අද උදෑසන පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන ජිවිතක්ෂයට පත් විය.
අද උදෑසන එම ප්‍රදේශයේ විරෝධතාවක් පැවති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේ ය.
ෙප්‍රදේශවාසීන් පිරිසක් මෙම විරෝධතාව පැවැත්වූයේ, ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට
විරෝධය පළ කරමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර විරෝධතාව හේතුවෙන් වසා තිබූ හයිලෙවල් මාර්ගය යළි විවෘත කර තිබේ.
අවිස්සාවේල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ.ඩී.එච්. ජයතිලක මහතා සඳහන් කළේ, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සැත්කම් දෙකක් සිදු කළ බව ය.
එහෙ ත් පොලිස් ස්ථානාධිපතිවරායාගේ සිරුර අභ්‍යන්තරයේ සිදු වන රුධිර වහනය පාලනය කරගත නොහැකි වූ බව ද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ ය.

0 comments:
Post a Comment