facebook like

ප්‍රජාතන්ත්‍රවාදී වුනොත් රට බේරේවි - චන්ද්‍රිකා කුමාරතුංග

ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායක අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, ජිනීවා යෝජනාවෙන් රට බේරා ගත හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව පරාජය කිරීම
පිණිස උපකාර කරන්නේදැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
"ලංකාව බේරගන්න උදව් කරන්න නම්, ලංකාවේ ආණ්ඩුව සහ ලංකාවේ ජනතාව හරියාකාරව ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායකයන් අනුව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට ලංකාව බේරෙයි," යනුවෙන් ඇය කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ.
ජනපති හමුවක්

    "මුලින්ම ජනාධිපතිවරයාගෙන් තමයි හම්බ වෙන්න වෙලාවක් ඉල්ලුවේ ඒත් තවමත් පිළිතුරක් ලැබුනේ නැහැ"

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එජාප නායකයාට පිරි නැමූ අවස්ථාව වාර්තා කිරීම පිණිස දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් පැමිණ සිටියහ.

"පසුගිය වසර කිහිපය තුල ලංකාවේ බෞද්ධ නොවන ආගමික ස්ථානවලට ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට යම් කිසි කණ්ඩායම් ප්‍රහාර එල්ල කළා. ඒ නිසා මේ සම්බන්ධව සංහිඳියාවක් ඇති කිරීමට සාකච්ඡා කරලා මේ ලියවිල්ල හැදුවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව නැති වීමෙන් ඇති විය හැකි භයානක තත්වය මෙන්ම සියලු ආගම් සහ ජාතීන් එක්ව සිටීමෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දියුණුව පිළිබඳව ඉදිරියේදී රජය මෙන්ම ජනතාවද දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

"ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වුවා. මුලින්ම ජනාධිපතිවරයාගෙන් තමයි හම්බ වෙන්න වෙලාවක් ඉල්ලුවේ ඒත් තවමත් පිළිතුරක් ලැබුනේ නැහැ," බවද ඇය පවසන්නීය.
පොදු වටිනාකම්

ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව පිළිබඳ ගැටළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන යෝජනාවට ඇතුලත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ, කවුරු යෝජනා කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම ප්‍රශ්න යොමු කිරීම වැදගත් බවයි.

හිටපු ජනාධිපතිනිය සමඟ පැවති හමුව පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විසි වැනි ශතවර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සියලුදෙනා එකඟව පොදුවේ පවත්වාගෙන ආ පොදු වටිනාකම් රාමුව දැන් බිඳ වැටී ඇති බව කියා සිටියේය.

"පසුගිය කාලේ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳවත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්වයත් අපි සාකච්ඡා කළා," යනුවෙන් ඔහු කියා සිටියේය.

රටේ බහුතරය වන බෞද්ධ සංඝරත්නය මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කරන මෙන් තමන් හිටපු ජනපතිනිය ඇතුළු කණ්ඩායමට යෝජනා කළ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

කිසිදු දේශපාලන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවධානය පළ නොවූ බව බීබීසී ය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය කියා සිටියාය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive