facebook like

ජනපති මහින්දගෙන් පසු නාමල් හාමු රට භාර ගන්න ඕනෑ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසු මේ රට නාමල් රාජපක්‍ෂ භාර ගන්න  ඕනෑ බවත් ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මෙසේ සඳහන් කලේ පෑලියගොඩ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් අමතන්නට මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට ආරාධනා කරමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද කීය.

‘බෙලිඅත්තෙ සිටියදීත් රාජපක්‍ෂලාට වේදිකාවට ආරාධනා කළේ මම. මෙතැනදීත් රාජපක්‍ෂලාට ආරාධනා කරන්නේ මම. මීට පැයකට පමණ පෙර ගරු
ජනාධිපතිතුමා මගේ විෂ්ණු දේවාලයට ඇවිත් පූජාවක් තියල බොහොම නිහතමානීව මේ කතාව කීවා. බලන්න මර්වින් මේ වෙද්දි නාමල් පළාත් සභා මැතිවරණ රැස්වීම් 150කටත් වැඩිය අමතලා තියෙනවා.

බලන්න තාත්තා කෙනකුගෙ දරුවන් කෙරෙහි තියෙන උදාරකම. නාමල් ජනාධිපති රාජපක්‍ෂ යුවළගෙ වැඩිමල් දරුවා. ඔහු නීතිඥයෙක්. දෙවැනි පුතා නාවික හමුදාවෙ. තුන්වැනි පුතා විද්‍යාඥයෙක්. ජනාධිපතිතුමාත් එම ආර්යාවත් ඇයි එහෙම කළේ. මෙන්න මෙහෙම තමයි දරුවන් හදන්න ඕනෙ කියල රටට කියන්න තමයි ඒ ආදර්ශය.
මම එකක් කියනවා කවුරු මොනවා කීවත් මම නාමල් අමතන්නෙ නාමල් හාමු කියලා. මම බෙලිඅත්තෙ නිසා එහෙම කියනවා. ඒ පවුලෙ අයත් බනිනවා එහෙම කියන්න එපා කියලා. ඒත් මම එහෙම කියනවා.

නාමල් හාමු අතිගරු ජනාධිපතිතුමාගෙන් පසු මේ රටේ ජනාධිපති තනතුර බාරගන්න ඕනෑ. දැන් එතුමාට සභාව ඇමැතීමට අවසරයි’

1 comment: Leave Your Comments

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive