facebook like

මැලේසියානු යානය පැහැර ගැනීමට හැකි වූයේ නම් එය භාග්‍යක් --- තලේබාන් සංවිධානය

අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙවැනි යානයක් පැහැර ගැනීමට තම සංවිධානයට හැකි වූයේ නම් එය භාග්‍යක් ලෙස සලකන බවයි. එම යානය අතුරුදහන් වීම සම්බන්ධව තම සංවිධානය කිසිඳු තොරතුරක් නොදන්නා බවත් ඇෆ්ගනිස්ථාන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිඋල්හා මුජාහිඩ් විදෙස් මාධ්‍යන්ට පවසා ඇත.

තවද ඔහු පවසා ඇත්තේ අතුරුදහන්වී ඇති යානය ඇෆ්ගනිස්ථාන
සීමාවට පිටතින් අතුරුදහන් වූ බවත් ලෝකයේ තාක්ෂනය අතින් ඉහල රටවල් වලටද මෙතෙක් මේ සම්බන්ධව යානය සොයාගැනීමට නොහැකි වීම වික්ෂිප්ත කරුණක් බවයි.

තවද මැලේසියානු ගුවන්යානා ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් ජුහාරි පවසා සිටියේ යානයේ සිටි දෙවන නියමුවා වන ෆාරික් අබ්දුල් හමීඩ් අවසාන වශයෙන් පවසා ඇත්තේ ''සෑම දේම හොඳින් , සුභ රාත්‍රියක්'' ලෙස බවයි. තවද එම අවසාන වදන් පැමිණියේ යානයේ රේඩාර් ක්‍රියා විරහිත කිරීමට හෝ ඊට පෙරද යන්න බව පැහැදිලි නොමැති බවයි. තවද බලධාරීන් විශ්වාස කරන ආකාරයට එම සන්නිවේදන පද්ධතිය සිතා මතා ක්‍රියා විරහිතකර ඇති බවද වාර්තා වේ.

නවතම වාර්තා සඳහන් කරන ආකාරයට අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින හෝ ඇමරිකාවේ පිහිටා ඇති ගුවන්තොටුපොළවල් 5 ක සඟවා තබා ඇති බවට සැක පහල වී ඇත.

එසේ සැක කිරීමට හේතුව වශයෙන් වාර්තා පෙන්වා දෙන්නේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීම බවයි. තවද එම මෘදුකාංගය මගින් ගුවන්පථ 5 ක මෙම නියමුවා විසින් පෙරහුරු සූදානම් සිදුකර ඇති බව සොයාගෙන ඇති බව හෙළිවී ඇති අතර එම පථ 5 න් 3ක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාක්වේ ඇති අතර එක් ගුවන්පථයක් මාලදිවයින් දූපත් වල පිහිටා ඇත.

අනෙක් ගුවන්පථය පිහිටා ඇත්තේ ඇමරිකාවේ ඇති හමුදා පදනමක් තුල පිහිටි ගුවන්පථයක් බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මෙම සෑම ගුවන්පථයක්ම මීටර් 1000 ක විශාලත්වයක් ගැනීම විශේෂත්වයකි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive