facebook like

තාත්තලා සොරා කාපු ඉතිරි ටික උලාකන්න පුතාලා දේශපාලනයට ඇවිත්

මේ රටේ මේ ඇතිවේගෙන යන්නේ උතුරු කොරියාව වගේ රටවල් මෙන් එක පක්ෂකයක් තියෙන එක පාලකයෙකු රට පාලනය කරන වෙනත් පක්ෂවලට ඉඩ නොලැබෙන ඒකාධිපති පාලන ක්‍රමයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා මීගහතැන්න ඉත්තපාන, ‍පොල්ගම්පල සහ බදුරලිය ප්‍රදේශවල පුවත් ජනහමු කිහිපයක් අමතමින් කීවේය.
බස්නාහිර පළාත් සභාවට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ට අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අගලවත්ත එ.ජා.ප. සංවිධායක නීතිඥ ගාමිණී නල්ලපෙරුම මහතා සංවිධානය කළ මෙම ජනහමු අමතා කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.2005 වර්ෂයෙන් පසුව මේ වන විට මේ රටේ ජනමාධ්‍යවේදීන් 26 දෙනකුව මරාදාලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ නැහැ. විශාල පිරිසකගේ ඔළු පළලා කකුල් කඩලා තියෙනවා. ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් රට අතහැර දාලා තියෙනවා.
ගරු කියන එක නිකම්ම ගන්න බැහැ. සල්ලිවලට මැර බලයට චණ්ඩිකමට ගන්න බැහැ. ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමැතිතුමා කියලා කියන්න පුළුවන් තත්ත්වය උපයා ගන්න ඕන දෙයක් ගරු ඇමැතිතුමා ගරු මන්ත්‍රීතුමා කියලා හැමෝටම කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයධර්මිෂ්ඨ පාලනයක් ගෙනගිය එ.ජා.ප.ය තුළ නිසි කළමනාකරණයක් තියෙනවා. සැලැස්මක් තියෙන මහවැලිය හදන්න උදව් කළ ස්වීඩන් රට දැන් තානාපති කාර්යාලයත් වහලා දාලා ගිහිල්ලා. වික්ටෝරියාව හදන්න උදව් කළ මහා බ්‍රිතාන්‍ය අද අපට විරුද්ධව ජිනීවාවල කටයුතු කරනවා. ඒකට හේතුව මේ අය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාම කොටි ‍ලේබලය අලවනවා. මේක එ.ජා.ප.යටත් අලවනවා. නමුත් කොටි ඉන්නේ කොහේද කියලා ජනතාව දන්නවා. මේ රජය කටයුතු කරන ක්‍රියා කලාපය තුළ රට විශාල පරිහානියකට පත් වෙනවා.
 ජිනීවා ගැන විදුලි පුටුවක් ගැන කතා කරනවා. මේවා ජනතාව මුලා කරන කතා. මේකෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. ජිනීවාවල මොකක්ද කියන්නේ. උගත් පාඩම් කොමිසම පත් කළේ කවුද? ඒකේ සභාපති වුණේ ජනාධිපතිතුමාගේ දෙවන මනමාලයා. ඒ අය කියන්නේ මැතිවරණ කොමිසමක්,  ‍පොලිස් කොමිසමක්, තොරතුරු දැන ගැනීමේ කොමිසමක්. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රාජ්‍ය සේවය ස්වාධීන කරන්න මේ වගේ දේවල්වලට විදුලි පුටුවට යන්න ඕන නැහැ. මේ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා.
මේ පළාත් සභා මැතිවරණය ජයගත්තම පාලනය ගෙන යන්න සැලසුම් කරලා තියෙනවා. බෙහෙත් තියෙන රෝහල්, මුදල් අය නොකරන පාසල්, කෘෂිකර්මාන්තය දියුණු කරන්න, හොඳ ‍පෝර දෙන්න සැලසුම් හදලා තියෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරණයක් ඒවි ඒ නිසා මේ මැතිවරණය ඉතාම තීරණාත්මකයි. ඒ වගේම වැදගත්. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive