facebook like

එල්ලූම් ගහට බය නැති අලූගෝසුවෙක් ඕනෑ පඩිය 11,730යි..

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෑතක දී බඳවා ගත් තැනැත්තා ද සේවයෙන් ඉවත්ව යාම නිසා අලුගෝසු තනතුර යළිත් වතාවක් පුරප්පාඩු වී තිබේ.
අලූගෝසු තනතුරට බඳවා ගත් පුද්ගලයා එල්ලූම් ගහට බිය වී පැන යාම නිසා පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර සඳහා අලූතින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

ඒ අනුව අවුරුදු 18 – 45 අතර 8 ශ්‍රේණිය සමතුන්ට මෙම තනතුර සඳහා ඉල්ලූම් කළ හැකි අතර කම්කරු ශ්‍රේණියේ තනතුරක් වන මෙහි මාසික වැටුප රුපියල් 11,730 ක් බවත්
බවද කොමසාරිස් ජනරාල්වරයා කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු එල්ලුම් ගස දැකීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තමන්ට එම තනතුරේ සේවය කිරීමට නොහැකි නිසා සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

බන්ධනාගාර කොමසාරිස්, (මෙහෙයුම්) ජී.බී.කුලතුංග ප්‍රකාශ කළේ එම තැනැත්තා ඉල්ලා අස් වූයේ ඔහුගේ පෞද්ගලික තීරණය මත බවයි.

රජයේ සේවයට බැඳුනු පසු තම සේවා ස්ථානයේ කාර්යයන් ඉටු කිරීමට නොහැකි නම් පුහුණු කටයුතු වලට පෙර සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අදාළ රාජකාරිය කුමක් ද යන්න පැහැදිලි කොට එල්ලුම් ගස නමින් හැඳින්වෙන රාජකාරි ස්ථානය පෙන්වීමෙන් පසු එම කාර්යය සිදු කිරීමට සිතට එකඟ නැති කමක් හෝ එය සිදු කිරීමට අපහසුකමක් දැනුන කම නිසා හෝ රැකියාව අවශ්‍ය නැති බව කියා සිටි බවයි බන්ධනාගාර මෙහෙයුම් කොමසාරිස්වරයා පැවසුවේ.

මීට කලින් එම තනතුර සඳහා පත්වීම් ලැබ සිටි දෙදෙනක් ද සේවය අතහැර ගියහ.

ඊට හේතු දැක්වූ බන්ධනාගාර කොමසාරිස්, (මෙහෙයුම්) ජී.බී.කුලතුංග පැවසුවේ ඔවුන්ට නිවාඩු ලබා දී තිබුණු බවත් නිවාඩු අවසන් වීමෙන් පසු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔවුන් සේවය අත් හැර ගිය අය සේ සලකා කටයුතු කර ඇති බවයි.
යෝග්‍යතාව

අයදුම්පත් කැඳවීමේ දී තනතුර පිළිබඳ සියලු විස්තර දක්වා ඇති බව පැවසූ ඔහු සම්මුඛ පරීක්ෂණයේ දී අයදුම්කරුවන්ගෙන් රැකියාව කිරීමට ඇති හැකියාව සොයා බලා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බව පැවසුවේ තනතුරෙන් ඉවත් වූ පුද්ගලයාගේ යෝග්‍යතාව සොයා බැලුවේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

මරණ දඬුවම පනවන්නේ නැති නමුත් අලුගෝසුවාගේ තනතුර අහෝසි කොට නැති බව පැවසූ ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ගෙන නැති නිසා තනතුර දිගටම පවත්වා ගෙන යන බවයි.

පොරොත්තු ලේඛනයේ තෝරා ගත් අයකු නොමැති නම් නවකයකු තෝරා ගැනීමට අවශ්‍ය වන බවත් බන්ධනාගාර කොමසාරිස්, (මෙහෙයුම්) ජී.බී.කුලතුංග තවදුරටත් ප්‍රකාශ කළේය.

එක් දහස් නවසිය හැත්තෑ හයේ සිට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කොට නැත.

ඒත් මේ දක්වා මරණ දඬුවමට නියමව සිටින සිරකරුවන් ගේ සංඛ්‍යාව හාර සියකි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive