අප ඉදිරිපිට විශාල චිත්‍ර දෙකක් තිබේ. එයින් එකක් දේශපාලන විකට චිත්‍රයකි. එහි පාත්‍ර වර්ගයා මර්වින් සිල්වා සහ පාලිත තෙවරප්පෙරුම ය. අපූරු හාදයකු වන මර්වින් සිල්වාගේ හදවත බටර් මේස හැන්දක් සේ වහා උණුවන එකකි. ඒ නිසා මේ හදවත කවදාවත් තිබිය යුතු තැන තිබෙන්නේ නැත. ඒ නිසා විටෙක සමෘද්ධි නිලධාරියකු ගස් බඳින්නට ඔහුට සිතෙයි. තවත් විටෙක එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විවාහ කර ගැනීමට සිතෙයි. මෙයට කලකට පෙර කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සාහසික වෙඩි පහරකින් මියගිය විට කැලණියේ සංවිධායක තනතුරෙන් ඉතා ප්‍රතිපත්තිගරුක ලෙස ඉල්ලා අස්‌වීමට පියවර ගත්තේ ය. ඉන්පසු එළඹි පළාත් සභා ඡන්දයේදී ආණ්‌ඩුව ඔහුගෙන් වැඩ ගත් නමුත් කැලණියේ සංවිධායකකම යළි ඔහුට නිල වශයෙන් ලබා දුන්නේ නැත. මේ චිත්‍රයේ සිටින අනෙක් තැනැත්තා එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ය. ඔහුගේ 'ට්‍රැක් රෙකෝඩ්' එක දිහා බලන විට පෙනෙන්නේ ඔහු කලක් සජිත් ප්‍රේමදාසට පක්‍ෂපාත වී සිට දැන් නොපැහැදීමෙන් සිටින බව ය. ළඟදී දවසක ඔහු වල් වැදී තිබුණු සුසාන භූමියක් තනියෙන්ම උදලුගා පිරිසිදු කළේ ය. තවත් විටෙක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ප්‍රචණ්‌ඩත්වය මුදා හැරීමට තැත් කළේය. මේ අතර බේරුවල සිද්ධියේදී ගුටි කා ඔහු එයට තුඩු දුන් වාර්ගික කෝලාහලය පිළිබඳ වගකීම භාරගෙන පොලිස්‌පති ඉල්ලා අස්‌විය යුතු බව කීවේ ය. එහෙත් පොලිස්‌පති ඉල්ලා අස්‌වූයේ නැත. මන්ද ඔහුට පිස්‌සු නැත. එයට විරෝධය පළ කළ පාලිත තෙවරප්පෙරුම තම මන්ත්‍රීකමින් ඉල්ලා අස්‌වන බවට ලිපියක් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහට භාරදුන් තෙවරප්පෙරුම රනිල්ට වාතයක් වී සිටි නිසා වහාම එම අස්‌වීම භාරගනු ඇතැයි අපි සිතා සිටියෙමු. එහෙත් රනිල් එසේ නොකර ලිපිය ප්‍රතික්‍ෂේප කළේ ය. මේ අතර පොලිස්‌පති අස් වුණොත් තමා මන්ත්‍රී ධුරයෙන් අස්‌වන බව ඇමැති මර්වින් සිල්වා කීවේ ය. මෙය පොලිස්‌පතිට අස්‌වීමට කිසිදු හේතුවක් නැති නිසා ඔහු අස් නොවන බව දැන දැනම මර්වින් සිල්වා කළ ප්‍රකාශයක් බව අපගේ වැටහීමය. අන්තිමේදී සිදු වූයේ කවුරුවත් අස් නොවී මර්වින් සහ පාලිත විකට චිත්‍රයක චරිත දෙකක් බවට පත් වීම ය. එසේම පාලිත කෙසේ වෙතත් මර්වින් සිල්වාගේ අස්‌වීම අපේක්‍ෂා කළ විශාල පිරිසකගේ බලාපොරොත්තු කඩවීම ය.
අප ඉදිරිපිට තිබෙන දෙවන චිත්‍රය ප්‍රචණ්‌ඩ චිත්‍රයකි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී මහාචාර්ය සරච්චJද්‍රට කාණුවකට දමා පහර දීමේ රූප සටහනට අමතරව තවත් කාලකණ්‌ණි සහ අධම එ.ජා.පයට ආවේණික රූප සටහන් රාශියක් මෙහි ඇත. මේවාට අලුතින්ම එකතු වූ රූප සටහන වන්නේ දයාසිරි ජයසේකර විසින් හරීන් ප්‍රනාන්දුගේ (එජාප මන්ත්‍රී) උරහිස අනුභව කරන ලද්දේ ය යන සිද්ධිය යි. මෙය ප්‍රකට රූපවාහිනි වැඩසටහනක විවේක කාලයේදී ජනතාවට නොපෙනී, අදාළ රූපවාහිනියේ කාර්ය මණ්‌ඩලයට පමණක් පෙනී සිදු වූවකි. මෙහිදී අපට මතක්‌වන්නේ මයික් ටයිසන් නමැති බොක්‌සිං ක්‍රීඩකයා විසින් එවෙන්ඩර් හොලිµSsල්ඩ් නමැති සිය ප්‍රතිවාදියාගේ කන කෑම ය. එම සිද්ධියෙන් පසු ඇමරිකන් චොක්‌ලට් නිෂ්පාදකයෝ හොලිµSsල්ඩ් ගේ කනෙහි ස්‌වරූපයට අනුව චොකලට් කන් නිපදවා වෙළෙඳපොළට යවා මහත් ලාභ ලැබූහ. මෙහිදී ටයිසන්ගේ අනුගාමිකයෝ හොලිµSsල්ඩ්ගේ චොකලට් කන් මිලට ගෙන වැඩි වැඩියෙන් අනුභව කළහ. බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක පාපන්දු තරගාවලියේදී එක් ක්‍රීඩකයකු ප්‍රතිවාදී ක්‍රීඩකයකුගේ උරහිස සපා කෑවේ ය. මේ නිසා නව අදහස්‌වලට ගරු කරන කෙනෙකුට හරීන් ප්‍රනාන්දුගේ උරහිස හැඩයට රස කැවිල්ලක් නිපදවා වෙළෙඳපොළට දැමිය හැකි ය. ඒ අතර දයාසිරි සහ හරීන්ගේ විවාදය බලා සිටි අපට නම් සිතුනේ අනුභව කළ යුත්තේ උරහිස් නොව දෙදෙනාගේම කටවල් බවය......... (මෙය මෙතනින් නිමියේය. අවශ්‍ය ඉතිරියක් වෙතොත් පාඨකයන්ට එය එකතු කර ගත හැකි ය.
divaina -

.jpg)

0 comments:
Post a Comment