facebook like

හැමදාම පාන් කන කෙනෙකුට'... අයිසින්’ කේක් කෑල්ලක් කන්න ලැබුණා කියමුකො..අපේ ගෑනිට වුණෙත් ඒකමයි

“මේ ලෝකේ තියෙන්නෙ පාන් විතරයි කියල හිතාගෙන හැමදාම පාන් කන කෙනෙකුට ඒ පාන් හරිම රසයි. එයාට කොහොම හරි රසවත් ‘අයිසින්’ කේක් කෑල්ලක් කන්න ලැබුණා කියමුකො... ඊට පස්සෙ එයා හිතනවා අයියෝ... මං මේ තරම් කාලා තියෙන්නේ වේලිච්ච පාන් රොඩුනෙ. කේක් කෑල්ල කොයිතරම් රසද කියලා අපේ ගෑනිට වුණෙත් ඒකමයි මිස්...”
කුරුණෑගල මූලස්ථාන ‍පොලීසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී ‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මියට මේ කතාව කීවේ ගුරුවරයෙක්. ඔහු ඇගේ තරුණ බිරියත් කැටුව ‍පොලීසි ආවේ දික්කසාද නඩුවක් දාගන්න. අවශ්‍යතාවය බිරිඳගෙ.
සැමියාට මදකට මිදුලට යන්න යැයි කියූ ‍පොලිස් පරීක්ෂකවරිය බිරිය සමග කතා
කළාය.
“ඔයාලට බබාලා ඉන්නවාද?”
“ඔව්... මිස් පුංචි දුවක් ඉන්නවා.”
“ඇයි ඉතින් මේ දික්කසාද වෙන්න යන්නෙ?”
“ඔබතුමියත් මං වගේම ගෑනියක් නේ. ඒ හින්දා මට මගේ ප්‍රශ්නය කෙළින්ම කියන්න පුළුවන්. මං එයත් එක්ක පවුල් කනවා තමයි. ඒත් එයාගෙන් මට සතුටක් කියලා දෙයක් ලැබෙන්නෙ නෑ මිස්...”
“තමුන්ගේ සතුට වගේම තමුන් දරුවගේ සතුට ගැනත් හිතන්න ඕනි නේද? ඊටත් වැඩිය ඒ ළමයා ගෑනු ළමයෙක්. ගොඩාක් වෙලාවට දික්කසාද නඩු දාන්න. ‍පොලීසියට එන්නෙ පිරිමි. ගෑනු එනවා අඩුයි. මේ ඉස්කෝලෙ මහත්තයාගෙන් වෙන්වෙන්න ඕන කියලා මුලින්ම ‍පොලීසියට පැමිණිලි කළේ තමුන්. ඉස්කෝලෙ මහත්තයා තමුන්ට ගහනවා බනිනවාද?”
“අනේ නෑ මිස්. ඒ අතින් නම් දාහකින්වත් හොයාගන්න බැරි හොඳ රත්තරන් මනුස්සයා.”
“මට පෙනෙන්නෙ එහෙනම් මේ සතුටක් නෑ කියන ප්‍රශ්නය තමයි ඉස්මතු වෙන්නෙ. තමුන් දැන් මිදුලට යන්නකො. ඉස්කෝලෙ මහත්තයා මගෙ ළඟට එවන්නකෝ.”
“මොකද මේ හදිස්සියේ දික්කසාද වෙන්න හදන්නෙ...”
“මට ‍නෙවෙයි මිස් දික්කසාද වෙන්න ඕනෑ. මගෙ නෝනට. මං දික්කසාද වෙනවා තියා මේ වචනයටත් කැමති නෑ. අපි මේ ලෝකෙට ඉපදුනේ මැරෙන්න නැතුව හැමදාම ජීවත්වෙන්න ‍නෙවෙයිනෙ මිස්. දැන් චූටි දුවෙකුත් ඉන්නවා. මං ගුරුවරයෙක්. මෙයාගෙන් දික්කසාද වෙලා. ඉස්කෝලෙට ගිහිල්ලා මං කොහොමද
ළමයින්ට උගන්වන්නෙ. සමාජ තත්ත්වය කියන්නෙ ඒකට. යානවාහන තියාගෙන බැංකු ගිණුම්වල සල්ලි පුරවාගෙන ඉන්න එක නමෛයි. අපේ ගුරු මණ්ඩලයේ ඉන්නවා ගුරුවරයෙක්. එයා තමයි ඉස්කෝලෙ ළමයින්ගෙ විනයභාරව ඉන්නෙ. එයාගේ දුව ඉස්කෝලෙ ඉස්සරහා ත්‍රිවීල් එක දාගෙන හිටිය ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පැනලා ගියා. ඒ ගුරුවරයාට දැන් පුළුවන්ද ළමයින්ගේ විනය ගැන කතා කරන්න. සමාවෙන්න මිස් ප්‍රශ්නය ටිකක් වෙන පැත්තකට පෙරළුණා.
“මට තේරෙනවා ඔබතුමා කියන දේ.”
“අපේ ගෙදර උදේට කවුරුත් නෑ. දුවත් මං එක්කම ඉස්කෝලෙ යනවා. එදා උදේ පුංචි වැහි ‍පොදක් ගිහිල්ලා තිබුණා. මං දැක්කා මිදුලෙ මෝටර් සයිකල් ටයර් පාරක් තිබුණා. මං ඇහුවා නන්දනී අද කව්රුත් ආවද කියලා?
එයා කිව්වා හරකෙක් නම් ආවා මං ඒකා එළවලා දැම්මා කියලා. ඊට පස්සෙ මං ඇහුවා මට හරක් අඩියි ටයර් පාරයි අඳුනාගන්න බැරිද කියලා. ඒ පාර නන්දනී කිව්වා අනේ මං දන්නේ නෑ ඉස්කෝලෙ ගිහිල්ලා ළමයින්ට මොනවා උගන්වනවද කියලා. තමන්ගේ මෝටර් බයිසික‍ලේ ටයර් පාර තවම අඳුනාගන්න බෑ කියලා.
මං පුළුවන් තරම් ඉවසුවා මිස්. මං එහෙමයි කොයි වැඩේදීත් ප්‍රතිචාර දක්වන්නෙ එයාගේ බුද්ධියේ මට්ටමට ගැළපෙන ආකාරයටයි. මං අමුතු උගතෙක් ‍නෙවෙයි. මං ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. එයා අටපාස්. ඒ අතින් අපි දෙන්නා අතරෙ ලොකු පරතරයක් තියෙනවා.
මං එයාගෙ ගෙදර ඉන්නෙ බින්න බැහැලා. මං මේ කතාව කියන්නෙ මිස් දැනගන්න ඕනි නිසයි. බින්න බැස්ස මිනිහා නිතරම හුළුඅත්තයි... හැරමිටියයි ළඟ තියාගෙන ඉන්න ඕනෑ... කියලා ඉස්සර මිනිස්සු කියලා තියෙනවා. එහෙම කියල තියෙන්නෙ ගෙදර අයිතිකාර ගෑනි ඒ ගෙදරින් මහ රෑ යන්න කිව්වත් ගෙදරින් පිටවෙලා යන්න මිනිහා ලෑස්තිවෙලා ඉන්න ඕනෑ කියන කතාව පැහැදිලි කරන්නයි.
ඒ නිසා  අපේ නෝනගේ තාත්තා මට හොඳ ‍පොල් අක්කර තුනක්ම සින්නක්කර ලියලා දීලා තියෙනවා. උන්දෑ දැන් ජීවතුන් අතර නෑ” කියමින් ඔහු සිනාසුණේ සැහැල්ලු වෙන්ය.
‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය උත්සාහ ගත්තේ එම දික්කසාදය වළක්වන්නය. එමෙන්ම සැමියාට අවශ්‍ය වූවේද දික්කසාද නොවී ඉන්නටය. එහෙත් නන්දනීට අවශ්‍ය වුණේ දික්කසාද වෙන්නමය.
ඒ අනුව කුරුණෑගල දිසා අධිකරණයේ එම දික්කසාද නඩුව විභාග විය. නීතිඥ දිස්නා රංජිනී වික්‍රමනායක මහත්මිය නන්දනී වෙනුවෙන් පෙනී සිටියාය. නන්දනී ඇගේ සැමියාගෙන් කිසිම සතුටක් නොලබන බව නීතිඥවරිය දිසාවිනිසුරු එම්. මහේන්ද්‍රරාජා මහතා ඉදිරියේ කියා සිටියාය.
අවසානයේ දික්කසාද වෙන්නට අවශ්‍ය අවසරය ගරු අධිකරණයෙන් නන්දනීට ලැබිණි.
සැමියාත්, ගුරුවරියත් දෙදෙනාම තවම තරුණය. දරුවා නන්දනී ළඟය. දෙදෙනාම අලුත් මනමාලයෙකුත්, මනමාලියකත් සෙව්වෝය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ ඉරිදා පුවත්පත්ය. නන්දනීට මනමාලයෙක් එවූ ලියුමක තිබුණේ තමා දික්කසාද කළ ගුරුවරයාගේ අකුරුය.
නන්දනී විලාප තිබ්බාය. ඔහු ගැන ඇයට ලොකු දුකක් දැනුණි. මේ ඇත්තමයි විශ්වාස කිරීම නොකිරීම ඔබේ වැඩක් නන්දනීත් ගුරුතුමාත් යළි කසාද බැන්දෝය.

මෙත්සිරි බි. හේරත්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive