facebook like

ඕ. අයි. සී. ගේ මරණය හිතා මතා කළ එකක් ‍- පොලිස් මාධ්‍ය ප්‍රකාශක... හංවැල්ල විරෝධතාවේ සිදුවීම ජනතාව කියන කතාව video

හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් කපන ලද රබර් ගසකට යටවීමෙන් සිදු වූ බොරැල්ල ‍පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මියයාම එම කලහකාරීන් විසින් ච්ෙතනාන්විතව සිදුකරන ලද්දක් බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බව ‍පොලීසිය සඳහන් කරයි.ඒ අනුව එම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන්ට වහාම දැඩි දඬුවම් පැමිණවීමට ‍පොලීසිය පියවර ගන්නා බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම ඝාතනය හා ඊට සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගම්වැසියන් විසින් හුදකලාව සිදුකළ ඒවා නොවන බවත් මේ සිද්ධි පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවත් දැනට සිදුකළ පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බවද කොළඹ ‍පොලිස් මූලස්ථානයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.‍පොලිස් ස්ථානාධිපතිවරයා මත පතිත වූ රබර් ගස අර්ධ ලෙස කපා දමා අවශ්‍ය වේලාවකදී තල්ලු කර දැමීමට සැලසුම් කර තිබූ බවටත් දැනට අනාවරණය වී ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙම සිදුවීම හේතුවෙන් තවත් ‍පොලිස් නිලධාරීන් 7 දෙනකු තුවාල ලබා ඇති බවත් ඒ අතරින් 3 දෙනකු රෝහල්ගත කර ඇති බවත් වාර්තාවේ.
මෙම උද්ඝෝෂණය දීර්ඝ කාලයක සිට සැලසුම් කර සිදුකරන ලද්දක් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට මූලිකත්වය දුන් කිහිප දෙනකු දැනට හඳුනාගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මෙසේද පැවැසීය.
“හංවැල්ල තුන්නාත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට එරෙහිව ගම්වාසීන් ඇතුළු පිරිසක් පෙරේදා (15) සිට දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කර තිබුණා. ‍පොලීසිය මේ පිළිබඳව අධිකරණයෙන් විමසීම් සිදුකර තිබුණා. ඊයේ (16) උදෑසන වන විට මෙම උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තා.
කර්මාන්ත ශාලාවට ඇතුළු වන ප්‍රවේශ මාර්ග පවා මෙම විරෝධතාකරුවන් විසින් වසා දැමුවා. මහා මාර්ගයද අවහිර කළා. ඒ අනුව පහත්ගම හා මීපේ ප්‍රදේශයේ මහාමාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී වාහන ගමනාගමනය ඇන හිටියා.
ඒ අනුව මාර්ගය අවහිරය මැඩලීම සඳහා ‍පොලීසිය පියවර ගත්තා. ඒ සඳහා බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරුන් හා ‍පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනකුගේම සහය ලබාගත්තා.මියගිය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා මීපේ ප්‍රදේශයේ සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගයේ අවහිරතා ඉවත් කරමින් ගමන් කර තිබෙනවා. එවිට කලහකාරී විරෝධතාකරුවන් මාර්ගයට ගස් කපා දමමින් මාර්ගය අවහිර කර තිබෙනවා.මෙහිදී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සිරුර මතටද ගසක් කපා හෙලා තිබෙනවා. මෙය විරෝධතාකරුවන් ච්ෙතනාන්විතව කරන ලද්දක් බවට තොරතුරු වාර්තා වනවා.
මෙම විරෝධතාකරුවන් පලවා හැරීමට ‍පොලීසිය යොදා ගත්තේ කඳුළු වායුව හා ජල ප්‍රහාර පමණයි. එහෙත් කිසිදු ආකාරයක ප්‍රහාරයක් දියත් කරේ නැහැ.ජිනීවා හි මානව හිමිකම් සැසිය පැවැත්වෙන අවස්ථාවක මෙවැනි සිදුවීම් ඇතිකර රජයත් ජනතාවත් රටත් අපහසුතාවයට පත් කරලීමට විවිධ කොටස් ක්‍රියා කරනවා. ජනතාව මෙවැනි උසිගැන්වීම්වලට නොරැවටිය යුතුයි.

පැතුම් වික්‍රමරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive