facebook like

කොහේ ගියත් උදේට දුවන ජනපති ජනපතිගේ ව්‍යායාම් ගැන අපූරු කතාවක්

කොළඹ හතේ නිදහස් චතුරශ්‍රය, පාර්ලිමේන්තුව අවට පමණක් නොව කිරිබත්ගොඩ , බියගම, ගම්පහ ආදී ප්‍රදේශවල දැන් දැන් දක්නට ලැබෙන අපූර්ව දසුනක් තිබේ. ඒ මිනිසුන් ව්‍යායාම් පිණිස උදේ හවා මංතීරුවල දුවන අයුරුය. නිදහස් චතුරශ්‍රය හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට නම් වත් ‍පොහොසත් උදවිය දුවන්න පටන් ගත්තේ අද ඊයෙක  සිට නොවන මුත් කිරිබත්ගොඩ, බියගම, ගම්පහ ආදී ප්‍රදේශවල ව්‍යායාම් කිරීම පිණිස මංතීරු ඉදි කෙරුණේ මෑතකදීය. වෙල් යායවල් ද කුඹුක් ගස් සෙවණේ පහස ලබන ඇළ දොළවල්ද මායිම් කර ගනිමින් ඉදිවූ මේ  ව්‍යායාම් මංතීරු දැන් එම ප්‍රදේශවල බොහෝ ප්‍රසිද්ධ තැන්ය. එම මංතීරුවල ව්‍යායාම් පිණිස එන අය අතරේ ලිංග භේද, වයස් භේද නැත. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද එහි එති. කුඩා දරුවෝද තරුණ තරුණියෝද
මහලු උදවියද ව්‍යායාම් කරති.
ව්‍යායාම් කිරීම පිණිස සැකසූ විශේෂ ස්ථාන රටේ හැම තැනම නැති මුත් දැන් සැලකිය යුතු පිරිසක් උදේ හවා පිටියක නැති නම් පාරක හෝ දුවන අයුරු සාමාන්‍ය දර්ශනයක් බවට පත්ව තිබේ. ඒ දැන් රට්ටු තමන්ගේ ශරීර සුවතාව ගැන වැඩි උනන්දුවක් දක්වන බැවිනි. සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ ප්‍රධාන පුරවැසියාත් ශාරීරික සුවතාව ගැන ඉහළින්ම උනන්දුවක් දක්වන බව ඔබ දන්නවාද? ඊට කදිම නිදසුනක් ඉකුත් දිනවල සති අන්ත දේශපාලන ඕපදූප තීරු ලිපිවල පළ වූයේ මෙසේය.
“දැයට කිරුළ” ප්‍රදර්ශනය විවෘත කිරීමට දෙසතියකට ඉහතදී කුලියාපිටියට ගිය ජනපති මහින්ද රාජපක්ෂ නවාතැන් ගත්තේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාගේ ගෙදරය. කුලියාපිටිය පන්නල පාරේ ඊරියගොල්‍ලේ පිහිටි ඇමැතිවරයාගේ නිවසේ රැය පහන් කළ ජනපතිවරයා පසුදින හිමිදිරියෙන්ම අවදි විය. ඒ කුලියාපිටියේ හුන්නද ඔහුට පුරුද්ද අමතක කළ නොහැකි බැවිනි. කුකුළා අතින් ගෙන අවදි වූ ජනපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාට ආරාධනා කළේ තමන් සමග ව්‍යායාම් කිරීමට එක් වන ලෙසය. කායාරක්ෂකයන් දෙතුන් දෙනෙකු  සමග ඊරියගොල්ල ප්‍රධාන පාරේ ද කුඹුරු, වතුපිටි  වන ලැහැබ් මැදින් ද දුවමින් හුන් ජනපතිවරයාට අතරමගදී ගම්මුන් ද මුණගැසුණි. ජනපතිවරයා   ඔවුන්ගේ සුව දුක් විමසීමට ද අමතක නොකළේය.
එසේ මුණ ගැහුණු කිරි ගොවියකුගෙන් කිරි කර්මාන්තය ගැන ජනපතිවරයා ප්‍රශ්න දෙක තුනක් ඇසුවද ඒ කිසිදු දෙයකට උත්තර නොදී ඔහු කට ඇරගෙන බලා සිටියේ ජනපතිවරයා ගමේ  පාරකදී අනපේක්ෂිතව මුණගැසීමෙන් පුදුමයට පත්ව සිටි බැවිනි. මේ අතර ඊරියගොල්ල ගමේ කිලෝ මීටර් හතරක් පමණ දුවමින් සිටි ජනපතිවරයා වටපිට බැලුවේ පේන තෙක් මානයක අනුර ප්‍රියදර්ශන  ඇමැතිවරයා නොසිටි බැවිනි. මේ නිසා දිවීමේ වේගය අඩු කළ ජනපතිවරයා ඇමැතිවරයා ළඟට එනතුරු බලා සිට ඇසුවේ “මොකද අනුර දුවලා හතිද” යනුවෙනි.
ජනපතිවරයා “දැයට කිරුළ” නැරඹීමට කුලියාපිටියට ගිය ගමනේද උදෙන්ම අවදි වී දිව්වේ ඔහු කොහේ හිටියත් උදෙන්ම කරන්නේ ව්‍යායාම් බැවිනි. ඒ ඔහු නිරෝගිකම ඉහළින්ම අගය කරන නිසාය.
President2සුවබර දිවියක් වෙනුවෙන් දිවීමට මෙන්ම දේශපාලනයේ බාධක මැදින් දිවීමටද ජනපතිවරයා දක්වන්නේ සම හපන්කමකි. ඈත පිටිසර ගිරුවාපත්තුවේ සිට කොළඹ පැමිණි මහින්ද රාජපක්ෂ දුවන්නට පටන් ගත්තේ පැටි වයසේ ඉස්කෝ‍ලේ අකුරු කරන කාලයේ පටන්ය.
කොළඹ තර්ස්ටන් විදුහ‍ලේ අකුරු කරන කාලයේ මහින්ද රාජපක්ෂ සිසුවා පාස‍ලේ වැඩියෙන්ම ප්‍රසිද්ධ වූයේ ඔහු ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුතා නිසාම නොවේ. එකල මහින්ද පාස‍ලේ පමණක් නොව කොළඹ දිසාවෙන්ම කප් ගැසූ මලල ක්‍රීඩකයෙකි. යගුලිය දැමීමෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වූ ඔහු දක්ෂ ධාවන ශූරයකු ද විය.
එකල කොළඹ පාසල් අතර ජනප්‍රිය ක්‍රීඩා සැණකෙළියක් වූයේ “රි‍ලේ කානිවල්ය”. තර්ස්ටන් විදුහල නියෝජනය කරමින් 400*4 සහය දිවීමේ තරගයට ගිය මහින්ද, මැරයකු සමග පැටළුණේය. දිවීමට කෙතරම් දක්ෂයකු වුවත් මහින්ද මැරයා සමග පැටළුණු පසුව ගුටි නොකා දිවීමට කල්පනා කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ද්වන්ධ සටනක් ඇරඹීමය. ඒ අතරේ  මහින්ද ගැසූ පහරකට මැරයා බිම ඇද වැටුණි. මේ රණ්ඩුව කන වැකී පැමිණි ‍පොලීසිය  දෙන්නාම කුදලාගෙන ගොස් ‍පොලිස් කූඩුවට  දැමිණි.
එතැන් සිට සිද්ධ වූ දේ මහින්ද ඉ‍ලේපෙරුම ලියූ “මෙය කුරහන් සාටකයේ කතාවයි.” ‍පොතේ දැක්වෙන්නේ මෙසේය.
“මහින්ද ‍පොලීසියට දුන්නේ බොරු නමකි. රාජපක්ෂ කෑල්ල හංගා ගත්තේය.
එහෙත් දකුණෙන් ඇවිත් කොළඹ ‍පොලීසියක සේවය කළ කොස්තාපල්වරයෙක් මේ සිසුවා හැඳින්නේය. වහා අමාත්‍යවරයාගේ පුත්‍රයාවත් මැරයාවත් ‍පොලිස් කූඩුවෙන්  එළියට  දැමිණි. යොවුන් වියේ දී මහින්ද  කොතරම් අභියෝග සටන්වලට සහභාගි වුවත් ඒ කිසිදු සටනකදී ඇමැති තාත්තාගේ හයිය පාවිච්චි කළේ නැත. මහින්ද ගහගත්තේ තමන්ගේම හයියෙනි.”
මහින්ද රාජපක්ෂගේ දිවිල්‍ලේ ඉතිහාසය එසේ වුවත් ඔහුගේ ව්‍යායාම් ගැන රට්ටුන්ගේ අවධානය වැඩියෙන් යොමු වූයේ ඔහු ජනපති පුටුවේ වාඩි වූ පසුවය. එනමුත් ඔහු මන්ත්‍රී, ඇමැති, අගමැති පදවි දැරූ කාලයේ ද ව්‍යායාම්වලට මුල් තැන දුන් දේශපාලනඥයකු ලෙස ප්‍රකටය.
මහින්ද රාජපක්ෂ  අගමැති ධුරයට පත්වන විට ඔහු පදිංචිව හුන්නේ කොළඹ හතේ “ටොරින්ටන් ඇව්නිව්” ගෘහයේය. ඔහු අගමැති ධුරයට පත් වූයේ තිස් හතර වසරක් දේශපාලන දිවියේ බාධක ගිරි දුර්ග මැදින් දුවමිනි.
දෙදහස් හතරේ අප්‍රේල් හය වැනිදා රටේ දහඅට වැනි අගමැති හැටියට දිවුරුම් දුන් ඔහු පසුදා උදෑසනමත් සුපුරුදු පරිදි ව්‍යායාම් සඳහා නිදහස් චතුරශ්‍රයට දිව්වේය. එතැනින් අගමැතිවරයා ගොඩ වැදුණේ ටොරින්ටන්හි ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යායාම් කුටියටය.
දෙදහස් පහේ නොවැම්බරයේද මහින්ද රාජපක්ෂ ජනපති පුටුවේ වාඩි වූ පසුවද ඔහුගේ  සුපුරුදු චර්යාවේ වෙනසක් නොවීය. වෙනසක් වූවේ නම් ඒ උදෑසන දිවීමට නිදහස් චතුරශ්‍රය වෙනුවට ගාලුමුවදොර පිටිය තෝරා ගැනීමය. නැතිනම් ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යායාම් කුටිය  වෙනුවට ජනපති මන්දිරයේ ව්‍යායාම් කුටිය භාවිත කිරීමය.
දිනක් ව්‍යායාම් පිණිස හිමිදිරියෙන්ම ගාලුමුවදොර පිටිය වෙත ගිය ජනපතිවරයා එහි දුටු දසුනින් කෝපයට පත් විය. පිටිය පුරාම ‍පොලිතින් මලුය. හිස් වතුර බෝතල්ය. ‍පොදු ජනතාවද ව්‍යායාම් සඳහා එන ගාලුමුවදොර පිටිය මෙසේ කසළ පිටියක් වීම ඔහුගේ කෝපයට හේතු විය. ආරක්ෂක නිලධාරියකු ළඟ තිබූ ජංගම දුරකථනයක් ගත් ජනපතිවරයා ඒ මොහොතේම පිටිය භාර නිලධාරීන්ට කතා කර දෙහි කැපුවේ මින් මතුවට ගාලුමුවදොර පිටිය උදෑසන වන විට පිරිසිදු කර තිබිය යුතු බවට ද නියෝග කරමිනි.
ජනපතිවරයා පමණක් නොව ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් උදෑසන ව්‍යායාම් සඳහා දිවීමට තෝරා ගත්තේ ගාලුමුවදොර පිටියය. ඔහු සමග එදින උදේ දිවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකත් එක් විය. ඕස්ට්‍රේලියන් අගමැතිවරයාගේ  මේ දිවිල්ලට ඔහුගේ කායාරක්ෂකයන් නම් කැමැත්තක් දැක්වූයේ නැත. ඊට හේතු වූයේ සතර අතින් උස් ගොඩනැගිලි වලින් වට වූ  විවෘත භූමියක දිවීම සිය නායකයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙතැයි ඔවුන් සිතූ බැවිනි. ඒ මොහොතේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කීවේ තමා දුවන්නේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා සමග බැවින් ඔහු තම ආරක්ෂාව බලා ගනු ඇති බවය.
කෙසේ නමුදු ජනපති මහින්ද රාජපක්ෂ ව්‍යායාම් පිණිස දුවන්නේ කොළඹ සිටින විටදී පමණක් නොවේ. රාජකාරි අවශ්‍යතා සඳහා ඔහු අනුරාධපුර , මහනුවර , නුවරඑළිය ආදී ලංකාවේ කොහේ ගියද උදේම ඔහුගේ පයේ ඇත්තේ ක්‍රීඩාවට දමන සපත්තු ජෝඩුවය. පිටරට ගියද ජනපතිවරයාගේ උදෑසන මුල්ම රාජකාරිය ව්‍යායාම්ය. ව්‍යායාම් කිරීමට දිවීමට අමතරව ඔහු රග්බි හා පාපන්දු ක්‍රීඩා කරන්නටද ලොල්ය.  ඔහු එල්‍ලේ සම්මේලනයේ ද හිටපු සභාපතිවරයාය.
දිවීම මෙන්ම කායවර්ධන කුටියේ කරන ව්‍යායාම් වලට අමතරව ජනපතිවරයා යෝගී ව්‍යායාම් ද කරන්නේය. සතියකට වරක් ඔහුට යෝගී ව්‍යායාම් කිරීමට ගුරුවරයකු රජ ගෙදරට එයි. මෙසේ ව්‍යායාම් කරන අතරතුරේ ජනපතිවරයාගේ අපූර්වත්වය වන්නේ රාජකාරියද කිරීමය. ඔහු කීපවතාවක්ම රට පුරා සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමට ගියේ ද උදේ ව්‍යායාම් කරමින් සිටින අතරතුරේදීය. මේ නිසා පාලම් මහාමාර්ග ඇතුළු එකී සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන ඡායාරූපවල ඔහු දක්නට සිටියේ සුපුරුදු කුරහන් සාටකයක් දැමූ ජාතික ඇඳුමෙන් නොව ව්‍යායාම් කරන ඇඳුමෙන් සැරසීය.

මිහිරි ෆොන්සේකා
ඡායාරූප :සුදත් ද සිල්වා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive