පෙරවරුවේ පඬුවස්නුවර ප්‍රජා ශාලාවේ පැවැති ප්‍රාදේශිය සභා රැස්වීමට සහභාගි වන්නට ගිය පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙකුට අඟහරුවාදා (11) තම අසුන් අහිමි වී ඇති බව දැන ගැනීමෙන් ඔවුන්ට ආපසු හැරී එන්නට සිදුවී තිබේ.දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක් වූ අවස්ථාවේ ඔහුට සහය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පඬුවස්නුවර ප්‍රාදේශිය සභාවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් 07 දෙනෙක් ඒ මහතා සමග එක් වූ අතර ඉන්
තිදෙනෙකුගේ ධූර අහිමි කරන්නට එක්සත් ජාතික පක්ෂය තීරණය කරනු ලැබීය.
ඒ අනුව පඬුවස්නුවර ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ටී.සමන්සිරි පීරිස්, සහ එහි මන්ත්‍රිවරුන් වන චානක තිලකසිරි, එම්.එම්.ඩී.මනෝකුමාර එදිරිසිංහ යන අයගේ ධූර අහිමි වී තිබේ. ඒ අනුව සභා වාරයට වාඩි වන්නට ඔවුනට අවසර නැති බව සභාපතිවරයා සභාවට දැනුම් දුන්නේය.
මේ අතර ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රයකින් දයාසිරි ජයසේකර මහතාට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයට එකතු වූ එජාපයේ නිකවැරටිය, අලව්ව, කොබෙයිගනේ, මාවතගම සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හත් දෙනකු ද එජපයෙන් ඉවත් කර තිබෙන බව කුරුණෑගල තේරීම් භාර නිලධාරියා ප්‍රකාශ කර තිබේ.





0 comments:
Post a Comment