ඒඩ්ස් රෝගය වැලඳුණු සිරකරුවන් තිදෙනකු වැලිකඩ බන්ධනාගාරයේදී සොයාගෙන ඇති බව වාර්ථාවේ
ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකය විසින් සතියකට වරක් බන්ධනාගාර ආශ්‍රිතව සිදුකරන ලද පරීක්ෂණයකින් පසු එම සිරකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති බවත් එසේ හඳුනාගෙන ඇති සිරකරුවන් තිදෙනාගෙන් එක් අයකු නිදහස ලබා පිටව ගොස් ඇති බවත්
අනෙක් දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එකී ප්‍රකාශකයා පැවැසීය.
මේ පිළිබඳ විමසීමේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියා සිටියේ ඒඩ්ස් රෝගීන්ට අමතරව සමාජ රෝග ඇතුළු විවිධ රෝගවලට ලක්වූවන් පිරිසක්ද ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මඟින් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහල මඟින් ලබාදීමට පියවර ගෙන ඇති බවත්ය.
බන්ධනාගාරගත සිරකරුවන් අතර සිදුවන අසම්මත ලිංගික ඇසුරු නැවැත්වීම බරපතළ කාරණයක් බවට පත්ව ඇති බවද පැවැසූ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ බන්ධනාගාරගත වන තරුණ සිරකරුවන් හා සිරකාරියන් මෙම අසම්මත ලිංගික ක්‍රියා සඳහා යොදවා ගැනීම බහුලව සිදුවන බවට තොරතුරු අනාවරණය වන බවය.

0 comments:
Post a Comment