facebook like

ඇමති එස්.බී. ගේ දෙබිඩි ප්‍රතිපත්ති – එදා සහ අද (Video)...........එස්.බී. රෙද්ද කඩා ගනී (Video)

දිවුලපිටිය, බරවාවිල ප්‍රදේශයේ දි පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යාම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා

දිවුලපිටියේ වෙඩි තැබීම ගැන කතා කරා. සිරස පත්තරේ සිරස පත්තරේ මේකේ වීඩියෝ එකකතු දැම්මා. ඒ සිද්ධිය එක මිනිහෙකුට එක මනුස්සයෙක් ඇවිල්ලා පිහියෙන් අනිනකොට එතෙන්ට පොලිස් නිලධාරියා ගියාම මේ පිහියෙන් අනින මිනිහා බීමත් මිනිහා අර පොලිස් නිලධාරියාට පිහියෙන් අනිනවා. අර පොලිස් නිලධාරියාටත්.එතකොට අනිත් පොලිස් නිලධාරියා වෙඩි තියනවා. ඉතාම නිවැරදි දෙයක්. තමුන් එක්ක ගිය අනිත් පොලිස් නිලධාරියාට පිහියෙන් ඇනලා මරන්න හදනකොට වෙඩි තියනවා. ඉතාම නිවැරදි දෙයක්. දැන් සිරසට පොලීසිය කියනවා අනේ කරුණාකරලා ඒ විඩියෝ එක ගෙනත් දෙන්න. දැන් සිරසේ ගියානේ. ඒ විඩියෝ එක ඒ කැමරා කරපු මනුස්සයා බස් එකේ යනකොට අපිට ගෙනල්ලා දෙන්න තවම ගෙනල්ලා දීලා නැ. තවම නෑ.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විටත් එම ඝාතනයට අදාළ දර්ශන පොලීසිය මාර්ගයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 13 ක් ගතවී අවසන් ය.

දිවුලපිටිය පොලිස් වෙඩි තැබීමට අදාළව නිව්ස්ෆස්ට් විකාශය කළ දර්ශන ඇතුළත් ඩී.වී.ඩී. පටය ජුනි 28 වන දා අධිකරණයට භාර දුන් බවට සාක්ෂි දරණ ලිපිය අප සතුයි.

එදින පස්වරු 5ට එම්.බී.සී. සම්පත් නැමති පොලිස් නිලධාරියා පැමිණ එම දර්ශන ඇතුළත් ඩී.වී.ඩී. පටය භාර ගත් බවට ලිපියේ අත්සන් කර තිබේ.

ඊට අදාළව අධිකරණය හමුවේ නිව්ස්ෆස්ට් සාක්ෂි ද ලබා දී අවසන් ය.

එහෙත් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස භාර නොගන්නා ලෙස ය.

සිරස පත්තරයක් ලෙස ඊයේ පාර්ලිමේන්තුවේදී අපහාසාත්මකව හැඳින්වූ එස්.බී දිසානායක මහතා අධිකරණයට ද අපහාස කර වරක් සිර දඬුවම් ද හිමිවිය.

සිරස පත්තරයක් නොවන බව අප එස්.බී. දිසානායක අමාත්‍යවරයාට සිහිපත් කරයි.

බන්ධනාගාරයෙන් නිදහස් ලබා එස්.බී. දිසානායක මහතා පිටතට පැමිණි පසුව ඔහු කළ ප්‍රකාශය නිව්ස්ෆස්ට් සජීවීව විකාශය කළේය.

ඊයේ සිරස නිව්ස්ෆස්ට් පිළිබඳව පාර්ලිමේන්තුව නොමග යවන අයුරින් ප්‍රකාශයක් කළ මේ අමාත්‍යවරයා පසුගිය සමයේ දැක්වූ අදහස් කිහිපයක් මේ.

2013.11.10

සිරස ඇත්තටම මේ වගේ දුෂ්කරතාවයට පත් වෙච්ච අසරණ වෙච්ච ‍මේ දරුවන් සොයා ගෙන ගිහිල්ලා මේ පවුල් සොයා ගෙන ගිහිල්ලා ගම්මාන හොයා ගෙන ගිහිල්ලා ඒ අයට උදව් උපකාර කිරීම සඳහා ඒවා රටට හෙලි දරව් කිරීමේ මේ සිරස ගෙනියන වැඩපිලිවලට මම ඉතාම කැමතියි.
2013.10.07

මේ පාර මුල්ගල තිබ්බ දවසේ, මෙතනට ඇවිල්ලා හිටියා අද වාගේම අපේ මේ, සිරස මාධ්‍යවේදියා. සිරසට අපි විශේෂ ගෞරවය පිරිනමමින් මේකත් ඒවාගේම, මේක දාන්න කියලා මම කියනවා.
කාලයෙන් කාලයට සිය දේශපාලන මතය වෙනස් කරන එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය කාලසීමාවේ අවස්ථා ගනනාවකදී මෙවැනි දෙබිඩි ප්‍රකාශ කර ඇති බවට සාක්ෂියි මේ.

තම දේශපාලන ගමනේ තීරණාත්මක සමයකදී සිය නායිකාව වූ හිටපු ජනාධිපතිනිය දිසානායක මහතා පසු ක‍ලෙක මෙසේ විවේචනය කළේය.

2014.03.20

අපේ හිටපු අතිගරු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිණිය එතුමිය මේ දැන් බොහොම විවේකයෙන් ඉන්නේ හොඳයි මේ කාලේ එතුමිය පිනක් දහමක් කරන්න පන්සලට ගිහිල්ලා සිල් ටිකක් ගන්නවනම් හොඳටම හොඳයි.
2014.04.12

එතුමිය පුළුවන් තරම් විශ්වාස කරා ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙනකම් ඉන්න දඟලන්න.හැබැයි අපේ හාමුදුරුවනේ එච්චර ඡන්ද තිබුනේ නෑ.එතුමියට විපක්ෂයෙන් අපට කට්ටිය එකතුකරගන්නවා තියා අපේ ඉන්න කට්ටිය රැකගන්නවත් හයියක් තිබ්බේ නෑ .
සිය පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඔහු පසුව එම පක්ෂයද විවේචනය කළේ මෙලෙසින්.

2014.04.25

මේ රටට ඒ දුෂණ ඒ හොරකම් වංචා ඒ අපරාධ සියල්ල කලේ කරේ එක්සත් ජාතික පක්ෂය.
2013.10.06

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය දැන් බලු පොරයකට ගිහිල්ලා.
දැන් එස්.බී දිසානායක ඇමතිවරයා සරසවි සිසුන් විවේචනය කරමින් සිටී.

2014.06.05

අපි ඔය කියන ඔය කාලකන්ණින්නට ලිඛිතව දෙන්නෙත් නෑ. උන් පිස්සෝ… උන් මෝඩයෝ..උන් නරියෝ…
2014.06.17

විභාගය ෆේල් වෙන විශ්ව විද්‍යාලයෙන් එළියේ ඉන්න කැට එකතු කර කර පාරේ හැමදාම ඉන්න කැමති මේ කාලකන්නි නරි.
විශ්වවිද්‍යාල ආචාර්වනරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර

උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අපි 2012 වසරේ විතර ඉදලම  පුරුදු දෙයක්. සමහර ක්‍රියා මාර්ගයක් දිහා බැලුවම පේන්නේ එතුමා වෙනත් අමාත්‍යාංශයක වැඩ කරන ගමන් මෙහෙ ඇවිල්ලා වගේ. පශු සම්පත් අමාත්‍යාංශයේ වෙන්න පුළුවන් සමහර විට සත්තුන්ගේ නම් පාවිච්චි කරන දේවල් තියෙන්නේ ඒ හින්දා මං හිතනවා මීට වඩා විනයක් තියෙන අපි කථා කරන විෂයන් සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න සමිබන්ධයෙන් තේරුම්ගත හැකි අකාරයේ කටයුතු කරන අමාත්‍යවරයෙක් හැටියට.පරිවර්ථනය වීමේ විභවයක් එතුමාට ඇතැයි කියලා. පැහැදිලි දිය බොර කිරීමටත් සමහර අමාත්‍යවරු පත් කරන බවත් පේනවා.එහේම කොටසක ව්‍යාපෘතියක කොටසක්ද දන්නේ නැහැ.
එස්.බී දිසානායක අමාත්‍යවරයාගේ අතීත ක්‍රියා විමසීමේදී පැහැදිලිවන කරුණක් වන්නේ තොරතුරු හරිහැටි නොදැන කරන මෙවැනි ප්‍රකාශ පිළිබඳව පුදුම නොවිය යුතු බව ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive