facebook like

අවශ්‍ය වෙලාවට පිරිමියෙකුටත් වඩා ප‍්‍රචණ්ඩ වෙන්න මං දන්නවා – උදාරි

පුංචි තිරයේ ආකර්ෂණීය නිළියක් වූ උදාරි වර්ණකුලසූරිය පසුගිය කාලය පුරා නිහැඩියාවකින් යුතුව කාලය ගත කළේ මව් පදවිය ලැබිම නිසාවෙනි. දැන් ඇයගේ දියණිය බහතෝරන සිඟිත්තියකි. උදාරි මේ වන විට යළි රංගනයට අවතීර්ණව සිටී. ඇගේ කලා දිවිය ගැනත් පෞද්ගලික තොරතුරු ගැනත් දැන ගන්නට පහුගිය දිනකඅපි උදාරි අපේ කතාබහකට එක් කරගත්තෙමු.



* උදාරි දැන් ආයෙම කාර්යබහුල නිළියක් වෙලා නේද ?
සාරංග මෙන්ඩිස්ගේ ‘සුසුමට පවා රහසින්’ කියන මෙගා නාට්‍යයේ සහ “වස්සාන සමය” කියන කොටස් හැටක ටෙලි නාට්‍යයේ මම රඟපානවා. සඳුන් රාජකරුණාගේ “ආදර දෑසක්” ටෙලි නාට්‍යයේත් රූගත කිරීම් කෙරෙනවා. ළඟදීම මේ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවනි.

* රූගත කිරීම්වලට යද්දී දුවවත් අරගෙනද යන්නේ …..?
දුවට දැන් අවුරුද්දයි මාස අටක් වෙනවා. දුව මගෙ තාත්තට බාරදීලා තමයි රූපගත කිරීම්වලට යන්නේ. හැබැයි ඉතින් දවස් ගණන් දුර පළාත්වල නැවතිලා ඉන්න වෙන නිර්මාණ නම් භාරගන්නෙ නැහැ. උදේ ගිහින් හවස ගෙදර දුවගෙන එන්න පුළුවන් නිර්මාණ විතරයි බාර ගන්නේ. කොහොමත් ඉතින් ලෝකේ තියන හැම දේකටම වඩා මව්පදවිය ලොකුයිනේ.

* මව නිළිකමට යොමු වීම නිසා සිඟිති දියණියට මව්කිරි අහිමිවීම අසාධාරණයක් කියල හිතෙන්නැද්ද ?
මගෙ දුවට ඒ අසාධාරණය වුණේ නැහැ. ඇයට තවමත් මව්කිරි ලැබෙනවා. ඒ වගේම දුවට දැන් මව් කිරි විතරක් මදිනේ; අතිරේක ආහාරත් දිය යුතුයි. මේ හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා තමයි මම නැවත රඟපෑමට එක් වුණේ.

* සැබෑ ජීවිතයේ මවක් වුණත් උදාරි තවමත් පුංචි තිරයේ පෙම්වතියක් ?
ඔව්, මේ ටෙලිනාට්‍ය තුනේම මම පෙම්වතියගෙ චරිතය තමයි රඟපාන්නේ.

*අපේ රටේ මෙච්චර නව යොවුන් නිළියො සිටියදී දරුවන් ඉන්න අම්මලා පෙම්වතියන්ගේ චරිත රඟපෑමේ මොකක් හරි අසාධාරණකමක් උදාරිට පෙනෙන්නේ නැද්ද ?
සැබෑ ජීවිතය කියන්නේ එකක්. ටෙලි නාට්‍යයක තමන් රඟපාන චරිතය තව එකක්. ටෙලි නාට්‍යයේ පෙම්වතියකගේ චරිතය රඟපාන්න ඕනේ ඒ චරිතයට ගැළපෙන පෙනුමයි රංගන කුසලතාවයයි විතරයි. අනික ඉතින් මම ටෙලි නාට්‍ය නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබෙන ආරාධනා බාර ගත්තා මිසක් කාගෙන්වත් බලහත්කාරයෙන් චරිත ඉල්ලාගෙන ගියේ නැහැනේ.

* ඇත්තෙන්ම උදාරිගේ පෙනුම නම් තවමත් පුංචි තිරයේ පෙම්වතියකට ගැළපෙන බව අපිත් පිළිගන්නවා. මොකක්ද මේ රුව රැක ගැනීමේ රහස ?
ඇත්තටම ඒක රහසකටත් වඩා අභියෝගයක්. ඉස්සර මගේ බර තිබුණේ කිලෝ ග්‍රෑම් පනස් නවයයි. දුව ඉපදුණාම මම ගොඩක් මහත් වුණා. මගේ බර කිලෝ අසූපහ දක්වා වැඩි වුණා. දැන් මම හිටියටත් වඩා හොඳට මගෙ ඇඟ හදාගෙන ඉන්නේ. දැන් මගෙ බර කිලෝ පනස් පහයි.

*උදාරි ඔය අභියෝගය ජගත්තේ කොහොමද ?
දුව ඉපදුණු අලුත මම දුව ගැන විතරයි හිතුවේ. මගෙ රූපය තරබාරුකම ගැන හිතුවෙම නැහැ. හැබැයි දුවට මාස කිහිපයක් ගතවෙද්දී ආයෙම මම මගෙ ශරීරය ගැනත් හිතුවා. ඉන්පසුව තමයි උනන්දුවෙන් කැපවීමෙන් ආයෙම බර අඩු කර  ගත්තේ.

* නමුත් කිරි දෙන මවකට ආහාර පාලනය එතරම් සුදුසු නැහැ නේද ?
මම නම් තනිකරම ව්‍යායාම් මගින් විතරයි මගෙ ඇඟපත සිහින් කරගත්තේ. ආහාර පාලනය හා දරුවාට කිරිදීම නතර කිරීම මම කළේ නැහැ. මම ඒවා කීයටවත් අනුමත කරන්නෙත් නැහැ.

* මුල්ම කාලෙ දරුවගෙ සියලු කටයුතු කළේ උදාරි ද ?
ඔව්, මම තනිවම තමයි දරුවව නාවන, කවන, ‍පොවන සෑම සියලු දේම කළේ. දැන් උනත් අත් උදව්වට කෙනෙක් හිටියට මම ගෙදර ඉන්න වෙලාවට මමම තමයි ඒ කටයුතු කරන්නේ. මම නැති වෙලාවට මගෙ තාත්තා ඒ කටයුතු කරනවා. ගෙදර අත් උදව්වට එන අය වෙනම පරිසරයක හැදී වැඩුණු වෙනම ගතිගුණ ඇති අය. ඒ වගේ අයගෙ සෙවණේ දරුවකු වැඩීම මම නම් අනුමත කරන්නෙ නැහැ.

* පුංචි දරුවන්ට බත් කැවීම සමහර මව්වරුන්ට යුද්ධයක් වගේ ?
හුඟක් මව්වරු ළමයින්ට කෑම කවන්න ගියාම ඒ දරුවට කෑම එපා කරවනවා. මම නම් එහෙම නැහැ. දුවට කෑම කවන්න හදද්දී එයා කෑම ප්‍රතික්‍ෂේප කරනවා නම් නතර කරනවා. මොකද පුංචි ළමයි වැඩිහිටියෝ වගේ බොරු කරන්නේ නැහැනේ. ඒ වගේම දුවට නිදහසේ දුවන්න පනින්න දඟ කරන්න දෙනවා. එයාටම බඩගිනි වෙලා කෑම ඉල්ලන වෙලාවට තමයි දෙන්නේ. එතකොට කෑම ටික ඔක්කොම කනවා.

* අවුරුද්දෙන් වැඩි කාලයක් උදාරිගෙ සැමියා උදාරිගෙ ළඟ නැහැ ?
ඒක ඔහුගෙ රැකියාවේ ස්වභාවය. සැමියා සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක් විදියට කටයුතු කරනවා. නමුත් හැකි හැම විටම ලංකාවට එනවා. ඒ වගේම නිතරම ස්කයිප් එකෙන් කතා කරනවා.

*සැමියා දුරු රටක වෙසෙද්දී ගැහැනියකට පිරිමින්ගෙන් යම් බලපෑම් එල්ලවන බව කියැවෙනවා. නිළියන්ට යම් යම් බලපෑම් එල්ල වන බවටත් මතවාද පවතිනවා. ඒ අතින් උදාරි ආකාර දෙකකින්ම අනාරක්ෂිතයි ?
කලා ලෝකයේ හැමෝම එක වගේ නැහැ. විවිධ අදහස් ඇති අය ඉන්නවා. ඒ අයගෙ ප්‍රතිචාර විවිධයි. මම හැමෝටම සුහදයි. ඒත් ඒ සුහදකමට සීමාවක් තියනවා. අතේ දුරින් තමයි හැමෝම එක්ක සුහද වෙන්නේ. කෙනෙක් හැරෙනකොට මට කියන්න පුළුවන් එයා එන්නෙ මොකටද කියලා. ඒ වෙලාවට උපායශීලීව ඒකෙන් මගහැරලා යන්න මට පුළුවන්.

* නමුත් කෙසේ හෝ තම අරමුණ ඉටුකරගන්න ප්‍රචණ්ඩකාරී ගති ඇති පිරිමිනුත් සමාජයේ සිටිනවා?
අත්‍යවශ්‍යම වුණොත් පිරිමියෙකුටත් වඩා ප්‍රචණ්ඩකාරී වීමේ හැකියාව මට තියෙනවා. ඒ හින්දා මං ඔය ප්‍රචණ්ඩකාරී අදහස් ඇති අයට බය නැහැ. මම ඒ වගේ විවිධාකාර අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීලත් තියෙනවා. මේ වනතුරු මං ගැන පිරිමියකුගෙ නම සම්බන්ධ කරලා කටකතාවක් හැදිල නැත්තෙ ඒ හින්දා වෙන්න ඇති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive