facebook like

ඇමැති පියාගේ වරප්‍රසාදවලින් මල්ෂාට වැය කළ මුදල් අයකර ගත යුතුයි

තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා තමන්ට හිමි විශේෂ වරප්‍රසාද භාවිත කරමින් තම දියණියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අමාත්‍යංශ මුදලින් දැරූ සියලු වියදම් වහාම අයකරගත යුතු යැයි පැෆරල් සංවිධානය පවසයි.

පසුගිය සති කිහිපයේදී තැපැල් අමාත්‍යවරයාගේ නිල මුද්දර ප්‍රමාණය තම දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් විෂය භාර අමාත්‍යවරයා එවැනි ක්‍රියාවක් කිරීම සම්බන්ධව කනගාටු
වන බවත් පවසන පැෆරල් සංවිධානය මේ හරහා සිදුවන්නේ තම අමාත්‍යංශයටම පාඩුවක් බවත් කීය. තැපැල් ඇමැතිවරයාට හිමි මුද්දර අයථා ලෙස භාවිත කරමින් මල්ෂා කුමාරතුංග මහත්මිය සිය ඡන්ද දායකයන්ට මෙලෙස ලිපි යවා ඇති අතර එම ලියුම් කවරවල ඇයගේ මැතිවරණ ලාංඡනය හා මනාප අංකය සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධව පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට පැමිණිලි කර ඇත. මෙය බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා තැපැල් අමාත්‍යවරයා මෙය නොදන්නා බව කීමද විහිළුවක් බව පැවැසීය.

තැපැල් සේවා ඇමැතිවරයාට අමතරව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ මන්ත්‍රිවරුද තමන්ට ලැබෙන වරප්‍රසාද මෙවර මැතිවරණය සඳහා පාවිච්චි කරන බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී
තිබෙන බවත් හෙතෙම කීය.

රජයේ සම්පත් පාවිච්චි කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට පැමිණිලි 130ක් පැෆරල් සංවිධානය වෙත ලැබී ඇත.
අනුරාධ සැමුවෙල්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive