ඉඩම් කච්ච්ෙරිවල සිටින දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව අන්සතු ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මකව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බැවින් තම ඉඩම්ද එසේ ව්‍යාජ ඔප්පු මගින් විකුණා තිබේදැයි පරීක්ෂා කර ගැනීම වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.
එසේම යම් පුද්ගලයෙක් ඉඩමක් මිලදී ගන්නට යන විට එම ඉඩමේ හිමිකම් පරීක්ෂාව කච්ච්ෙරියේ ඇති දෙවැනි පිටපතින්ද, පළාත් පාලන
ආයතනයෙන්ද පරීක්ෂාකර ඉඩම සම්බන්ධයෙන් වූ හිමිකම නිවැරදි ලෙස තහවුරු කර ගන්නට වගබලා ගන්නා ලෙසද අජිත් රෝහණ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉඩම් කච්ච්ෙරිවල ඇති පත්ඉරු සහ ඔප්පු පිටපත් පවා වෙනස් කරමින් ඉඩම් වංචා කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බවද ඔහු කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඉඩම් වංචා සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇති අතර පසුගිය වසර තුනක කාලය තුළ පමණක් පැමිණිලි හත්දහසකට අධික සංඛ්‍යාවක් එම ඒකකයට ලැබි තිබිම විශේෂිතය. එම පැමිණිලිවලින් හාරදහසක් පමණ මේ වන විට විසඳා අවසන්ය. රජයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර අලෙවි කිරීම්, යුද සමයේ ගේ දොර අතහැර විදෙස් රටවලට පලාගිය දෙමළ වැසියන්ගේ කොළඹ පිහිටි නිවාස ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර බහුල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

0 comments:
Post a Comment