මෙරට දේශපාලනයේ කවදාවත් අමතක කරන්න බැරි, අමතක වෙන්නේ නැති සුවිශේෂී සිදුවීම් ගණනාවක් තියෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග වැනි නායකයන්ගේ ඝාතන, සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 83 කළු ජූලිය, 87 / 88 ගහපු ජ.වි.පෙ. කරැල්ල, 87 අස්සන් කරපු ඉන්දු - ලංකා ගිවිසුම වගේ සිදුවීම් අපට කවදාවත් අමතක කරන්න බැහැ. මොකද ඒ බොහෝ සිදුවීම්වල බලපෑම තවත් අවුරුදු ගණනාවක් පුරා තියෙන නිසා. හැබැයි එදා වුණු ඒ සිදුවීම්
එදා වුණේ නැත්නම් මොනව වෙන්න තිබ්බද? උදාහරණයක් විදියට ලලිත් ඇතුලත්මුදලි, ප්‍රේමදාස වගේ නායකයන් එදා ඝාතනය වුණේ නැත්නම්?
මෙන්න මේ වගේ අපේ රටේ සිද්ධ වුණු සුවිශේෂී සිදුවීම් මතක් කරලා ඒ සිදුවීම් එදා නොවුණානම් අපේ රටට මොනවා වෙන්න තිබ්බද කියලා අපි කතා කරනවා.
දිනය - 1993 මැයි 01
ස්ථානය - ආමර්වීදිය
විශේෂ සිදුවීම - ආර් ප්‍රේමදාස මහත්මයාගේ ඝාතනය
ආර්. ප්‍රේමදාස එදා ඝාතනය නොවුණානම් වෙනදේ ගැන ආර්. ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස මෙහෙම කියනවා.
“මම විශ්වාස කරන ආකාරයට දේශපාලනය කියන්නේ දේශයට සේවය කිරීම. දේශයට සේවය කිරීම මීට වඩා උසස් සේවාවක් වෙන්න ඕන. පරිණත සේවාවක් වෙන්න ඕන. ඒ වගේම ගුණාත්මක සේවාවක් වෙන්න ඕන. ඒ ගුණාංග ටික නැත්නම් දේශපාලනඥයන්ගෙන් රටට වැඩක් නැහැ.
අපේ තාත්තා 1993 මැයි 01 වැනිදා ඝාතනය නොවුණානම් මම විශ්වාස කරනවා ජනතාව බලාපොරොත්තුවන ඒ ජනතා සේවාව මීට වඩා උසස් ප්‍රමිතියකින් යුක්තව ලැබෙයි කියලා. රටට හා ජනතාවට වෙන්න ඕන සේවාව ගුණාත්මක ජනතා සේවාවක් බවට පත්කරාවි කියලා. මොකද ඒ ජනතා සේවාව හරියට දෙන්න තාත්තට හරි දැක්මක්, වැඩපිළිවෙළක් තිබුණා. තාත්තා හැම වෙලාවකම කල්පනා කළේ රටට සහ ජනතාවට වෙන්න ඕන සේවය කොහොමද ලබා දෙන්නේ කියලා.
තව දෙයක් තමා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කිව්වේ දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජයීය, සුබසාධන අයිතිවාසිකම් සියල්ලම ජනතාවට හරි විදියට ලැබෙන්න ඕන. ඒ අයිතිවාසිකම් මතයි රටක් ඉදිරියට යන්නේ. මම හිතන්නේ අපේ තාත්තා ජීවතුන් අතර හිටියා නම් ඒ ආර්ථික, සමාජයීය සුබසාධන අයිතිවාසිකම් සියල්ලම ජනතාවට නොඅඩුව ලබාදෙයි කියලා. අදටත් වඩා හොඳින් ඒ අයිතිය ජනතාවට ලබාදෙයි කියලා.
ඒ වගේම අද බොහෝ ජනතාව මුහුණදීලා තියෙන ප්‍රධානම ප්‍රශ්නයත් තමා නිවාස ප්‍රශ්නය. අදටත් පහළොස් ලක්‍ෂයක් ඉන්නවා තමන්ටම කියලා භූමි භාගයක් නැතිව, හිසට වහලක් නැතිව. ඒ ජනතාවට හොඳ විසඳුමක් දීලා අංගසම්පූර්ණව නිවාස ප්‍රශ්නය විසඳන්න තිබුණා ආර්. ප්‍රේමදාස මහත්මයා අද ජීවත් වෙලා හිටියනම්. ඒක එතුමගේ තිබුණ එක් සැලැස්මක්. ඒ වගේම අපේ රටේ පාසල් යන දරු පරපුරට මීට වඩා අනුග්‍රාහකත්වයක් ලබාදීලා, පාසල් දරුවන්ට අංග සම්පූර්ණ උපකරණ කට්ටලයක් ලබාදීලා සැබෑ නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නත් අපේ තාත්තා හිටිය නම් අනිවාර්යයෙන් කටයුතු කරනවා. මොකද අපේ තාත්තා තමයි නිල ඇඳුම් සංකල්පයේ පීතෘවරයා. එතුමාට හරි සැලැස්මක් තිබුණා අපේ රටේ පාසල් දරුවන්ට සැබෑ නිදහස් නිවහල් අධ්‍යාපනයක් ලබා දෙන්න.
මේ රටේ ගොවි, කම්කරු, සාමාන්‍ය ජනතාව අද ඉන්නේ ආර්ථික සමාජ ප්‍රපාතයකට වැටිලා. හොඳ ජීවන මට්ටමක් ඔවුන්ට නැහැ. ඒ වගේම ඔවුන්ට හොඳ ජීවන මට්ටමක් ලබාදෙන්න නිසි වැඩපිළිවෙළක් අද අපේ රටේ නැහැ. හැබැයි අපේ තාත්තට ඒ වැඩපිළිවෙළ තිබුණා. අපේ රටේ සාමාන්‍ය ජනතාව වැටිලා ඉන්න ආර්ථික සමාජයීය ප්‍රපාතයෙන් ගොඩ අරගෙන ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරන්න පුළුවන් නිවැරැදි ප්‍රතිපත්ති ආර්. ප්‍රේමදාස මහත්මයා සතුව තිබ්බා. රාජ්‍ය සම්පත් මනුෂ්‍යයාගේ ඕනෑ එපාකම් සුබසිද්ධි උදෙසා මීට වඩා වැඩි ප්‍රතිශතයකින් කැප කරන්න එතුමට පුළුවන් වුණා. එතුමා ජීවත් වුණා නම් ඒක අදටත් තියෙයි.
මම කියන්න හදන වැදගත්ම කතාව මේක නොවේ. අපේ තාත්තා එදා ඝාතනය නොවුණ නම් මේ හැම දේකටම වඩා අපේ තාත්තගේ වටිනාකම තියෙන්නේ පක්‍ෂයට, ඒ කිව්වේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට. එදා අවාසනාවන්ත සිද්ධියට තාත්තා මුහුණ නොදුන්න නම් එ.ජා.ප.ය කවදාවත් පරදින්නේ නැහැ. 77 ඉඳලා නොකඩවා අරගෙන ආපු බලය 94දී බිඳ වැටෙන්නේ නැහැ. ඒ බලය 2014දීත් සමහරවිට තියෙයි. ඒක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.”
අනුරාධ සැමුවෙල්

A kale konde bandapu minissu hitiyata den nam neth thatama netuwa wagei penen ne. A hinda monawawath wenne neha.
ReplyDelete