facebook like

විනිසුරුවෙක් පරීක්‍ෂකවරයෙක් හා දුම්රිය මගියෙක්

'ගස් නැති රටේ එඬරු ගහත් ගහක්' යැයි කියමනක් ඇත. 'නිකන් ඉන්න එකේ අහල ගියත් මදැයි' තවත් එවැනි කියමනකි.

ඉකුත් සිකුරාදා දිනපතා 'මව්බිම' මුල් පුවත වූයේ ටිකට් නැතිව දුම්රියේ ගොස් පරීක්‍ෂකවරුන්ට හසුවී අධිකරණයට යොමු කළ මගියකුට දඩ මුදලක් නියම කර අදාළ මුදල තමන්ගේ පොකැට්ටුවෙන් ගෙවූ විනිසුරුවරයකු ගැනය.
කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා මේ සත්ක්‍රියාව කර ඇත. රුපියල් දෙදහසක දඩ මුදල ගෙවීමට නොහැකි වූවා නම් මාස තුනක කාලයක් සිර ගෙදර තැපීමට
මගියාට සිදුවේ. දඩ මුදල ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට නියමිත මුදල ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කර තිබිණි.

මෙය සුළු සිද්ධියකි. මෙවැනි දේවල් මීට පෙරද අධිකරණයකදී සිදුවී තිබිය හැකිය. එහෙත් මිනිස් සබඳතා පවා මුදලට හිලව් වූ ආදරය, කරුණාව, සෙනෙහස වැනි ධර්මතා වියැකී යමින් පවතින වර්තමාන සමාජයේ විනිසුරුවරයකුගේ මේ පුංචි ක්‍රියාව ඇත්තටම මහමෙරක් සේ දැනේ.

බදුල්ල තල්දෙන වැනි ග්‍රාමීය ප්‍රදේශයක පදිංචිකරුවකු වන දුම්රිය මගියා කර ඇත්තේ වරදක් වුවද කරුණු කාරණා විමසා ඔහු පිළිබඳ සානුකම්පිත වීමට දුම්රිය පරීක්‍ෂකවරයාට හැකි වී නැත. නොඑසේ නම් දුම්රිය මගියකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා පැමිණීමට සිදු නොවේ. මේ රටේ බොහෝ විට සිදුවන්නේ මෙවැනි වැඩය. එළන දැල්වලට අසුවන්නේ හාල්මැස්සන්ය. තෝරු මෝරු සුවසේ පැන යති. ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ ගමන්ගත් අහිංසක මගියකු බෙල්ලෙන් අල්ලා අධිකරණය වෙත කුදළාගෙන පැමිණියද බලය ඇත්තකු නම් පරීක්‍ෂකවරුන් දෙවරක් සිතීමට නොපෙලැඹේ යැයි සිතිය නොහැකිය. ලක්‍ෂ ගණනින් අල්ලස් ගන්නන් හසු නොවූවද සොච්චම් මුදලක් අල්ලස් ගන්නා පියන්ලා අතටම අසුවෙති. එවැන්නන්ට අධිකරණයෙන් දඬුවම් ලබාදීම පවා කඩිනම්ය. බලැත්තෝ අධිකරණ නියෝග පවා නොතකා කට්ටි පනිති. 'පහත් තැනින් යයි ගලා ජලේ' යැයි කියන්නේ මෙවැනි දේවලටය.

දුම්රිය මගියාගේ කාරණයේදී විනිසුරුවරයා තුළ තිබූ දයානුකම්පාව දුම්රිය පරීක්‍ෂකවරයාට නොතිබුණේ මන්දැයි සිතීමෙන් පලක් නැත. අනෙකාගේ දුක, වේදනාව තේරුම් ගන්නන් දැන් මේ රටේ හිඟය. හැඟීම් දැනීම් නැති රොබෝ මිනිසුන් බවට බොහෝ දෙනා පත්ව සිටිති. ආත්මාර්ථයේ පල්ලට ඇද වැටුණු සමාජයක වෙසෙන්නන්ගෙන් හෘදයාංගම බවක් අපේක්‍ෂා කළ නොහැකිය.

ආගම ඇදහීම පවා අද මෝස්තරයකි. ගිහියන්ට ආදර්ශවත් විය යුතු පැවිදි සමාජය පවා අද වල්මත් වී ගොස්ය. මවුපිය, දූදරු, අඹුසැමි, මිතුරු සබඳතා තුළින් ආදරය වියැකී යමින් පවතී. මුදල අධිනිශ්චය වූ සමාජයක ඊට වෙනස් ඉරණමකට මනුෂ්‍යත්වය පත්වේ යැයි සිතිය නොහැකිය.
කොටුව මහෙස්ත්‍රාත්වරයා දුම්රිය මගියාට කළ පුංචි උපකාරය මාධ්‍යයකට මුල් පුවතක් වූයේ අන් කිසිවක් නිසා නොව අඳුරු දෝනාවක නොදන්නා අන්තයක් කරා ඇදී යන සමාජයක ජීවත්වන ආලෝකයට සංවේදී මිනිසුන්ගේ සිතට එළි තිතක් වුවද සැනසිල්ලක් වන නිසාය.

mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive