facebook like

චන්දිමාල්ට දුක හිතුනට කමක් නෑ අපි දිනුවනෙ

විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය හෝටල් කාමරයේදී ගීත ගයමින්, විනෝද වෙමින් ජයග්‍රහණය සැමරූ බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.

ශූරතාවලියේ මුල පටන්ම කණ්ඩායම ඉතා සමගියෙන් එකමුතුව ක්‍රීඩා කළ බව බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට අදහස් දක්වමින් ප්‍රකාශ කළ මයිකල් ද සොයිසා, කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව එය
බවද සඳහන් කළේය.

ජයග්‍රහණයෙන් අනතුරුව කණ්ඩායමට තහනම් උත්තේජක පරීක්ෂණයට සහභාගි වීමට සිදු වූ බව ප්‍රකාශ කළ කළමනාකාරවරයා, ඉන් අනතුරුව කණ්ඩායමේ සියලු සාමාජිකයන් තමන් නැවතී සිටි හෝටලයේ තමාගේ කාමරයට රැස් වූ බවද පැවසීය.

“ඊට පස්සේ පැය තුන හතරක් සින්දු කිවුවා. ජොලි කෙරුවා,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

විස්සයි විස්ස පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් සකස් කොට තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවසාන පන්දු ඕවර හතරේදී ඉන්දීය කණ්ඩායම රැස් කිරීමට සමත් වූයේ ලකුණු 15 ක් පමණක් බව පෙන්වා දෙන ඔහු, විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන දායකත්වය දැක්වූයේ පන්දු යවන්නන් බවද සංදේශයට කියා සිටියේය.

කණ්ඩායම ඉන්දියාවට එරෙහි සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කළ බව, මයිකල් ද සොයිසා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය කරා පිටත්ව යන විට නායකත්වය දැරුවේ දිනේෂ් චන්දිමාල් වුවත් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූවේ ලසිත් මාලිංග විසිනි.

ඒ පිළිබඳව දිනේෂ් චන්දිමාල් කනගාටු වූයේ දැයි කළ විමසීමකට පිළිතුරු දුන් මයිකල් ද සොයිසා කියා සිටියේ පැහැදිලිවම ඔහුට කණගාටුවක් ඇතිවන්නට ඇති නමුත් ලෝක කුසලානය දිනා ගැනීම උදෙසා කණ්ඩායම වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඔහුට සිදුවන්නට ඇති බවයි.

“අන්තිමට කණ්ඩායම ජයග්‍රහණය ගත්තනේ? දිනුවේ නැත්නම් ඒක අසාධාරණයක් කියල අපිට කියන්න පුළුවන්,” යනුවෙන් ඔහු සඳහන් කළේ එය අසාධාරණ තීන්දුවක් විය හැකි නොවේදැයි කළ විමසීමට ප්‍රතිචාරය පළ කරමිනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive