තවමත් වැඩ අවසන් කර නැති අඟුලාන නිවාස ව්‍යාපෘතිය එළෙඹෙන මැතිවරණයට පෙර 13දා විවෘත කිරීම සඳහා සැලසුම් කර තිබුනද, තම දියණියට එම විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නැති බැවින් ජීවන් කුමාර තුංග අමාත්‍යවරයාගේ දියණියගේ ආධාර කරුවන්ගේ විරෝධතා නිසා එම විවෘත කිරීමේ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ.
මෙම වීවෘත කිරීමේ උත්සවය සඳහා අවශ්‍ය වේදිකාව ඇතුළු සැරසිලි සියල්ල 12 දා පෙරවරුව
වනවිට සකසා අවසන් තිබූ අතර ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් එහි ආරක්ෂාවද භාරගෙන තිබුණි.
කෙසේ නමුත් එම ස්ථානයට පැමිණ ඇති ජීවන් කුමාරතුංග මහතාගේ දියණියට සහාය දක්වන ඇමතිවරයාගේ ආධාරකුරුවන් කිහිපදෙනෙකු සහ ප්‍රදේශවාසීන් විරෝධය දක්වමින් පවසා ඇත්තේ එම නිවාස ව්‍යාපෘතියට එම ප්‍රදේශයේ නිවාස අහිමි කිසිවෙකුත් ඇතුළත් කර නැති බවත් දේශපාලන හිතවත් කමි මත පිට ප්‍රදේශවලින් ගෙන්වා ඇති පිරිසක් පමණක් එම නිවාසවල පදිංචි කරවීමට කටයුතු කර ඇති බවත්ය.
එහි තත්වය උණුසුම් වීමත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඉන් පිටව ගොස් ඇති අතර පස්වරුව වනවිට එහි වේදිකාව සහ සැරසිලි ගලවා ඉවත් කිරගැනීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ ව්‍යාපෘතිය විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමන බවයි.
මෙහි වේදිකාවට සහ සැරසිලි සඳහා පමණක් රුපියල් ලක්ෂ 06කට අධික මුදලක් වැය වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ දියණිය මෙවර පළාත් සභා මැතිවරණයේ අපේක්ෂිකාවක් බැවින් ඇයට මේ සඳහා ආරාධනා නොකිරීම නිසා කෝපයට පත් ඇමතිවරයා අදාළ ජනතාවගේ ප්‍රශ්න මුල් කර ගනිමින් මෙම විරෝධය මෙහෙයවා ඇති බවයි.
කෙසේ නමුත් විමල් වීරවංශ ඇමතිවරයාද සිදුකිරීමට ගොස් ඇත්තේ ජනතාව මුලා කරමින් භාග ව්‍යාපෘතියක් විවෘත් කිරීමේ සංදර්ශනයක් පවත්වා ජනතා ඡන්දය ලබා ගැනීමේ කූඨ උපක්‍රමයක නිරත වීමට බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

0 comments:
Post a Comment