තමා මුණගැසීමට සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කිසිදු අවස්ථාවක තමා වෙත ලිපියක් එවා නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කොට ඇත.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කොට ඇත්තේ ඇමැතිවරුන්
පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය. මෙහිදී ඇමැතිවරුන් ජනාධිපතිවරයා මුණගැසීමට අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවනු ලැබ ඇති බවට මාධ්‍යවල පළවී ඇති ප්‍රධාන පුවත සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කොට තිබේ.
එහිදී තමන් වෙත එවැනි ලිපියක් ලැබී නොමැති බව සඳහන් කොට ඇති ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම සිය ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට කටයුතු කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා මුණගැසීමට හිටපු ජනාධිපතිනිය වේලාවක් ඉල්ලා නොමැති වුවත් තමා මුණගැසීමට අවශ්‍ය බව පවසමින් හිටපු ජනාධිපතිනිය තමන් වෙත ලිපියක් එවා ඇති බවකි.

0 comments:
Post a Comment