facebook like

අගමැති තාත්තා මොන්ටිසෝරි ගිහින් දුව කරගහගෙන එයි

රාජ්‍ය නායකයකුගේ උර මත කෙතරම් බරක්‌ පැටවී ඇතත් තම දරුවාගේ බර ඔහුට නම් කිසිම "බරක්‌" නොවන බව පෙන්වන පින්තූරයකි මේ. එංගලන්තය වැනි ලෝකයේ බලවත් රාජ්‍යයක අගමැතිවරයකුට ඇති වගකීම කොතරම් දැයි කියා පුන පුනා කීම අනවශ්‍යයි.

ඒ බව සනාථ කරමින් පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය තුන් හැවිරිදි ආදර දියණිය ෆ්ලොරන්ස්‌ නිවසට රැගෙන ඒමට ඇයගේ පෙර පාසල වෙත ගියේය. ඔහු තම දියණිය තමාගේ වම් උරයට තද කරගෙන දකුණු අතින් ඇයගේ පුංචි රෝද තුනේ ස්‌කූටරය ද රැගෙන ගිය
අන්දම ඔහු පසුපසින ගිය ඡායාරූප ශිල්පියකු දුටුවේ මෙසේය.

කොතරම් වැඩ රාජකාරි තිබුණද අගමැතිවරයා එදින සිය සිඟිති දියණිය ගැනීමට පෙර පාසල නිමා වන මොහොත වන විටම එහි ගොස්‌ ඇත. තමා ගෙන යැමට සිය පියා පැමිණ සිටිනු දුටු ඔහුගේ ආදර දියණිය ප්‍රීතියෙන් ඉපිල යන්නට ඇතිවාට සැකයක්‌ නැත.

එසේ යන අතරතුර පුංචි දියණිය අගමැති පියාගේ ඇස්‌ කුඩා අත්පොඩ්ඩෙන් වැසුවාය. හිස පිරිමැද්දාය. ඒ සියලු ආදරය ලබමින් පිය සෙනෙහස ද නොඅඩුව දෙමින් ඉතා නිදහස්‌ පුද්ගලයකු සේ අගමැතිවරයා නිවෙස කරා ගියේය.

එදින ඒ මොහොත වන විට එංගලන්ත කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී තිබිණි. වහ වහා තම දියණිය නිවෙස තුළට ඇතුළු කළ කැමරන් ඊට සහභාගි වීමට පියමනින්නට ඇත්තේ සැහැල්ලු සිතකින් විය යුතුය.

සිංහලට සකස්‌ කළේ - අකිත පෙරේරා

(මෙය කලින් සූදානම් කර ගත් පින්තූරයක්‌ නොව මහ පාරේ ගමන් කළ මගියකු විසින් ගන්නා ලද ඡායාරූපයකි.)






0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive