අනුරාධපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක පුහුණුවකදී ආධුනික සෙබළියන් පිරිසකට අඩන්තේට්ටම් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ අධිකාරී නොලත් හමුදා නිලධාරීන්ට එරෙහිව යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය කි‍්‍රයාත්මක බවයි.
හමුදා කඳවුරක පුහුණුවක් අතරතුර ආධුනික සෙබළියන් පිරිසකට
හිරිහැර සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වනවා. ඒ පිළිබඳව යුද හමුදාව විසින් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළා. එහිදී අනාවරණය වුණේ මෙම වීඩියෝ පටයේ ඇතුළත් දර්ශන නිවැරදි ඒවා බවයි. 2012 වසරේ අනුරාධපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක මෙය සිදුවී ඇති බවටයි තොරතුරු හෙළිවුනේ. අදාළ පරීක්ෂණයේදී එම වීඩියෝ පටයේ සිටින අධිකාරිය නොලත් හමුදා නිලධාරිනියන් සහ නිලධාරීන් පිළිබඳවද මෙම පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය කර ගැනුනා.

සුනක ඡාතකයක් අැති හමුදා සෙබළුන් මාටිටු......
ReplyDelete