මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් යන්න සිදු වුණොත් ආණ්ඩුවටත් පැවැත්මක් නැතැයි මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසනවා. ආණ්ඩුවේ අන්තවාදි දේශපාලන පක්ෂ හරහා මුස්ලිම් කොංග්‍රසයේ හිත රිදෙන ප්‍රකාශ මේ දිනවල නිතරම අසන්නට ලැබෙන බව පැවසූ හකීම් මහතා, ආණ්ඩුවෙන් තමන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාවත් ආණ්ඩුවට අහිමි වන බව ඔවුන් සිහිතබා ගත යුතු යැයිද දැඩිව පවසනවා. වත්තල,වෙලේගොඩ ප්‍රදේශයේ දී 9දා පැවැති මුස්ලිම් කොංග්‍රසයේ ජන හමුවක්
අමතමින් රවුෆ් හකීම් මහතා මේ ආන්දෝලනාත්මක අදහස් පලකර තිබෙනවා.
නැගෙනහිර සහ උතුරු පළාත් සභා ආණ්ඩුවට අහිමි වීමේ අනෙක් ප්‍රතිඵලය වන්නේ රටේ සෙසු පළාත් සභාවල බලයත් ආණ්ඩුවට අහිමි වීම යැයි පෙන්වා දුන් හකීම් මහතා ඒ බව වටහා නොගෙන ආණ්ඩුවේ අන්තවාදි දේශපාලන කල්ලි තමන් ආණ්ඩුවෙන් පන්නා දමන්නට උත්සාහ කරන බව පැවසනවා.
අපට යන්න කියනවා නම් ආණ්ඩුවේ රැඳෙන්න කිසිම අවශ්‍යතාවක් නැති බව කී ඒ මහතා, එහි අකාරුණික ප්‍රතිඵලය භුක්ති විඳින්නට රජය ඇතුළු සියලු දෙනා සූදානම් විය යුතු යැයිද මෙහිදී කියා සිටිනවා. ඒ වගේම තමන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් පළාත් ආණ්ඩුවලින්ද ඉවත් වන බව හෙතෙම වැඩිදුරටත් පවසනවා.
)අමතමින් රවුෆ් හකීම් මහතා මේ ආන්දෝලනාත්මක අදහස් පලකර තිබෙනවා.
නැගෙනහිර සහ උතුරු පළාත් සභා ආණ්ඩුවට අහිමි වීමේ අනෙක් ප්‍රතිඵලය වන්නේ රටේ සෙසු පළාත් සභාවල බලයත් ආණ්ඩුවට අහිමි වීම යැයි පෙන්වා දුන් හකීම් මහතා ඒ බව වටහා නොගෙන ආණ්ඩුවේ අන්තවාදි දේශපාලන කල්ලි තමන් ආණ්ඩුවෙන් පන්නා දමන්නට උත්සාහ කරන බව පැවසනවා.
අපට යන්න කියනවා නම් ආණ්ඩුවේ රැඳෙන්න කිසිම අවශ්‍යතාවක් නැති බව කී ඒ මහතා, එහි අකාරුණික ප්‍රතිඵලය භුක්ති විඳින්නට රජය ඇතුළු සියලු දෙනා සූදානම් විය යුතු යැයිද මෙහිදී කියා සිටිනවා. ඒ වගේම තමන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් පළාත් ආණ්ඩුවලින්ද ඉවත් වන බව හෙතෙම වැඩිදුරටත් පවසනවා.

0 comments:
Post a Comment