facebook like

සත්ව ලෝකයේ දීර්ඝතම මතකයක් හිමි සත්වයා

සෑම ඩොල්ෆින් මත්ස්‍යයෙකුටම තමන්ටම ආවේණික වූ සිවුරුහන් නාදයක් තිබෙන අතර සමාජීය වශයෙන් එකිනෙකා අතර ඉතාමත් සමීප බැඳීමක් ඇතිකර ගැනීමට එම සිවුරුහන් නාදය ඔවුනට උපකාරී වේ. ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාඥ ජේසන් බෘෘක් විසින් සිදුකළ මෙම පරීක්ෂණයෙන් හෙළිවූයේ මිනිසුන්  හැරුණු කොට මිහිපිට වාසය කරන සත්වයින් අතරින් දීර්ඝතම
මතකයක් තිබෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යාට බවයි. ඒ වගේම අලින්ට හා චිම්පන්සියන්ට ද ඒ හා සමාන වෙනත් හැකියාවන් තිබෙන බවද
සොයාගෙන තිබේ.
ජේසන් විසින් බෝතල් නාස් තිබෙන ඩොල්ෆින් මත්ස්‍යයන් 43 දෙනෙකු පමණ යොදාගෙන ඇත්තේ ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ පවතින ඉතාමත් වැදගත් සමාජීය අනේ‍යාන්‍ය බැඳීම පදනම් කරගෙනය. වර්ගයා බෝ කිරීම සඳහා කාලයක්  එකට තැබූ ඩොල්ෆින් මත්ස්‍යයන් දෙදෙනකු අවුරුදු 10ක කාලයක් තිස්සේ එකිනෙකාගෙන් වෙන් කර ඔවුන් නැවත එකතු කිරීමේදී අවුරුදු 10ක් එකිනෙකාගෙන් වෙන් වී සිටියත් තම සහකරුවාගේ මතකයන් තවමත් ඔවුන් සතුව පවතින බව මෙම පරීක්ෂණය මගින් හෙළි වී තිබේ.
ජේසන් විසින් පළමුව
සිදුකර තිබෙන්නේ හුරුපුරුදු නැති ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ පටිගත කරන ලද සිවුරුහන් නාදයන් ඇසීමට සැලැස්වීමයි. නමුත් එවැනි හුරුපුරුදු නැති සිවුරුහන් නාදයන්ට සැලකිය යුතු තරම් ප්‍රතිචාරයක් ඩොල්ෆින් මත්ස්‍යයන් විසින් දක්වා නොමැත. නමුත් අවුරුදු 10කට පමණ පෙර ඔවුන්ගෙන් වෙන් වූ පැරණි මිතුරන්ගේ සිවුරුහන් නාදයන් ඇසීමත් සමග ඔවුනොවුන් යම්කිසි සිවුරුහන් නාදයක් නිකුත් කර පැරණි මිතුරාගෙන් ප්‍රතිචාරයක් ලැබෙනතුරු  නොඉවසිලිමත්ව හැසිරී තිබෙන ආකාරය ජේසන් විසින් කරන ලද පරීක්ෂණයෙන් සනාථ වී තිබේ.
හසිත දර්ශන

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive