිරිසට පෙන්වා දුන්නේය. ඒ අනුව පිරිස කරුට කියා සිටියේ එජාප නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ඊට සූදානම් වන ලෙසටය. ඒ නිසා දැන්ම තියා සියලුම මන්ත්‍රිවරුන්ගේ සිත් දිනා ගැනීමට කටයුතු කරන ලෙසටත්, ආසනවල පවතින ප්‍රශ්න විස¼දා දී ඔවුන් සමඟ සුහදතාව වර්ධනය කරගන්නා ලෙසටත් පිරිස කරුට උපදෙස් දුන්හ.

කුමන්ත්‍රණ අස්සේ
රනිල්-කරු
රහස් හමුවක්
මෙහිදී කරු ඇතුළු පිරිස විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ සහ බලවේග මෙම ව්‍යාපාරයට එකතු කරගන්නා ආකාරය පිළිබඳවද අදහස් හුවමාරු කරගත්හ. එහිදී මුලින්ම සාකච්ඡාවට ලක් වූයේ ඉකුත් පළාත් සභා ඡන්දවලදී සැලකිය යුතු ඡන්ද කුට්ටියක් කඩාගත් සරත් ෆොන්සේකා පිළිබඳවය. ඒ අනුව ෆොන්සේකා සමඟ සාකච්ඡා කිරීමේ වගකීම චන්ද්‍රිකාට භාර කිරීමට පිරිස තීන්දු කළහ. එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ වන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජාතික හෙළ උරුමයත්, ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණත් මෙම වේදිකාවට ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්විය. එහිදී පිරිස පෙන්වා දුන්නේ කරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ "නිර්පාක්‍ෂික" පදනමින් නිසා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම පදනමේ සිට හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත් සමඟ සාකච්ඡා කොට ඔවුන්වද එම වේදිකාවට ගතයුතු යැයි කියාය.


මේ ආකාරයට කරු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තැන් තැන්වල සතර කන් මන්ත්‍රණ, අටකන් මන්ත්‍රණ පැවැත්වෙද්දී කරුද අවසන් මොහොත වන තෙක් එජාපය ඇතුළේ රැඳී සිටිය යුතු නිසා කිසිවක් නොදන්නා ගානට පසුගිය සතියේදී හීන් සීරුවේම රනිල්ව හමුවන්නට යෑමට කටයුතු කළේය. කාටත් හොරෙන්ම එසේ රනිල්ව හමුවන්නට ගිය කරු අබ කෑ එකාගේ මොළය දනවා කීවා වාගේ රනිල් අසන්නටත් ප්‍රථම මාධ්‍යවල පළව ඇති පොදු අපේක්‍ෂක කතා ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කළේය. රනිල් හා කරු අතර පමණක් මුහුණට මුහුණ පැවැති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කරු රනිල්ට සහතික කොට කියා සිටියේ රනිල් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නම් ඔහුට සහාය දීමට තමන් කටයුතු කරනවා යැයි කියාය. නමුත් රනිල්ගේ මුහුණට කරු එසේ කියා සිටියද කොයිම මොහොතකවත් එළියට පැමිණ ප්‍රසිද්ධියේ රනිල් එකම අපේක්‍ෂකයා බවට ප්‍රකාශ නොකර සිටීමට කරු වග බලාගෙන ඇත. ඒ අන් කිසිවක් නිසා නොව එසේ ප්‍රකාශ කළහොත් මේ වන විට දියත් වෙමින් තිබෙන ඔහුගේ සැලැසුම්වලට ඉදිරියේදී එය විශාල බාධාවක් වන නිසාය. ඒ අනුව මේ වන විට කරු තමන් රනිල්ට සහාය දෙන බවට මෙන්ම තමන් රනිල් සමඟ සිටින බව කියමින් ඔහුට සමීප වෙබ් අඩවිවල පුවත් පළ කරවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive