ඇමැති රාජිත සේනාරත්න මහතා මගෙන් රුපියල් කෝටි සියයක් ඉල්ලා නඩු දැම්මට මා සත පහක් වත් දෙන්නේ නැතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ මහනුවරදී ඊයේ (08 වැනිදා) පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් පසුව ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ මාධ්‍යයට අදහස් දැක්‌වීමක් ද කළහ.
එහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍ය නියෝජිතයකු විමසීමක් කළ අවස්‌ථාවේ සත පහක් ගෙවන්නේ නැහැ"යි ඥනසාර හිමියෝ පැවසූහ.
ඒ ගැන අපට ඕනෑ තරම් කරුණු කාරණා තිබේ යෑයි ද ඥනසාර හිමියෝ පැවසූහ.
ඥනසාර ස්‌වාමීන් වහන්සේ තමාට විරුද්ධව කරන්නේ බොරු චෝදනා බවත් ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා නඩු පවරන බවත් ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නොබෝදා ප්‍රකාශ කර තිබිණි.
අගමැතිවරයා යටතේ පවතින බුද්ධ ශාසන අමාත්‍යාංශය සම්බන්ධයෙන් රාවණා බලය දරන මතය පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ දරන මතය කුමක්‌දැයි යනුවෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දුන් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ
බුද්ධ ශාසන අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් අමාත්‍යාංශයක් බැවින් බුද්ධ ශාසන අමාත්‍යවරයා විය යුත්තේ ඉතා කාර්යක්‍ෂම ශක්‌තිමත් පැය විසි හතරම වැඩ කිරීමට සූදානම් පුද්ගලයකු යෑයි පැවැසූහ.
ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ, සිංහල ජනතාවගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය මගින් මෑතදී කරන ලද සමීක්‍ෂණයක වාර්තාව ද අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ බවත් සිංහල බෞද්ධයන්ගේ සහ ජාතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙනුත් මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කළ බවත් ඥනසාර ස්‌වාමීන් වහන්සේ මාධ්‍යයට පැවසූහ.
අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මනා ප්‍රතිචාරයක් දැක්‌වූ බවද උන්වහන්සේ පැවසූහ.
බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසට මල්වතු මහා විහාරවාසී පූජ්‍ය හෙට්‌ටිමුල්ලේ සාරානන්ද හිමිපාණෝද එක්‌වූහ.

0 comments:
Post a Comment