facebook like

'ජනමිතකාමී දේශ හිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර'ගේ විදුලි බිල

ජනමිතකාමී දේශ හිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර නාමයෙන් පසුගියදා පිදුම් ලැබූ, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂයකට වඩා වැඩි බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක B13/6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නි‍වසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 118,176.80ක මුදලක් සටහන් වී ඇත. එම මාසය සඳහා විදුලි ඒකක 2,091ක් භාවිතා කර ඇති
අතර එම මාසය සඳහා ගෙවිය යුතු මුළු මුදල ලෙස රුපියල් 143,870.44ක මුදලක් විදුලි බිල්පතේ සඳහන්ව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග තහවුරු කරන අන්දමට පසුගිය ජනාවාරි මාසය සඳහාද අමාත්‍යවරයාගේ නිල නිවාසයේ විදුලි බිල රුපියල් 133,000ක් ලෙස සටහන්ව ඇති අතර විදුලි ඒකක 2,300ක් එම මාසයේදී භාවිත කර තිබේ. පෙබරවාරි මාසය සඳහා විදුලි ඒකක 2,071ක් භාවිත කර ඇති අතර ඒ සඳහා රුපියල් 116,000ක බිල්පතක් සටහන් වී ඇත.

ජනවාරි මස 18 වැනිදා අමාත්‍යවරයාට අයත් අමාත්‍යංශය විසින් රුපියල් 142,00ක මුදලක් ලංකා බිදුලිබල මණ්ඩලය වෙත ගෙවා ඇති අතර හිඟ මුදල් ලෙස රුපියල් 25,693.64ක මුදලක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශ ලේකම් පී.ච්.එල්.ඩබ්ලියු. පෙරේරා මහතා මාධ්‍යවෙත පැවසා ඇත්තේ විදුලි බිල්පත් මුදල පිළිබඳව තමන් නොදන්නා නමුත්, අමාත්‍යවරයාට අයත් නිල නිවසේ විදුලි බිල, ජල බිල ආදී බිල්පත් තම අමාත්‍යංශයෙන් ගෙවා දමන බවත්, ඒ සඳහා නිශ්චිත මුදලක් වෙන්කර නොමැති බවත් මුළු මුදලම තම අමාත්‍යංශයෙන් ගෙවන බවත්ය.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙවැනි නිල නිවාස විශාල ඒවා බැවින් වායුසමීකරණ, විශාල විදුලි බුබුළු ආදිය ඇති හෙයින් විශාල විදුලි බිලක් ලැබෙනු ඇති බවත්ය.


1 comment: Leave Your Comments

  1. Ane Ape Hamuduwane Thawath Sammanayak Hadala Dennako........

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive