facebook like

ජෝන් කොතලාවල විද්‍යාලයේ කරුවළ කාමරේ රහස මොකක්ද?.....ගුරුවරියන්ට අයුතු බලපෑම් කරන්නත් ප්‍රින්සිපල් ඔය කාමරය තමයි පාවිච්චි කරලා තියෙන්නෙ.

මේ හැමදේටම වගකියන්න ඕන ප්‍රින්සිපල්. කිසිම දෙයක් දන්නෙ නැතිව මට විතරක් ඇඟිල්ල දිගු කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. මගේ මරණින් පස්සෙවත් ප්‍රින්සිපල්ට කියන්න අහිංසක පොඩි ළමයි පොඩි වරදක් කළාට එයාලට 'වේසි' කියන එක නවත්තන්න.'

ඒ වෙනූෂාගේ අවසාන ඉල්ලීමයි. ළපටි මනසට දරාගත නොහැකි තරම් පීඩනයක් එල්ල
කර සිය පාසලේ විදුහල්පතිවරයාගෙන් ඇය කළ අවසානම අවසාන ඉල්ලීමයි.
අහිංසක සමනලියකට කඳු පාමුලින්ම ජීවිතය තිත්ත කළ සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ උගත් බුද්ධිමත් විදුහල්පතිවරයාණෝ කෙබඳු මිනිහෙක් දැයි සෙවීමට මුළු රටක ඇස් ඇරුණේ වෙනූෂාගේ මේ අවසාන ඉල්ලීමෙන් පසුවය. අෑ දුන් පණිවුඩය දිගේ ප්‍රින්සිපල් සොයා ගිය අයට දැන් දැන් බොහෝ දේ හමුවෙමින් තිබේ.

සාමාන්‍යයෙන් ඒකාධිපති පාලකයකුගේ කෘෘර පාලන කාලයකට පසුව ගොඩනැඟෙන පස් කඳු යටින් කිසිදිනෙක තැළී පොඩිවී ගිය මල් පෙති අපේක්ෂා කළ නොහැකිය. ඒවා යට ඇත්තේ බිහිසුණුම මරණයන්ට මුහුණදී නිදන මිනිසුන්ගේ ඇට කැබැලිතිය. සමන් ඉන්ද්‍රරත්න විදුහල්පතිවරයාගේ පාලන සමයෙන් පසු සර් ජෝන් කොතලාවල විද්‍යාල භූමියෙන් මතු වෙමින් තිබෙන්නේද සැහැසි පාලන කාලයක ශේෂමාත්‍රයන් සඟවාගත් තිත්ත කළුවර කුටීරයන්ය. ඒ බිත්තිවලට කතා කරන්නට පුළුවන් වුණා නම් වෙනූෂා නොකී තවත් බොහෝ දේ කෑගසා කියනු ඇත. ප්‍රින්සිපල් සර්ගෙ වාසනාවට හෝ දරුවන්ගේ අවාසනාවට තවමත් ඒ බිත්තිවලට කතා කිරීමට නොහැකිය. නමුත් සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ කාර්යාලය තුළින් හමුවූ අද්භූත කුටියේ ඇති අප්‍රාණවාචී කොට්ට, මෙට්ට, ඇඳන් තවදුරටත් බොහෝ දේ කතා කරනු ඇත.

විදුහල්පතිතුමන්ගේ නිල කාමරය තුළ කොට්ට, මෙට්ට සහිත ඇඳක් තිබීමෙන් අදහස් වන්නේ ඔහු රාත්‍රි කාලයේදි ගෙදරවත් නොගොස් පාසලේ දියුණුව වෙනුවෙන්ම ඇප කැප වුණා යන්නද, එසේත් නොමැති නම් දාහක් වැඩ රාජකාරි මැද්දේ දවල්ට පොඩි ඇලට් එකක් දැම්මා වෙන්නත් පුළුවන. දරුවන් කෙරෙහි පැතිරුණු ආදරයක්, කරුණාවක් ඇති ඔහු දවල් විවේක කාලයේදී ඔවුන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට හෝ භූත හොල්මන් ක්‍රීඩාවක් කිරීමට යොදා ගත්තා වන්නද බැරි නැත.

තත්ත්වය එසේ යැයි සිතා සරලව බැහැර කළ නොහැක්කේ සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා කන්දරාව එතරම්ම බරපතළ නිසාවෙන්ය. තවමත් මසක්වත් ඉකුත් නොවූ වෙනූෂාගේ මරණයේ ඍජු වගකීම එල්ල වුණේ ඔහුටයි. වෙනූෂා ජීවිතයෙන් සමුගත්තේ සිය පාසලේ විදුහල්පතිවරයාගේ නමට චෝදනා සියල්ල ඍජුව එල්ල කරමින්ය. ඉන් අනතුරුව පාසල් ශිෂ්‍යාවක් කෘෘරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් වී පසුව ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්, 25,000ක දඩයක් සමඟ නිදහස හිමි වූ විදුහල්පතිවරයකුගේ නිල කාමරය තුළින් සැක සහිත රහසිගත කළුවර කාමරයක් මතුවීම කිසිසේත්ම සරලව බැහැර කළ නොහැක්කකි.

පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයක එවැනි අඳුරු කුටියක ඇති සැබෑ අවශ්‍යතාව කුමක්ද? අඩුම තරමේ ගුරු විවේකාගාරයක්, දරුවකු අසනීප වූ විට රැගෙන යන සික් රූම් ලෙස හැඳින්වෙන විවේක කාමරයක්වත් එවැනි අඳුරු අහුමුල්ලක තිබිය යුත්තක් නොවේ. අවම වශයෙන් දරුවන්ගේ ශරීරකෘත්‍ය වෙනුවෙන් පවතින වැසිකිළි කැසිකිළි ආදී තැන්වත් එවැනි අඳුරු අහුමුලුවල නොතැබිය යුතුය. එසේ නම් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ කාර්යාලයට එවැනි අඳුරු කුටියක් ඇවැසි කුමටද?

වාර්තා වන පරිදි කොතලාවල විද්‍යාලයේ සිසුන් පිරිසක් ළමා ආරක්ෂණ අධිකාරියට මෙම අබිරහස් කාමරය පිළිබඳ තොරතුරු රැසක් ලබා දී තිබේ. එම කුටියේ එකදු ජනේලයක් හෝ නැති බවත් කොට්ට, මෙට්ට සමඟ ඇතිරිලි දැමූ ඇඳක් එහි ඇති බවත් ළමයින් පවසා තිබේ. වැරැදි කරන ළමුන් එම කාමරයට දමන බවත් පැය ගණනක් රඳවා තැබෙන බවත් එම ළමයින් පවසා තිබේ.
'සර් ඔය කාමරයට යන්නේ සිගරැට්, අරක්කු බොන්න. ඒ වගේම ගුරුවරියන්ට අයුතු බලපෑම් කරන්නත් ප්‍රින්සිපල් ඔය කාමරය තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. අපේ දරුවෝ වැරැදි කළාමත් ඔය කාමරයට දාලා පැය ගණන් වහල තියනවලු.'

ඒ රහස් කුටීරය පිළිබඳ සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුන්ගේ මවුපියන් කියන කතාය. විදුහල්පතිවරයා පාසල් කාලය තුළ මත්පැන්, මත් ද්‍රව්‍ය පාවිච්චි කළාද යන්න තවදුරටත් සැක සහිත වන්නේ ඔහු දෙනෝදාහක් දරුවන් මැද්දේ වෙනූෂාට කතා කර තිබූ අයුරු සිහිවෙද්දීය. විදුහල්පතිවරයාගේ සමස්ත ක්‍රියා කලාපය පිළිබඳ චිත්‍රය තව තවත් බොඳවී යන්නේ අත්අඩංගුවෙන් පසු ඇප මත නිදහස් වී පැමිණ පාසලේදි පැවැත්වූ නාට්‍යය සිහිපත් වෙද්දීය.
"ඔය පාසල සහ විදුහල්පතිවරයා සම්බන්ධව මෙම සිද්ධියට පෙරත් අපිට දිගින් දිගටම පැමිණිලි රාශියක් ලැබෙමින් තිබෙනවා. පාසල් පද්ධතියේ ප්‍රශ්නවලට එකපාරම ඇඟිලි ගහන එක හොඳ නැති නිසා ඒ ගැන යම් පියවරක් ගැනීම වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පැවැරුවා. මෙතෙක් ඒ ගැන කිසිවක් ඔහු කරලා නෑ. දැන් ළමයකුත් මිය ගිහින් තියෙනවා. අපි තවත් බලාගෙන හිටියොත් මොනවයින් මොනවා වෙයිද?"

වෙනූෂාගේ මරණයෙන් පසුව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය අදහස් දක්වා තිබුණේ එසේය. විදුහල්පතිවරයාගේ නිල කාමරයෙන් මතුවූ කළුවර කාමරය පිළිබඳ විමසීමට දුරකතනයෙන් විනාඩි දහයකට මේ ලියන අවසාන මොහොතේදීත් එම මහත්මිය සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඇය එක දිගටම නොනවතින සාකච්ඡාවක නිරත වී සිටින බැවිනි. ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපට ලැබුණු පිළිතුර වූයේ සිද්ධිය සම්බන්ධ සියලු විමර්ශන වාර්තාවන් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. එන්. තිලකරත්න මහතාට යොමු කර ඇති බැවින් ඔහුගෙන් විමසා සිටින ලෙසයි. ඒ අනුව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාත්, වයඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාත් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර ඔවුන්ගෙන් ලැබුණ පිළිතුර ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගෙන් ලැබුණු පිළිතුරටම සමාන විය.

'දැන් ළමයකුත් මැරිලා ඉවරයි, තව බලන් හිටියොත් මොනවයින් මොනවා වෙයිද' කියා ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය විමසූ පැනය අපි නැවැත ඇයගෙන්ම විමසා සිටිමු. 'නංගීවත් පුළුවන් නම් ඉස්කෝලෙන් අස් කරගන්න. මේ ප්‍රින්සිපල් ඉන්නකල් මගේ නංගිටත් වෙනස්කම් කරයි.' වෙනූෂාගේ අවසන් ඉල්ලීම් අතර තිබූ එම ආයාචනය නැවැතත් සිහි කරමු. අදාළ විදුහල්පතිවරයා, 'සර් ජෝන් කොතලාවල විද්‍යාලයෙන් ස්ථාන මාරුවක් ලබා ඇති නිසා දැනට එවැනි බියක් නැති මුත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරියගෙන් අපට අසන්නට ඇත්තේ, 'කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නෑ නේද' කියා පමණි.

සුභාෂිණී ගුණරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive