1977 වසරේ ඔක්තෝබර් 27 දින ඓතිහාසික මාතලේ පුරවරයේදී උපත ලද කුමාර් චෝක්ෂනාද සංගක්කාර, වර්තමානයේමුළු ලෝකයක් හඳුනන්නේ කුමාර් සංගක්කාර නොහොත් සංගා යන ආදර නාමයෙනි.ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ හමුවන සුවිශේෂී චරිතයක් වන සංගක්කාර ශ්‍රී ලංකා පිල වර්තමානයේ සිටිනා සම්භාවනීය තත්ත්වයට ගෙන ඒමට මූලික වූ පුද්ගලයන්ගෙන් කෙනෙකි.
අදින් වසර 14කට පමණ පෙර වර්ෂ 2000 ජුලි මස 20 දින දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයට සහභාගි වන කුමාර් සංගක්කාර සිය පළමු එක්දින
ජාත්‍යන්තර තරගය සඳහා සහභාගි වනුයේ ඊට දින 15කට පෙර 2000 ජුලි මස 5 දිනය. ටෙස්ට් තරග 122 දී ලකුණු 11151 (සාමාන්‍ය 58.7) සහ එක්දින තරග 367කදී ලකුණු 12498 (සාමාන්‍ය 40.71) වාර්තා කර සිටින සංගක්කාර ටෙස්ට් ලකුණු 11000 කඩඉමට වඩාත් වේගයෙන් පැමිණි ක්‍රීඩකයාද වෙයි.
ලකුණු උල්පතක් වූ සංගක්කාරගේ අලංකාර පිති හරඹයෙන් අමන්දානන්දයට පත් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයකු ශතක සහ අර්ධ ශතක නිපදවන කම්හලක් සංගක්කාරට කොළඹ නගරයේ තිබෙන්නේදැයි සොයා බැලිය යුතු බව පවසා ඇත.
ලකුණු අතර සිටිනා ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ජාත්‍යන්තරයේ පෙනී සිටිනා ක්‍රිකට් තානාපතියෙකුද වන සංගක්කාර 2011 වසරේ කොලින් කවුඩ්‍රි දේශනය පැවැත්වීමට MCC ආයතනය මගින් තෝරා ගැනීම ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවටම ගෞරවයක් ලෙස සලකණු ලබයි. 2011 වසරේ ඔහු පැවැත්වූ දේශනය ඉතිහාසයේ වැඩිම අවධානය දිනාගත් කොලින් කවුඩ්‍රි දේශනය ලෙස සලකන අතර එහිදී සංගක්කාර පළකළ අදහස් හා ඔහුටම අනන්‍ය වාග් චාතූර්ය අදටත් ක්‍රිකට් විචාරකයන්ගේ නොමද ඇගයීමට ලක්වෙයි.ජගත් කෙළිමඬලේ සංගක්කාර ඉටුකරනා සුවිශේෂී මෙහෙවර පිළිබඳ අප කළ අදහස් විමසුමකි මේ.
ඔහුගේ විශිෂ්ටත්වය ඇත්තේ ශතක ප්‍රමාණය මතම නොවේ
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ
කුමාර් සංගක්කාර යනු වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ හමුවන සුපිරිතම ක්‍රීඩකයායි. කුමාර් සංගක්කාරගේ විශිෂ්ටත්වය අප මැනිය යුත්තේ ඔහු ලැබූ ශතක ප්‍රමාණයෙන්ම නොවේ. ඔහු ක්‍රිකට් පිටියේ සහ ඉන් බැහැරදී විදහා පාන මහත්මා ගුණ සහිත හැසිරීම කුමාර්ගේ විශිෂ්ට බවේ කදිම උදාහරණයකි.
ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන්නීති උපාධිය ලද සංගක්කාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම විශිෂ්ට බුද්ධිමතෙකුද වෙයි.
ඔහුගේ ශූර පිතිකරණයේ විශිෂ්ටතාව පිටුපස කඩුලු රකින්නෙකු ලෙස ලබා ඇති පරිචයද තිබෙනා බව නොරහසකි. වමතින් පිත්ත හසුරුවන සංගක්කාර එල්ල කරනා කවර් ඩ්‍රයිව් පහර ඔහුටම අනන්‍ය වූවකි. වර්තමාන ක්‍රිකට් ලෝකයේ කවර් ඩ්‍රයිව් පහර ඉතා විශිෂ්ට ලෙස එල්ල කරනා ක්‍රීඩකයා ලෙසද සංගක්කාර හඳුන්වාදිය හැකියි.
බ්‍රයන් ලාරා, සචින් තෙන්ඩුල්කාර් වැනි සමකාලීන ක්‍රීඩකයන්ට වඩා සංගක්කාරගේ දස්කම් බොහෝ ඉහළමුත් එම ක්‍රීඩකයන්ට සාපේක්ෂව සංගාට ලැබුණ ඇගයීම ප්‍රමාණවත් නැතැයි විටෙක අපට සිතේ. එහෙත් සංගක්කාරට ලෝක ක්‍රිකට් ප්‍රජාවේ නොමද ගෞරවය හිමිවී ඇති බව ඔහු 2011 වසරේ කොලින් කවුඩ්‍රි දේශනය සඳහා තෝරා ගැනීමෙන් පැහැදිලි වෙයි. මෙම දේශනයට වරම් ලද සියලුදෙනා ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් ජ්‍යෙෂ්ඨයන් වන අතර ක්‍රීඩා කරන අතරතුර එම අවස්ථාව ලද එකම තැනැත්තා සංගක්කාර වෙයි. සංගක්කාර දැන් 36 වෙනි විය පසුකර සිටියද ඔහු කෙරෙන් තවමත් දිස්වනුයේ ජවසම්පන්න ක්‍රීඩා විලාසයකි. ඔහුට තව වසර 4ක් පමණ ක්‍රීඩා කළ හැකි වුවත් එළඹෙන ලෝක කුසලානයෙන් පසු සංගා විශ්‍රාම යෑමට බොහෝ ඉඩ ඇත.
පිතිකරුවෙකු ලෙස සංගක්කාරගේ මා දකින විශිෂ්ට ගුණය නම් ඕනෑම පන්දු යවන්නෙකු යවනා හොඳම පන්දුව ඔහුගේ දුර්වලම පන්දුව ලෙසට ගෙන ලකුණු ලබා ගැනීමට සංගක්කාර තුළ ඇති හැකියාවයි. මෙය පිතිකරුවකුගෙන් ඉතා කලාතුරකින් වාර්තාවන ගුණාංගයක් වෙයි. දුර්වල පන්දුවලට පහරදී ලකුණු ලබාගැනීම පිතිකරුවන්ගේ සාමාන්‍ය ක්‍රමය වෙතත් සංගක්කාර හොඳ පන්දුවලින් ලකුණු ලබා ගැනීම නිසා ඔහුගේ පිතිකරණයේ විශිෂ්ටත්වය මනාව පැහැදිලි වෙයි. ඔහු දැන උගත් ක්‍රීඩකයෙකු බවත්, ගුරුවරුනට වැඩිහිටියනට ගරු කරනා මහත්මයෙකු බවත්, අවසන් වශයෙන් සඳහන් කළ හැක.
ඔහුගේ කතාවෙන් අපි සියලු දෙනා අලුත් මිනිසුන් වුණා
සංගක්කාරගේ හිතවතෙකුද වන ප්‍රවීණ නර්තන ශිල්පී කලා ශූරී චන්න විජේවර්ධන
මා කුමාර් සංගක්කාර හඳුන්වනුයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ කටයුතු කරනා “රන් තානාපතිවරයකු ලෙසයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ ක්‍රීඩකයන් අතරින් සංගක්කාරට බඳු ජාත්‍යන්තර පිළිගැනීමක් ලද වෙනත් ක්‍රීඩකයෙකු සොයාගත නොහැකි තරම්. ඕනෑම ක්‍රීඩකයෙකුට එම ක්‍රීඩාවේ ලෝලීන් ආකර්ෂණය වීම පුදුමයක් නොවෙයි. ඒත් සංගක්කාරට ගරු කරනා ඔහු අගේ කරනා සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩකයන් නොවීම විශේෂයක්.
සංගක්කාර නිසා ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකික අප ජාත්‍යන්තරයේ බබළන බවට උදාහරණ ඕනෑ තරම්. මම පුද්ගලිකව එවැනි අත්දැකීම් ගණනාවකට මුහුණ දී තිබෙනවා. වරක් මා විදේශයක හෝටලයක බිලක් ගෙවීමට ගිය මොහොතක සංගක්කාර සහ මා පෙනී සිටි ඡායාරූපයක් මගේ දින පොතේ තිබි බිම වැටුනා. එය දුටු එහි සේවිකාවක මා සංගක්කාරගේ මිතුරෙකු බව හෝටලයේ කළමනාකාරීත්වයට දැනුම් දීම නිසා අපට ඉහළ පිළිගැනීමක් ලැබුණා. මා ඇතුළු මුළු කණ්ඩායම ගාස්තුවලින් නිදහස් කරන්නට ඔවුන් තීරණය කළා.
තවත් වරක් ඇමෙරිකාවේ මියාමි හි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් විවෘත කළා. එහි පළමු තරගයේ යෙදී තිබුණේ ලංකාව සහ නවසීලන්තය අතරයි. මේ උත්සවයේ සියලු කලා කටයුතු සිදුකළේ මා සහ මගේ ශිල්පීන් විසින්. පළමු තරගය නරඹන්න විශාල පිරිසක් එකතු වුණා. ඒත් තරගය අප පරාජය වුණා. එදින සවස පැවැති උත්සවයේදී බොහෝ දෙනෙක් සිටියේ දැඩි කලකිරීමෙන්. රාත්‍රී සාදයට අපේ ක්‍රිකට් පිල එනකොට බොහෝ දෙනෙක් ආසනවලින් නැගිට්ටෙවත් නෑ. උත්සවය අතරතුර නරඹන්නන්ගේ කලකිරීම සංගක්කාරට වැටහුනා. ඔහු මගෙන් කතාවක් පැවැත්වීමට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලීමක් කළා. මා එය ඉටු කර දුන්නා. Human Being යන මාතෘකාවෙන්, සංගක්කාර කතාවක් පැවැත්වුවා. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ මෙම කතාව විනාඩි 15ක් පුරා ඔහු ඉතා විචක්ෂණ ලෙස පැවැත්වුවා. ඔහුගේ කතාව අවසානයේ සියලු දෙනා අසුන්වලින් නැගිට අත්‍පොළසන් දුන්නා. විනාඩි 15ක කතාවෙන් ඔහු අපි සියලු දෙනා අලුත් මිනිසුන් කළා. ඊට පසුදා පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දිනුවා. සංගක්කාරට ක්‍රිකට් නොගහන ඇමෙරිකානුවන් පවා ආදරය කරනවා.
සංගක්කාරගේ විශිෂ්ටත්වයේ රහස ඔහුගේ සමතුලිත භාවයයි. ඒ සමතුලිත භාවය ඔහුට ලැබි ඇත්තේ පවුල් පසුබිම තුළින් බව මගේ හැඟීමයි. අනාගතයේදී ඔහු අපිට කතා කිරීමට බොහෝ දේ ඉතුරු කරන බව මට විශ්වාසයි.
බ්‍රැඩ්මන්, සචින්, ලාරා තිදෙනාම අබිභවා යාමට ඔහුට හැකියි
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උප නායක රෝයි ඩයස්
සංගක්කාර ලොව සිටිනා සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු කලක සිට දස්කම් අතර සිටිනවා. ඔහු තරමට හොඳට ලකුණු අතර සිටි ක්‍රීඩකයකු පසුගිය කාලේ අපේ මතකයට එන්නේ නෑ.
සංගක්කාර ටෙස්ට් සහ එක්දින තරගවලදී එක සමාන දස්කම් දක්වනවා. ඒ වගේම තමයි ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. එය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. තරුණ ක්‍රීඩකයන්ට නොදවෛනි ආකාරයට ඔහු ක්‍රීඩා කරනවා. ඇතැම් අය කියනවා සංගක්කාර 2015 විශ්‍රාම යා යුතුයි කියලා. මම ඒකට එකඟ නෑ. දස්කම්වලින් ඉහළ තැනක ඉන්න, ශාරීරික යෝග්‍යතාවය හොඳට තියෙන සංගක්කාර දැන්ම විශ්‍රාම යන්නේ ඇයි?. ඔහුට පහසුවෙන් තව වසර 5ක් පමණ ක්‍රීඩා කළ හැකියි. එහෙම ක්‍රීඩා කළොත් ඔහුට සචින් තෙන්ඩුල්කාර් අභිබවා යෑම එතරම් දෙයක් නොවෙයි. ඊට අමතරව බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක 11 වාර්තාවත් බිඳ දැමීමට ඔහුට හැකි වෙන බව පැවැසිය හැකියි.
බ්‍රැඩ්මන්, සචින්, ලාරා, කියන මේ ලෝ පූජිත පිතිකරුවන් තිදෙනාගේම වාර්තා බිඳ දමන්නට හැකි වර්තමානයේ සිටිනා එකම ක්‍රීඩකයා සංගක්කාර බව පැවැසිය හැකියි.
ඔහු විනයගරුක, හොඳ මහත්මයෙක්
එන්.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ අධ්‍යක්ෂ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස්
කුමාර් සංගක්කාර මා හඳුන්වන්නේ ක්‍රිකට් අධිරාජ්‍යයෙකු ලෙසයි. මගේ ජීවිතේද දුටු විනය ගරුක ක්‍රීඩකයන් අතර සංගක්කාර මුල්තැනට එනවා.
ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස මා බොහෝ ක්‍රීඩකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සංගක්කාර මට මුණගැසෙන්නේ ඔහුගේ වයස අවුරුදු 18දී පමණ. සංගක්කාර මා වෙත යොමු කරන්නේ තවත් ක්‍රිකට් ප්‍රවීණයෙකු වන අනුරුද්ධ පොලොන්නෝවිටයි. සංගක්කාර මා වෙත එන විටත් හොඳ ක්‍රීඩකයෙක්. මා කළේ ඔහුගේ සුළු අඩුපාඩු පෙන්වා දීම සහ විනය සම්බන්ධව උපදෙස් දීමයි. මගේ උපදෙස් ඔහු අකුරටම පිළිපැද්දා.
NCC සමාජයේ 130 වන සංවත්සරයට පැවැති උත්සවයේදී සංගක්කාර අපූරු කතාවක් කළා. එහිදී ඔහු කියා සිටියා As Mr Lional Mendis says be a gentleman before becoming a Cricketer” යන්න. ලයනල් මෙන්ඩිස් මහතා කියන පරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට පෙර මහත්මයකු වන්න) මින් පැහැදිලි වෙනවා ඔහුගේ ආකල්ප මොනවාද කියලා.
සංගක්කාරගේ දක්ෂකමට හොඳම උදාහරණය තමයි ඔහු ICC ආයතනයෙන් ලබන්න පුළුවන් හැම සම්මානයම ලැබිම. ඔහුට බැරි වුණේ හොඳම පන්දු යවන්නා වන්න. ඒ ඔහු පන්දු නොයවන නිසා. අද ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින හොඳම වමත් පිතිකරුවා බව මා පවසනවා.
මා යළිත් අවධාරණය කරනවා සංගක්කාර කියන්නේ ඉතා හොඳ විනයක් සහිත අද්විතීය ක්‍රීඩකයෙකු බව. මට හිතෙන්නේ ජාත්‍යන්තරය ඔහුට නිසි සැලකිල්ල ලබාදී තිබෙනවා.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

0 comments:
Post a Comment