facebook like

මන්ත්‍රී තිලංග මත්ද්‍රව්‍ය සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් මුදාගනී ( වීඩීයෝ)

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මැදිහත්වී නිදහස් කර ගෙන ඇතැයි වාර්තාවනවා.

අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ නිලධාරියා මේ සම්බන්ධයෙන් බොරැල්ල මූලස්ථාන පොලීසියේ ලොග් සටහන් පොතේ සටහනක් තබා තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට
ගත්තේ බොරැල්ල වනාතමුල්ලේ පැවති තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවකදී.

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා පැවති මෙම ජන හමුවට අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන්ද සමගින්.
එම අවස්ථාවේ අදාල ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බොරැල්ල පොලීසියේ නිලධාරීන් මෙම සැකකරු හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔවුන් සතුව තිබූ ඡායාරූප සන්සන්දනය කොට අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මෙම සැකකරු මීට පෙර අවස්ථාවකදී පොලිස් අත්අඩංගුවෙන් පළාගිය අයෙක්.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බලහත්කාරයෙන් මුදාගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා සිය හිතවතා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීයාට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදුන බව අදාල නිලධාරියා තැබූ ලොග් සටහනේ සදහන්.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive