'තමුසෙ කවුරු වුණත් කමක් නැහැ පල බූරුවෝ යන්න' යනුවෙන් බැන වැදී මහරගම ප්‍රදේශයේ සිය නිල රථයෙන් යමින් සිටි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අපහාස කළ බව කියන මහරගම පොලිස් රථවාහන අංශයේ සැරයන්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.
මහරගම පොලිසිය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වෙත ඒ බව කියා සිටියේ සැකකාර සැරයන්වරයා ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කරමිනි. මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහරගම පොලිස්
ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැරයන් චානක (27832) නමැත්තා එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර ඔහු අප්‍රේල් මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරිණි.
පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයාගේ නිල රථය එහි රියැදුරු කොස්තාපල්වරයා විසින් මහරගම පමුණුව පාර දෙසට හැරවීමේදී එහි රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ඉහතකී ආකාරයට මහෙස්ත්‍රාත්වරයාට බැන වැදී ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරිණි.

kohoma unath aluthin evlla inna pc kattoi sajanlatai una wedi okun ohomawath padam egena ganii apiwa elluwothh nee unta wejabenna puluwan den kala balapallakoo hirabath
ReplyDelete